හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
විදේශ ගතව රැකියාවක් කරන සැමියා සමග කතා කිරීම සඳහා බිරිඳට නවීන පන්නයේ ජංගම දුරකතනයක් තිබුණි. සැමියාගේ මව්පියන් සමග නිවසේ කටයුතු කරන අතර තුර මුහුණු පොතේ වෙනත් නමකින් ගිණුමක්ද නිර්මාණය කරගෙන දුරකතනය සමග දවසේ වැඩි කාලයක් ඇය ගත කළාය.
ටික දිනක් ගතවද්දී මුහුණු පොත හරහා හඳුනාගත් පුද්ගලයකු සමග පණිවුඩ හුවමාරු කරගනිමින් සිටි අතර නොදැනම ඔවුහු පෙම්වත්තු වූහ. ඇය නිතර නිතර මුහුණු පොත ඔස්සේ පෙම්වතා සමග කතාබහ සිදුකළද මාමණ්ඩියට හා නැන්දණියට හොර රහසේ එය සිදුකළාය.
තමා හමුවීමට පැමිණෙන ලෙස පෙම්වතාගෙන් ලද ආරාධනාව ඈ ප්‍රතික්ෂේප කළේ තනිවම ගමන් බිමන් යාමට සැමියා දමා තිබූ තහනම නිසාය. සති අන්ත දිනයක මාමා සහ නැන්දා දුවගේ නිවෙසට යන බව දැනගත් ඇය එදින බොරු අසනීප තත්ත්වයක් පෙන්වා නිවසේ රැඳී සිටීමට තීරණය කළාය. සැලසුම් කරගත් පරිදි පෙම්වතාව නිවෙසට ගෙන්වා ගැනීම ඇයගේ අදහස විය.
වැඩිහිටියන් උදෑසනම සිය දියණියගේ නිවෙසට යාමට පිටත්වූ අතර දොරවල් වසා පරිස්සමට ඉන්නා ලෙස ලේලියට උපදෙස් දීමටද ඔවුහු අමතක නොකළහ. යතුරු පැදියකින් පැමිණි කඩවසම් තරුණ පෙම්වතා දුටු කාන්තාව සතුටින් ඉපිළ ගියාය. පෙම්වතා නිවෙසට ගත් කාන්තාව දොර වසා දැමුවාය. තමා විවාහවී සිටින බව ඇය පෙම්වතාට පැවසුවද එය ප්‍රශ්නයක් කර නොගන්නා ලෙස ඔහු පැවසීම නිසා කාන්තාවගේ සතුට දෙගුණ තෙගුණ විය. කිසිවකුත් නැති නිවෙසේ සිත්සේ පෙම්සුව විඳීමට දෙදෙනා අමතක නොකළහ.
උපක්‍රමශීලීව සියලු දේ කරගත් පෙම්වතා කාන්තාවට නින්ද යාමට සලස්වා ඇගේ නවීන දුරකථනය හා ලැප්ටොප් පරිගණකය අල්මාරියේ තිබූ රන්ආභරණ ආදිය සියල්ලම රැගෙන නිවසින් පිටව ගියේය.
දැඩි තෙහෙට්ටුව සමග නින්දගොස් සිටි කාන්තාව පියවි සිහියට පැමිණියේ මාමා සහ නැන්දා පැමිණ කතා කිරීමෙන් පසුවය. දිවාකාලය පිළිබඳව මෙනෙහි කරමින් සිටි ඇය පෙම්වතාට ඇමතුමක් ලබා ගැනීමට සිතා දුරකතනය සෙව්වද එය සොයාගත නොහැකි විය. සිය කාමරයේ මේසය මත තිබූ ලැප්ටොප් පරිගණකයද නොමැති බව දුටු ඇය ඇතිවූ සැකය නිසා වහා අල්මාරිය විවෘතකර බැලුවාය. අල්මාරියේ තිබූ රත්රන් බඩු ටිකද නොමැති බව දුටු ඇගේ දෙලොවම රත්විය..
පෙම්වතා පිළිබඳව කිසිදු තොරතුරක් නොදන්නා නිසා ඇය අවසානයේ වැඩිහිටියන් දෙදෙනාට සත්‍යය හෙළි කළාය. පුතාට සිද්ධිය සැල කළ මව්පිය දෙදෙනා ලේලිය සිය මහ ගෙදරට යැවීමට කටයුතු කළහ. ලේලිය පිළිබඳ රහස නැන්දණියගේ මුවින් පිටවීම නිසා කතාව ගමපුරා පැතිරීමට වැඩි දිනක් ගත නොවීය.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
ජේ එස් හේවාගම Saturday, 26 November 2022 04:47 PM
කලියුගයේදී බලවත් වන්නේ අධර්ම කාමය සහ විෂම ලෝබය බවට ධර්මයේ සඳහන්ව ඇත. මෙම කරුණ එය සනාථ කරයි...!