(කරන්දෙණිය එම්. සුසිල් ප‍්‍රියන්ත)
කළුවරේ ළිඳ ළඟ හඹුරුගාලේ සිට බැල්ම දමමින් සිටියදී අනපේක්ෂිතව එල්ල වූ උණුවතුර ප‍්‍රහාරයෙන් බැල්ම හෙළුවේ කවුද යන්න හෙළිවූ පුවතක් දකුණු පළාතේ දුෂ්කර ගම්මානයකින් වාර්තාවේ.
ඇය නගරයේ ඇඟලූම් කර්මාන්ත ශාලාවක සේවිකාවකි. දවසේ වැඩමුරය හමාර වී ඇය නිවසට පැමිණෙනුයේ රාත‍්‍රී 7ත් 8ත් අතර කාල පරාසයක් තුළය. වැඩ අහවර වී කළුවරේම පැමිණෙන ඇය මුළුතැන්ගෙය ආසන්නයේ ඇති ළිඳ ළඟට යනුයේ එක්කෝ දිය නාගන්නය. නැතහොත් ඇඟපත සෝදාගන්නටය. නිවසේ ළිඳ පැත්තට වන්නට විදුලි බුබුළුක් තිබුණ ද ඇඟපත සෝදා ගැනීමට ළිඳ ළඟට ගිය විට එම විදුලි බුබුල දල්වන්නේ නැත.
එදා ද ඇය වැඩ ඇරී නිවසට පැමිණියේ කළුවරේමය. සුපුරුදු පරිදි එදාත් ඇය මුළුතැන්ගෙයි ආසන්නයේ තිබූ ළිඳට කළුවරේම ගියේ ඇඟ සෝදාගන්නටය. ළිඳේ වතුර බැස ගියේ ළිඳ ආසන්නයේ ඉතා සරුවට වැවී තිබූ හඹුරු ගාලකටය. ඕනෑම කෙනකුට පිටතට නොපෙනෙන සේ එම හඹුරුගාලේ රාත‍්‍රී කාලයට පමණක් නොව දිවා කාලයට ද හැංගී සිටිය හැකිය. ඒ තරමටම හඹුරු ගස් වැඞී තිබුණි.
එදා රාත‍්‍රියේ ඇයගේ මව රාත‍්‍රී කෑම පිළියෙළ කරමින් සිටියාය. ඇය උණුවතුර ලොකු මැටි කෝප්පයට දමා මුළුතැන්ගෙයි ආසන්නයේ තිබූ හඹුරුගාලට විසි කළාය. ඒ සමගම බුදුඅම්මෝ මං ඉවරයි කියමින් මරලතෝනි දෙමින් හඹුරුගාල ද පොඩිකර ගෙන කෙනෙක් දිවගියේය.
දිවගිය කෙනා කවුද යන්න විදුලි බුබුළු දමා සෙව්ව ද එදා රාත‍්‍රී සොයාගැනීමට නොහැකි වුවත් උණුවතුර වැටී සමේ පිළිස්සුම් තුවාල ඇතිවූ ගමේ කෙනා කවුද යන්න ඊට පසුදින ගමේ අයට සොයා ගැනීමට හැකිවිය. ඒ සමගම මෙතෙක් කලක් රාත‍්‍රී කාලයේ ගමේ ළිං ළඟ බැල්ම දැමූ කෙනා කවුද යන්න හෙළිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරෙන් බලන එක බැලෙන කෙනාට හා සමාජයට කැත පහත් තුච්ච වැඩක්. හැබැයි බලන කෙනාට විනෝදජනක ආශ්වාදනීය වැඩක්(නදී)
සරණ බලාගෙනයි උණු වතුර පාරක් ලැබුනොත් වස ලැජ්ජාවයි වෙන්නේ (අ)
සරණත් එහෙනම් ඇහැට කෑම දීල වගෙයි නේද ? (නදී)
මේක ඉතින් අනාධිමත් කාලයක සිට ලංකාවේ සමහර පිරිමින්ට ආවේනික ලෙඩක් නොව. පිරිමි කමක් කියලා දෙයක් නැති නිසානේ හොරෙන් හැංගි හැංගි බවලතුන් නාන දිහා බලන්නේ. (නදී)
කාන්ති එහෙම කියන්න එපා. හොරෙන් බලන්නෙ ගුටි කන්න වෙන නිසයි. අනික මේක ලංකාවෙ විතරක් වෙන දෙයක් නෙමෙයි. හැම රටකම තියෙනව. ලංකාවෙනම් ආගමෙන් දහමෙන් ලබපු විනයත් එක්ක සාපේක්ෂව අඩුයි. (අ)
පුංචි මානසික රෝගයක් (අ)
දැන් දකුණු පළාතේ දුෂ්කර ගම්මාන නැහැනේ (නදී)
සරත් ඔයාටත් මේ ලෙඩේ තියෙන පාටයි (අ)
මම නම් වෙන කිසිම රටක මේ ලජ්ජා නැති වැඩේ තියනවා කියලා අහල නැහැ. මේක මේ ලංකාවේ සමහර පිරිමින්ගේ ජානවල තැන්පත් වෙච්ච කරුම මානසික ලෙඩක් ද කොහෙද (නදී)
උණු වතුර පාර කාල තියෙන්නේ සරණ වගේ! (නදී)
සරණ,ඔයා වගේ මානසික ලෙඩ්ඩු ඉන්නේ ලංකාවෙයි ඉන්දියාවෙයි විතරයි. දියුණු රටවල් වල බුද්ධිමත් මිනිසුන් බහුලයි. ඒ මිනිසුන් ඔවැනි පහත් වැඩ කරනවා අඩුයි. (නි)
හොඳ වැඩේ! (නි)
නිසි වයසට බදින්න ලැබෙන්නේ නැහැ සමාජ ආර්ථික ප්‍රශ්න නිසා එක්කෝ බැදපු කෙනාගෙන් යුතුකම් හරියට ඉටු වෙන්නේ නැහැ .මිනිස්සු මේ වගේ ප්‍රයෝජනයක් නැති දේවල් අවදානමක් අරන් කරනවා අනුකම්පා කරන්න (ම)
කාන්තාවකගේ ශරීරය කියන්නේ හැම පිරිමියෙකුටම නරඹන්න පුළුවන් ප්‍රදර්ශන භාණ්ඩයක් නෙමෙයි කියලා මතක තියාගත්තොත් හොඳයි. (නි)
ආදි කාලේ කිව්වේ ලස්සන ගැහැණියගේ ශරීරය ගමටම අයිතියි කියලයි.(ම)
අනේ අම්මපා නියම දඬුවම! (නි)