කුරුණෑගල විරෝධයක් කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රජා සවිබලගැන්වීමේ නිළධාරින් සහ වයඹ පලාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිළධාරින් ඇතුලූ පිරිසක් අද දහවල් කෑම පැයේදී කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ . 31 August 2026
යෝෂිත - ඩේසි ෆොරස්ට් පූර්ව නඩුවට දින දෙයි වසර තුනක කාලයකදී විශූද්ධීකරණය කළ මුදලින් රුපියල් කෝටි 06 කට ආසන්න මුදලක් ස්ථාවර තැන්පතු ගිණුම්ල තැන්පත් කළ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතාට සහ නැන්දම්මාට එරෙහි නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සැප්තැම්බර් 28 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා අද (31) තීරණය කළේය. 31 August 2026
ඇමෙරිකාව ඉරානය යළි පැටලෙයි ඉරානයට අයත් ලාරක් දූපතේ, ඉරාන විප්ලවීය හමුදාවේ, රොකට් විදින යන්ත්‍ර දෙකකට ඇමෙරිකන් හමුදා ප්‍රහාර එල්ල කිරීමත් සමග, ඇමෙරිකාවත් ඉරානයත් අතරේ යළිත් වරක් ගැටුම් හටගත්තේය. 31 August 2026
හැන්කොක් රජු ජාතිය අමතයි පියාණන්ගේ අභාවයෙන් පසු කිරුළ හිමි නෝර්වේ රාජ්‍යයේ හෝකොන් රජු ජාතිය ඇමතුවේය. 53 හැවිරිදි හෝකොන් රජු ප්‍රකාශ කළේ, පියාණන් වෙනුවෙන් ඕස්ලෝ නුවර රාජකීය මාළිගය ඉදිරිපිට රැස්වූ දහස් සංඛ්‍යාත ජනතාව දැක්වූ ගෞරවය සහ ආදරය තමන්ට මහත් අශ්වැසිල්ලක් මෙන්ම ශක්තියක් වූ බවය. 31 August 2026
සැබෑ සතුරා හඳුනාගන්න - ඉරාන නායක මොජ්තබා මුහම්මද් නබි නායකතුමාගේ උපන්දිනය වෙනුවෙන් සිය නිල වෙබ් අඩවිය ඔස්සේ ලිඛිත පණිවිඩයක් නිකුත් කරමින් ඉරාන උත්තරීතර නායක මොජ්තබා කමේනි සඳහන් කර ඇත්තේ, මුස්ලිම් ජාතීන් මුහුණ දෙන ගැටලුවලට එකම විසඳුම අන්‍යෝන්‍ය සහයෝගීතාවය සහ සමගිය බවය. 31 August 2026
නාසා අලුත්ම දුරේක්ෂය අභ්‍යවකාශයට විශ්වයේ අබිරහස් සෙවීමේ අරමුණින් නිර්මාණය කළ අති නවීන තාක්ෂණයෙන් සමන්විත ‘නැන්සි ග්‍රේස් රෝමන්’ නමැති අභ්‍යවකාශ දුරේක්ෂය අභ්‍යවකාශයට මුදා හැරීමට ඇමෙරිකාවේ නාසා ආයතනයට හැකි විය. 31 August 2026
උස්බෙකිස්තානයෙන් ඉන්දියාවට යුරේනියම් දෙරට අතර උපායමාර්ගික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, මධ්‍යම ආසියාවට අයත් රටක් ලෙස සැලකෙන උස්බෙකිස්තානයේ සංචාරයක නියැලුණි. 31 August 2026
නේපාල ව්‍යසනයට හේතුව ගෝලීය උණුසුම ඉහළ යෑම නේපාලයේ සහ චීන පාලනය යටතේ පවතින ටිබෙටයේ ජීවිත බිලිගත්, ග්ලැසියර් කඩා වැටීම සහ හදිසි ජල ගැල්මට හේතුව, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දිනෙන් දින ඉහළ යන ගෝලීය උණුසුම යැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති. 31 August 2026
දරුවන් බේරාගත් විදුහල්පති නේපාලයේ මහා ජල ගැලීම හමුවේ, විදුහල්පතිවරයකුගේ ක්ෂණික තීරණයක් නිසා පාසල් සිසු දරු දැරියන් 900 දෙනකුගේ ජීවිත නූලෙන් බේරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 31 August 2026
කුරුණෑගලට වල් අලි පනිති වන අලියන් තිදෙනකු කැලෑව මඟහැරී අතරමං ව අද (31) කුරුණෑගල නගරයට යාබද උයන්දන ප්‍රදේශයට පැමිණ පුද්ගලයන් දෙදෙනකුට පහරදී ඇතැයි පොලිසිය කියයි . 31 August 2026
රවී අල්ලස් කොමිසමට එයි හිටපු අමාත්, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණියේය. 31 August 2026
පමුණගම මුහුදේ අතුරුදහන් තිදෙනකුගේ සිරුරු හමුවේ පමුණුව ඈපාමුල්ල මුහුදේ අතුරුදන් වූ මවගේ සහ දැරියන් දෙදෙනකු ගේ සිරුරු හමුවූ බව පොලිසිය කියයි. 31 August 2026
පමුණුගම මුහුදේ හතරක් සැඟවෙති පමුණුගම එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක, ගැහැණු ළමුන් දෙදෙනකු හා පිරිමි ළමයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව පමුණුගම පොලිසිය කියයි. 31 August 2026
පොලිසියේ පුටු බාගෙට බාගයක් හිස් පොලිසියේ විවිධ තරාතිරම්වල නිලධාරින් තිස් අටදහසක පමණ හිඟයක් පවතින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය. 31 August 2026
