(දුනගහ බටේපොල විජයසිරි)
අලූතෙන් නිවෙසක් ඉදිකරමින් සිටිය දී මේසන්බාස්ලා දින කීපයකට වෙනත් වැඩකට යාමට සූදානම් වූහ.
ගෙහිමියා එයට අකමැති විය. ‘‘බාස් උන්නැහෙලා වැඬේ ටිකක් එකලාසයක් කරලාවත් ගියා නම් හොදනේ’’ පැවැසීය. ‘‘එකලාසයක් කරනවා කීවේ කොහොමද?’’ බාස් උන්නැහේ ඇසීය. ‘‘බාස් උන්නැහේ අඩු තරමින් පිටිපස්සේ හුළං කවුළුව හයි කරලවත් යන්නකෝ’’ ගෙහිමියා කීය. ‘‘හුළං කවුළුව... ඒ මොකක්ද?’’ බාස් උන්නැහේ විමසීය.’’
‘‘ඇයි අනේ අර නාන කාමරේට එහයින් හුළං කවුළුව’’ ඒක සවි කරමු. ‘‘හුළං කවුළුව’’ ප‍්‍රධාන මේසන් බාස් යළි විමසීමක් කළේය.
‘‘ඔව්... ඕයි පෑන්ලයිට් එක’’ ‘‘පෑන්ලයිට් එකද? හරි හරි හයි කරල දෙන්නම්. ඉංගිරිස් නැතුව අන්න එහෙම සිංහලෙන් කියන්නකෝ’’ ප‍්‍රධාන බාස් උන්නැහේ ගෙහිමියාට කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි දියුනුව කියන්නේ (නදී)
අපේ බස මැරීම ගැන රටේ සෑම පුද්ගලයෙක්ම ලොකු පොඩි වශයෙන් වගකියන්න ඕනෑ (නි)
ගෙයක් හදන්න විදින වදයක්. (ර)
ඕකත් පත්තරේ දාන්න ඕනද? (ස)
කොහොමත් තව වසර 30 ක් 40 ක් යනකොට සිංහල කතා කරන්න පුළුවන් කෙනෙක්ව හොයන්න වෙන්නේ පිටරටකින් තමයි. (නි)
ඔව් මෙන්න පත්තරෙත් දාලා (නදී)
තමන්ගේ රටේ තමන්ගේ මව් භාෂාව අදුරන්නේ නැති මිනිස්සු...මේකට අපේ රටේ අධ්‍යාපන ක්‍රමයත් වග කියන්න ඕන...ඒ වගේම සිංහල මිනිසුන් තුල තිබෙන ආකල්ප තුල පවා වෙනසක් සිදු කරන්න ඕන...ඉංග්‍රීසි ඉගෙනීම වටිනවා.. නමුත් හැමදේටම පෙර තමන්ගේ මව් භාෂාව හරියට ඉගෙන ගත යුතු වෙනවා. (හේ)
මන් අපේ මමිටත් ඩැඩාටත් ඔය ටිකම කිව්වා. කියන දේ අහන්නෙම නෑ නෝටි මමී ඩැඩා (ස)
ට්‍රිප් සුවිච්, මේන් සුවිච්, අර්ත් වයර්, ප්ලග්, ග්‍රයින්ඩර්, ඇන්ටනා, හීටර් වගේ දේවලුත් බාස් උන්නැහේට ගෙහිමියාගෙන් අහගන්න තිබුණා. (නි)
දිලීප , කසුන් කී දේ යළිත් කියවන්න. මේවා තමයි අද පත්තරවල දාන්න ඕනෑ. ලංකාදීපය මේවා පළකරන්නේ නිකන් හිනාවෙන්න නොවෙයි. මේ කතා ඇතුළේ තියෙන්නේ සිංහල අපේ කඳුළු බින්දු. (නි)
අපේ අධ්‍යාපනය කාපු තරම තමයි ඔය (නදී)