(දුනගහ බටේපොල විජයසිරි)
අලූතෙන් නිවෙසක් ඉදිකරමින් සිටිය දී මේසන්බාස්ලා දින කීපයකට වෙනත් වැඩකට යාමට සූදානම් වූහ.
ගෙහිමියා එයට අකමැති විය. ‘‘බාස් උන්නැහෙලා වැඬේ ටිකක් එකලාසයක් කරලාවත් ගියා නම් හොදනේ’’ පැවැසීය. ‘‘එකලාසයක් කරනවා කීවේ කොහොමද?’’ බාස් උන්නැහේ ඇසීය. ‘‘බාස් උන්නැහේ අඩු තරමින් පිටිපස්සේ හුළං කවුළුව හයි කරලවත් යන්නකෝ’’ ගෙහිමියා කීය. ‘‘හුළං කවුළුව... ඒ මොකක්ද?’’ බාස් උන්නැහේ විමසීය.’’
‘‘ඇයි අනේ අර නාන කාමරේට එහයින් හුළං කවුළුව’’ ඒක සවි කරමු. ‘‘හුළං කවුළුව’’ ප‍්‍රධාන මේසන් බාස් යළි විමසීමක් කළේය.
‘‘ඔව්... ඕයි පෑන්ලයිට් එක’’ ‘‘පෑන්ලයිට් එකද? හරි හරි හයි කරල දෙන්නම්. ඉංගිරිස් නැතුව අන්න එහෙම සිංහලෙන් කියන්නකෝ’’ ප‍්‍රධාන බාස් උන්නැහේ ගෙහිමියාට කීය.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හුළං කවුළුව දන්නවැයි කී බාස් ෆෑන් ලයිට් එක අඳුරගෙන
කුමුදිනි වත්සලා Tuesday, 02 December 2014 08:12 AM
අපේ අධ්‍යාපනය කාපු තරම තමයි ඔය (නදී)
විල්බට් Friday, 28 November 2014 03:52 AM
මේක තමයි දියුනුව කියන්නේ (නදී)
දුම්මලසූරිය Friday, 28 November 2014 08:26 AM
අපේ බස මැරීම ගැන රටේ සෑම පුද්ගලයෙක්ම ලොකු පොඩි වශයෙන් වගකියන්න ඕනෑ (නි)
බේබි Saturday, 29 November 2014 06:11 PM
මන් අපේ මමිටත් ඩැඩාටත් ඔය ටිකම කිව්වා. කියන දේ අහන්නෙම නෑ නෝටි මමී ඩැඩා (ස)
නලීන් Monday, 01 December 2014 04:35 AM
දිලීප , කසුන් කී දේ යළිත් කියවන්න. මේවා තමයි අද පත්තරවල දාන්න ඕනෑ. ලංකාදීපය මේවා පළකරන්නේ නිකන් හිනාවෙන්න නොවෙයි. මේ කතා ඇතුළේ තියෙන්නේ සිංහල අපේ කඳුළු බින්දු. (නි)
ධනංජය Saturday, 29 November 2014 06:56 AM
ඔව් මෙන්න පත්තරෙත් දාලා (නදී)
දිලීප Friday, 28 November 2014 08:53 PM
ඕකත් පත්තරේ දාන්න ඕනද? (ස)
අශෝක Friday, 28 November 2014 08:53 PM
කොහොමත් තව වසර 30 ක් 40 ක් යනකොට සිංහල කතා කරන්න පුළුවන් කෙනෙක්ව හොයන්න වෙන්නේ පිටරටකින් තමයි. (නි)
නිසාර් Sunday, 30 November 2014 07:19 AM
ට්‍රිප් සුවිච්, මේන් සුවිච්, අර්ත් වයර්, ප්ලග්, ග්‍රයින්ඩර්, ඇන්ටනා, හීටර් වගේ දේවලුත් බාස් උන්නැහේට ගෙහිමියාගෙන් අහගන්න තිබුණා. (නි)
කසුන් ධර්මවංශ Saturday, 29 November 2014 09:34 AM
තමන්ගේ රටේ තමන්ගේ මව් භාෂාව අදුරන්නේ නැති මිනිස්සු...මේකට අපේ රටේ අධ්‍යාපන ක්‍රමයත් වග කියන්න ඕන...ඒ වගේම සිංහල මිනිසුන් තුල තිබෙන ආකල්ප තුල පවා වෙනසක් සිදු කරන්න ඕන...ඉංග්‍රීසි ඉගෙනීම වටිනවා.. නමුත් හැමදේටම පෙර තමන්ගේ මව් භාෂාව හරියට ඉගෙන ගත යුතු වෙනවා. (හේ)
උදාරත් Friday, 28 November 2014 10:44 AM
ගෙයක් හදන්න විදින වදයක්. (ර)