බඩඉරිඟු හේනක පැලක් තුළ රාත්‍රි කාලයේ සිදුවුණු ප්‍රේම ජවනිකාවක දෙබස් තොගයක් ජංගම දුරකතනයකින් රහසේ පටිගත කිරීම හේතුවෙන් දරු තිදෙනකු සිටින මනමාල පියකුගේ පටි රෝල් වූ පුවතක් කැබිතිගොල්ලෑවත්, පදවියත් අතර ගම්මානයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
ඔහු දරු තිදෙනකුගේ පියෙකි. සිවිල් ආරක්ෂක භටයෙකි. වයසට වඩා තරුණ පෙනුමක් ඇති උපන්ගෙයි මනමාලයෙකි. ගොවිතැනට ද දක්ෂයෙකි. මෙවර ඔහුගේ බඩ ඉරිඟු හේන සරුසාරව වැවී තිබුණි.
මෙදා රාත්‍රි පැල් රැකීමට ඔහු නිවෙසින් පිටව යන්නේ වෙනදා නැති උද්දාමයකින් බව බිරියට ඉවෙන් මෙන් වැටහී තිබුණි. බිරිය සමග වැඩි අල්ලාප සල්ලාප නොපැවැත්වීමට ඔහු වග බලා ගෙන ඇති බව බිරිය දැන සිටියාය.
සැමියාට හොස්ස ළඟින් මැස්සා යන්න බැරි තරමට නිතර කේන්ති ගියේය. තම සැමියා කොහේ හරි ‘‘සක්කර වට්ටමක්’’ සමග පැටලී ඇතැයි ඇය අනුමාන කළාය.
සැමියාගේ මේ ‘‘වෙනස’’ සහ ‘‘හොරය’’ කෙසේ හෝ සොයා ගන්නවා යැයි කල්පනා කළ බිරිය ඒ සඳහා අපූරු උපක්‍රමයක් යෙදුවාය. ඇය සැමියා නොමැති දවල් කාලයේ පැලට ගොඩ වී සැලසුම ක්‍රියාත්මක කොට පැලෙන් බිමට බැස ගෙදර ගියාය.
සුපුරුදු පරිදි සැමියා වෙනදා මෙන්ම මහත් උජාරුවෙන් රාත්‍රි කාලයේ පැල කරා ගමන් කළේය.
පසුදා උදෑසන සැමියා නිවෙසට පැමිණ දත කට මැද, කහට තේ කෝප්පයක් බී දහවල් රැකියාවට යෑමට ලක ලෑස්ති වෙද්දී, ගෙවත්ත ආසන්නයේ තිබුණු බඩ ඉරිඟු හේනේ පැළ වෙත බිරිය ලහි ලහියේම දිව ගොස් නැවත නිවෙසට පැමිණියාය. ඇය දරු තිදෙනාටම සාලය මැදට කතා කළාය. සැමියාට ද එතැනට අඬ ගැසූ බිරිය එදින රාත්‍රියේ පැල තුළ පිදුරු වහලයේ තමා සඟවා තිබූ ජංගම දුරකතනය ක්‍රියාත්මක කළාය.
ජංගම දුරකතනයේ එහා කෙළවරින් ඇසුණේ ඔවුන් හොඳින් හඳුනන අල්ලපු ගමේ තවත් දරු තිදෙනකුගේ මවකගේ කටහඬකි.
සැමියාගේත් අනියම් බිරියගේත් අමන්දානන්දයට පත්වන අපූරු දෙබස් ඛණ්ඩ සහිත ප්‍රේම ජවනිකාව සහ සිනා හඬ සහ ඔවුන්ගේ ඉදිරි සැලසුම් සාලය මැද දරු තුන් දෙනා සහ බිරිය අභිමුව මෙලෙස දිග හැරෙද්දී, මනමාල පියාගේ රෙදි ගැලවුණේය.
පැය කීපයකට පසු කාන්තාවන් දෙදෙනා කෙහෙවලු පටලවා ගෙන ඊළඟට නැවතුණේ ඉස්පිරිතාලයේ ය. ඊටත් පසුව පොලිසියේය. ඊළඟට උසාවියේය.
මේ අතර මනමාල සැමියා ‘‘ස්පෙෂල් ඩියුටි’’ හදාගෙන කොළඹට පැන්නේය.
සියල්ල සන්සුන් වී ඇතත්, සිවිල් ආරක්ෂක පියා පාරේ ගමන් කරනවිට කොල්ලො කුරුට්ටන් ඔහුට ඇසෙන්නට ‘‘ඔබෙ දුරකතනයේ අංකය මතකද එහෙනම් කතා කරන්න’’ යන ගීතය ගායනා කර මනාල පියා අවුස්සා ගන්නවලු.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ෆෝන් එකෙන් ‘චූන්වෙලා’ නෝනා හොරේ අල්ලාගෙන