(කොටපොල - කේ. ප‍්‍රදීප් නිරෝෂන්)
ඔහු දකුණු පළාතේ තරුණයෙකි. වෙනත් පළාතක තරුණියක් සමග පේ‍්‍රම සම්බන්ධයක් පවත්වාගෙන යයි. ඔවුහු නිතර දුරකථනයෙන් රණ්ඩු සරුවල් කරගත්හ. එයට හේතුව පෙම්වතාට පෙම්වතිය ගැන පැවති සැක සංකාවන්ය. පසුගිය දිනක ඇතිවූ ප‍්‍රශ්නයක් මත පෙම්වතා ඇයට හොඳටම බැනවදින්නට විය. එවන් මොහොතට පෙම්වතාගේ මව සමග ඔහු බැන වැදුණු ආකාරය දුරකථනය ඔස්සේ පැවසීමට පෙම්වතිය පුරුදුවී සිටියාය. ඒ බව දන්නා පෙම්වතා සිය මවගේ දුරකථනය ද විසන්ධි කරවීය.
මාසයක් පමණ ගතවිය. ඇය කොතරම් දුරකතන ඇමතුම් ලබාගත්ත ද ඔහුගෙන් ආමන්ත‍්‍රණයක් ලැබුණේ නැත. එය ඇයට දරාගැනීමට අපහසු විය. පෙම්වතාගේ අසල්වාසී නිවෙසකට දුරකථන ඇමතුමක් ලබාදී සිය පෙම්වතාගේ මව අමතා ”අම්මේ මම දැන් ඔය ගෙදරට එනවා. ඇවිත් වසබීලා අරයා ඉස්සරහම මැරෙනවා” යනුවෙන් පැවසුවාය. ඒ බව මව විසින් පුතාට පැවසීමෙන් පසු ඔහු ද කලබල විය.
පෙම්වතිය සිය මාපියන්ට ලිපියක් ද ලියා තබා පෙම්වතාගේ නිවෙස වෙත බසයෙන් ගමන් කරන විට ඇයට පෙම්වතාගෙන් ඇමතුම් ගලා එන්නට විය. එවන් අනුවන ක‍්‍රියාවක් නොකරන ලෙසත් ඔහු ඇය සොයා පැමිණෙන බව ද කියා සිටියේය. පෙම්වතාගේ මව ද කලබලවී ත‍්‍රිරෝද රථයක් රැුගෙන අසල්වාසී කාන්තාවක් සමග ඇය එන මග සොයා ගමන් කළහ. ඔවුන් මග එන බව දැනගත් පෙම්වතිය බසයෙන් බැස අසල තිබූ කඩයෙන් ඇයට අවශ්‍ය දෑ මිලදී ගන්නට විය. එම මොහොතේ ඇය සොයා පැමිණි පෙම්වතා කඩය අසල සිටි ඇය ද යතුරුපැදියට නංවාගෙන තම නිවෙස වෙත ගමන් කළාය. ඒ බව දැනගත් මව ද විපත්තියක් සිදුවේ යැයි බියෙන් ඉක්මණින් ආපසු නිවෙස වෙත පැමිණියාය.
පුතුගේ පෙම්වතියගේ දුරකතන ඇමතුමෙන් කලබලයට පත්ව සිටි මව සිය පුතුගේ පෙම්වතිය අතෙහි වූ බෑගය උදුරාගෙන වස බෝතලය සොයන්නට විය. එහෙත් බෑගයෙහි වස බෝතලයක් නොතිබුණි. හමු වූයේ ෆේස් වොෂ් බෝතලයකි. ඒ බව විමසීමේ දී දැනගන්නට ලැබුණේ ඇය කඩයට ගොස් ඇත්තේ වස බෝතලයක් මිලදී ගැනීමට නොව ෆේස් වොෂ් බෝතලයක් මිලදී ගැනීමට බවය. සිදුවූ දේ ගැන ඇය තවමත් ලැජ්ජාවෙන් පසුවෙනවාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කවුද ලැජ්ජාවෙන් ඉන්නේ?මවද? පෙම්වතියද? (නි)
වස බීලා දිවි නසාගන්න ඕනෑ නම් ඔයතරම් කරදර වෙන්න ඕනෑ නැහැනේ. මේකත් ඉතින් මායම් හැටහතරෙන් එකක් වෙන්න ඇති (නි)
මාර විහිළු කතාවක් . හරි හිනා . හික් හික් හික් (දී)
පොඩි රසයකුත් තියෙනවා මේ කතාවේ (දී)
විවාහවෙන්නත් කලින් මෙහෙම රණ්ඩුකරනවානම් බැන්දටපස්සේ මේ යුවල මරාගනී.සැකය තරම් වයිරසයක් තවත් නොමැති තරම්ය.හොඳමදේටම වඩා හොදයි නේද දැම්මම වෙන් වෙන එක.(දිල්)
ලංකාවේ තියන ෆේස් වොෂ් එකක් බිව්වා නම් මැරෙනවා විතරක් නොවේ, එම්බාමුත් වෙලයි නවතින්නේ. (නදී)
සමගිය සමාදාන ගෙයි රඳවන්න :::සැකයේ යක්ෂයා ගෙදරින් පන්නන්න!::: විශ්වාශයත් ආදරයත් රැකගන්න!::එයවෙයි! ජිවිතය හැමදා බබලන්න! (දී)
රුවන්,සියට දෙසීයක් මමත් ඔබේ අදහසට එකගයි.(දී)
රුවන් ඔබ හරි (දී)
නදී, හිනාවෙලා පණ ගියා (නි)
පුදුම බොරු අප්පා මේ කෙල්ලෝ කරන්නේ. (නි)