IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


හොල්මනට බියවූ මිතුරන් දෙදෙනා එළිවෙනතුරු සක්මනේ

(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
බීමතින් සිටි මිතුරන් දෙදෙනකු මාරුවෙන් මාරුවට රෑ එළිවෙනතුරු දෙදෙනාගේ නිවෙස්වලට සක්මනේ ගිය සිද්ධියක් ගම්බද ප්‍රදේශයකින් වාර්තා වේ.


සිද්ධිය මෙසේය.


ඔහු වඩු කර්මාන්තයේ යෙදෙන අතර, ඔහුගේ මිතුරා ඔහුගේ අත්උදව්වට සිටින්නේය. ඔවුන් වැඩ අවසන් කර දිනපතා මත්පැන් පානය කරන අතර, වේලාසනින් මත්පැන් පානය කර නිවසට යන්නේ හොල්මන්වලට ඇති බය නිසාය.


දෙදෙනා අධ්‍යාපනයක් ලබා නැති අතර, ගමේ අය පවසන්නේ නෝන්ජල් පුද්ගලයන් දෙදෙනකු බවය. සිය මිතුරාගේ නිවසට යාමට ඇත්තේ කනත්තක් අසලින් නිසා ඔහු රාත්‍රී ගමන් යන්නේ නැති අතර. මොනම හේතුවක් නිසාවත් රාත්‍රියේ ගෙදරින් පිට වන්නේ ද නැත. මෙදින ඔවුන් මත්පැන් පානය කර ඇති අතර, වෙරි මතින් සූර් වූ නිසා ඔවුන්ට කාලය ගත වන බවක් වැටහී නැත. රෑ බෝ වූ නිසා මිතුරා පවසා ඇත්තේ තමන්ට කෙසේවත් තනිවම ගෙදර යාමට නොහැකි බවය.


පසුව ඔහු මිතුරා නිවසට ඇරලවීමට ගොස් ඇති අතර, ඔහු මිතුරාට පවසා ඇත්තේ තමන්ට ද නැවත යාමට බිය බවත්, තමන් මගට හෝ රැගෙන යන ලෙසත්ය. මිතුරා පිළිබඳව දුක සිතුණ ඔහු නැවත මගට රැගෙන ගිය විට මිතුරා පවසා ඇත්තේ තමන්ට නැවත තනියම ගෙදර යා නොහැකි බවය.


කෙසේ වෙතත් මිතුරන් දෙදෙනා මාරුවෙන් මාරුවට දෙදෙනාගේම නිවෙස්වලට සක්මන් කර ඇත. වෙරි හිඳී අවසන් වන විට පාන්දර වී තිබේ.


එදින නිවාඩු දැමූ මිතුරන් දෙදෙනා දහවල් නින්දට වැටී ඇත්තේ යළි කිසි දිනෙක රාත්‍රියේ මත්පැන් පානය නොකරන බවට එකිනෙකාට පොරොන්දු වෙමිනි.



අදහස් (0)

හොල්මනට බියවූ මිතුරන් දෙදෙනා එළිවෙනතුරු සක්මනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 184 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 506 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 535 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 674 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 669 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1098 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 558 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 302 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 453 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site