හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
එක් දරුවකුගේ නිකටට තුවාල සිදුවන ලෙස සහ තවත් සිසුන් දහඅට දෙනකුගේ රැවුල් එකම රේසරයකින් කපා රැවුල නොකපා පාසලට පැමිණි සිසුන් පිරිසකට අපූරු දඬුවමක් ලබා දුන් ප්‍රසිද්ධ ජාතික පාසලක් පිළිබඳව දකුණු පළාතේ නගරයකින් වාර්තාවේ.
නගරයේ දැඩි ප්‍රසිද්ධියක් උසුලන මෙම පාසලේ දොළහ වසරෙහි ඉගෙනුම ලබන සිසුන් දහඅට දෙනකු රැවුල් කපා නොමැති බවට විනය භාර ගුරුවරයාට නිරීක්ෂණය වී ඇත.
ඔවුන් සියලු දෙනා කැඳවා එක් රේසරයක් භාවිතා කරමින් සියලුම දෙනාගේ රැවුල් කපා ඇති බව පැවසේ.
එලෙස සිදු කිරීමේදී කුඩා කාලයේදී නිකටේ සැත්කමක් සිදුකළ එක් සිසුවකුගේ සැත්කම සිදුකර ඇති ස්ථානයේ නිකට කැපී තුවාල වී ඇති අතර මෙලෙස තුවාල වී ඇත්තේ සැත්කමක සිදුකළ එහි කැළලට බව ළමයා වෛද්‍යවරයාට පෙන්නූ පසු අනාවරණය වී තිබේ.
එම ළමයින් දහඅට දෙනාම ඒඩ්ස් නිවාරණ ප්‍රතිකාර කටයුතු සඳහා යොමු කරන ලෙස ළමයාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා උපදෙස් දී ඇති අතර ඔවුන් දහඅට දෙනාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු පිරිසක් පාසලට යාමට නියමිත බව පැවසේ.
ළමයින්ට දඬුවමක් ලබාදීම පිළිබඳව මව්පියන් අකැමැත්තක් සහ විරෝධයක් පළ නොකරන අතර රැවුල් සහ කොණ්ඩා කැපීමේදී එක් පුද්ගලයකුට එක් තලයක් පමණක් භාවිත කරන ලෙස පනවා ඇති සෞඛ්‍ය නීතිය උල්ලංඝනය පිළිබඳව මව්පියන් පොලිසියට පැමිණිලි කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ළමයින්ගේ රැවුලෙන් ඉස්කෝලෙට පාඩමක්
Jayalal tharanga. Thursday, 21 December 2023 01:33 PM
මෙයා ගුරුවරයෙක් නෙමෙයි. මූලික සෞඛ්‍ය දැනුමවත් නැති කෙනෙක්...!
pakeer Thursday, 21 December 2023 11:03 PM
මේ වගේ බූරුවෝ ඉස්කෝල වලට ආවම මරු .මම කවදාවත් මගේ පුතාගේ කොන්ඩේ කපන්න ගියාමවත් ....රේසර් එකකින් වත් දැලි පිහියකින් වත් කාන්න දෙන්නේ නැහැ .මේ යකා බූරුවෙක් .මෝඩ මූසලයෙක්
Wednesday, 27 December 2023 08:09 PM
එයාලගේ අම්මලා, තාත්තලා හරියට ළමයි ස්කෝලෙට එව්වා නම් ස්කෝලේ අයට බාබර්ගේ වැඩ කරන්න ඕනෙ නෑනේ..!