එම කාන්තාව එක්තරා පිළිගත් වෙළෙඳ ආයතනයකට ආවේ තමන්ට සහල් කිලෝ 15ක් මිලදී ගැනිමටය. එහෙත් එක් අයකුට සහල් කිලෝ 05 බැගින් නිකුත් කිරීමට කළමනාකාරිත්වය වෙළෙඳ සේවක තරුණයාට උපදෙස් දී තිබිණි.
මේ බව නොදත් කාන්තාව ‘මට හාල් කිලෝ පහළොවක් දෙන්නැයි’ කීවාය. ‘එක්කෙනාට පහයි දෙන්නේ’ තරුණයා කීය.
‘ආ ඒකත් එහෙමද? යැයි කී කාන්තාව වෙළෙද සලෙන් එළියට විත් ඒ අසල සිටි වෙනත් තරුණයන් දෙදෙනකුට කතා කොට තමන්ට සහල් කිලෝ පහ බැගින් මිලදීගැනීමට ඉදිරිපත් වන ලෙස කීවාය.
ඒ අනුව තරුණයන් දෙදෙනාද සමග යළිත් වෙළෙද සැලට ගිය කාන්තාව
‘මට පහයි! මෙයාට පහයි! මෙයාට පහයි!’ කියා මුදල් ගෙවීමට සූදානම් වුවත් වෙළෙඳ සේවකයා ඊට හරස්විය.
‘එහෙම බෑ ඇන්ටි මේ ඔක්කොම හාල් ඔයාටමනේ බෑ....බෑ...මට ඉහළින් උපදෙස් දීලා තියෙන්නේ එක්කෙනාට පහ බැගින් දෙන්න කියලා’යැයි කීවේය. ඇය තරුණයාට දෝෂාරෝපණය කොට නික්ම ගියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මොකද ඒ ..,හාල් කිලෝ 15ක් ගන්න බැරි ...?අනේ දෙයියනේ ආයෙමත් කෙහෙල් අල වේලන්න වේවිද...? (නදී)
මේවා විශේෂ අඩු මිලකට දෙන ඒවා. එම නිසයි මෙම සීමා කිරීම. කාටත් අවස්ථාවක් දෙන්න ඕනා.නැතිනම් එහා කඩේ මුදලාලිය මේ සහල් ටික ගෙන ගොස් වැඩි ගානට දේවි. (නදී)
මට ඒ වෙළෙන්දා ගැනයි ප්‍රශ්නේ තියෙන්නේ (දී)
මරුවැඩේ නේද (අ)
බන්දු ඔහෙට පිස්සු. කොහේ සතොසේද අඩුවට දෙන්නේ. මම මේ ලගදි තොග කඩේ හාල් නැතුව ගියා සතොසට. මම මාසෙට බඩු ගන්නේ එකපාර. සතොසේ දෙන්නේ කිලෝ 5 යි කියා මට කීවා. හාල් ගන්න ටිකක් වෙලා යනවා කියලා. මම හිටියා පැය බාගයක් පමණ. පසුව කිව්වා අද හාල් දෙන්නේ නැ කියලා. තව දෙයක් තියනවා සතොසේ තියෙන බඩු මිල වැඩියි. තොග කඩේ කඩේ සබන් කැටයක මිලෙන් රුපියල් 4 පමණ මිල අඩුවට දෙන්නේ. සෑම බඩුවක් එහෙමයි. සියලු දෙනා යන්න තොග කඩේට.(නදී)
ලංකාවේ හාල් ඕන තරම් තියෙනවානේ. (නදී)
මාත් අහන්නේ එක් අයෙකුට හාල් කිලෝ 15 වක් නොදෙන හේතුවක් තියනවාද.? අහලා තියෙනවා ඉස්සර එහෙම නීතියක් තිබුණා කියලා.මේකත් ඊට සමාන දෙයක්ද.? නැතිනම් එම වෙළද ආයතනයට විතරක් සිමා උන දෙයක් වෙන්න පුලුවන් මන් හිතන්නේ. (දී)
සල්ලි දෙනවානම් මොකද දෙන්න බැරි (දී)
ඇත්තම කතාව මෙහෙම දේවල් ඉස්සරනම් තිබ්බා නමුත් දැන් නැහැ (දී)
තව මනුස්සක් ඉල්ලුවොත් දෙන්න තියා ගත්තා වෙන්න ඇති(දී)
රන්ජිත් ශ්‍රී ලංකා, ලෝකයේ කිසිම රටක් ආහාර පාලනයකට ලක් කරලා දියුණු වෙලා නැහැ. ආනයනික සුඛෝපභෝගී ආහාර පාලනය කරන එක අනුමත කළහැකි උනත් අත්‍යාවශ්‍ය ආහාර දැඩි සීමාවකට යටත් කිරීමේ ප්‍රතිඵලය 1977 දී අපි කව්රුත් දැක්කනේ. සියලුම දේ කරන්නේ බඩ පුරවා ගන්නයි. (නදී)
ආයෙත් 1970 - 1977 කාලය වගේ ඇවිල්ලද ? (දිල්)
බන්දු, ඔබ නිවැරදි ලෙස පැහැදිලි කිරීම ඉදිරිපත් කිරීම ගැන සතුටු වෙමු.(නදී)
මේවා පුන පුනා කථා කරන්න දේකුත් නොවේ.(නදී)
ඇයි ලංකාවේ එකවර හාල් කිලෝ 15ක් ගන්න බැරිද? (ත)
"ආයෙත් 1970 - 1977 කාලය වගේ ඇවිල්ලද ?" නැහැ මේවා විශේෂ අඩු මිලකට දෙන ඒවා එම නිසයි මෙම සීමා කිරීම. කාටත් අවස්ථාවක් දෙන්න නැතිනම් එහා කඩේ මුදලාලිය මේ සහල් ටික ගෙන ගොස් වැඩි ගානට දේවි. (අ)
මිනිසුන්ගේ ආකල්පත් වෙනස් විය යුතුයි (දිල්)
ලංකාවේ වී අලෙවි මණ්ඩල ගබඩාවල හාල් පුස්කමින් තිබෙද්දී මේ මොකද කරන්නේ ? හාල් වලටත් දඹුල්ලේ එළවලු වලට හැදිච ලෙඩේ හැදිලද?(දිල්)
සෑම් ඒක හරියට කලානම් අද ලංකාව ගොඩ. බඩ ගැන හිතපු නිසා අදත් අපි පාන් පිටි නැව් එනකම් බලන් ඉන්නවා (දී)
ආයෙත් හාල් පොල්ල...මිරිස් පොල්ල කාලයට අපි ඇවිත්ද? (දිල්)
77 න් ඉස්සර නම් හාල් සේරු 2 කට වඩා පාරේ ගෙනයාමත් වරදක් බව අලුත් පරම්පරාව දන්නේ නැහැ. අඟහරුවාදා සහ සිකුරාදා කඩේක බත් උයලා අහු උනොත් උසාවි යන්න වෙනවා , උදේට පාන් ගන්න පාන් කාඩ් එක අරන් ගිහින් දිනයට අදාළ කොටුවේ කතිරයක් ගහලා වැඩිහිටියෙකුට පාන් බාගයකුත් ළමයෙකුට පාන් කාලකුත් ගත්ත බව බොහෝ අයට අමතකයි. (දී)
මේ සේවකයාට ස්ථානෝචිත නුවන නෑ මේ සිද්දිය (නෝනා තව දෙන්නෙක් අරගෙන හාල් කිලෝ 15ක් ගන්න ආ බව )තමන්ගේ පරිපාලකයාට දන්වන්නයි තිබුනේ (දී)