හිසක් සහ පාදයක් බොල්ගොඩ ගංඉවුරේ ස්ථාන දෙකක මොරටුව ඉදිබැද්ද ප්‍රදේශයේ බොල්ගොඩ ගංවුරේ ස්ථාන දෙකක තිබී කඳින් වෙන් කළ හිසක් සහ පාදයක් හමු වූ බව මොරටුමුල්ල පොලිසිය පවසයි . 31 August 2026
‘‘රජය සංවර්ධන නිලධාරීන් රවටනවා‘‘ මැතිවරණ සමයේ සේම ඉන් පසුවත් රජය දිගින් දිගටම සංවර්ධන නිලධාරීන් රවටමින් සිටින බව සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 30 August 2026
රට වටේ යන්න කලින් ඡන්දෙදී දුන් පොරොන්දු ඉටු කරන්න රට වටේ යන්න කලින් පසුගිය ඡන්දයේදී ජනතාවට දුන් පොරොන්දු ඉටුකරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ ජ්‍යේෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය 30 August 2026
මොන්ටිසෝරියෙනුත් බාලදක්ෂයෝ බාලදක්ෂ ව්‍යාපාරය දිවයින පුරා පෙර පාසල්වලටද හඳුන්වාදීමට රජය තීරණය කර ඇත. 30 August 2026
පළාත් කීපයකට තවදුරටත් වැසි දිවයිනේ උතුර, උතුරුමැද, නැගෙනහිර පළාත් වලට තවදුරටත් ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 August 2026
විසි දෙකට තැබූ පය අඩියක් පස්සට ගන්නේ නෑ කුමන බාධක ආවත් විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ගත් පියවර අඩියක් හෝ පස්සට නොගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. 30 August 2026
නේපාල් ගංවතුරින් 810ක් මරුට: 3100ක් අතුරුදන් නේපාලයට සහ ටිබෙටයට පසුගිය දා බලපෑ හදිසි ගංවතුර තත්ත්වයෙන් මියගිය ගණන අද පස්වරුව වනවිට 810 දක්වා ඉහළ ගොස් තිබිණි. 30 August 2026
අ,පුර පූජා නගරයට විද්‍යුත් බස් රථ අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසර ඇතුලත ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය. 30 August 2026
රුසියාව යුක්රේන අවි ගබඩාවක් වනසයි යුක්රේනයේ කියෙව් නගරයට බටහිරින් පිහිටි ෂෙල් වෙඩි, බෝම්බ සහ අනෙකුත් පතොරම් ගබඩා කර තිබූ ගබඩාවකට රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් 37ක් මියගොස් ඇතැයි එරට බලධාරීහු ප්‍රකාශ කළහ. 30 August 2026
ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ ගින්න නිවා දමයි ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ අබලි ද්‍රව්‍ය ගබඩාවක අද සවස ගින්නක් ඇති වු බව ඇඹිලිපිටිය පොලිසිය පැවසුවේය. 30 August 2026
භෝටේකෝෂි ගඟේ ජල මට්ටම යළි ඉහළට භෝටේකෝෂි ගඟේ ජල මට්ටම නැවත වතාවක් ඉහළ යාමත් සමඟ, ගංවතුර තත්වයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බැවින් ඒ පිළිබඳව දැඩිව සැලකිළිමත් වන ලෙස පවසමින් ගංවතුරින් පීඩාවට පත් දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්ට නේපාල බලධාරීහු අද අනතුරු ඇඟවීමක් නිකුත් කළහ. 30 August 2026
පිහි ඇනුමින් පාසල් සිසුවා මරුට ඇහැළියගොඩ, ඇරෑපොල, නැදුරන ප්‍රදේශයේදී අද අලුයම 12.20 ට පමණ සිදුවූ පිහි ඇනුමකින් 17 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇති බව පොලිසිය පවසයි . 30 August 2026
සැන්ඩෝගේ ගිනි අවියක් බටුවත්තේ ගසක් යටින් මතුවේ ඩුබායි හි සැඟව සිටි ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු බව කියන සැන්ඩෝ යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටින පුද්ගලයාට අයත් බව කියන ගිනිඅවියක් රාගම, බටුවත්ත වල්පොල මාර්ගයේ වීරරත්න මාවතේ ගසක මුල සඟවා තිබියදී සොයාගත් බව කොළඹ ත්‍රස්තවාදි විමර්ශන කොට්ඨාසයේ කියයි. 30 August 2026
ඔහීය රක්ෂිතයේ ගින්න තවත් පැතිර යයි ඔහීය සංරක්ෂිතයේ පැතිර යන ගින්න නිවාදැමීමට ගුවන් හමුදාව, වනසංරක්ෂන නිළධාරින් ගම්වාසීන් එක්වී දෙවන දිනටත් කටයුතු කරමින් සිටින අතර මේවනවිටත් ගින්නෙන් අක්කර පනහක පමන කොටසක් විනාශ වී ගොස් ඇතැයි වැලිමඩ අඩවි වන නිළධාරි මෙලානි ජේ.සී.පිටිගල මහත්මිය අද (30) පැවසුවාය. 30 August 2026
කොටපොළ රෙදි කඩයක් ගිනි ගනී කොටපොල ,ගැටබරුව මාර ගස අසල තිබූ විශාල රෙදි පිළි වෙළඳ සැලක් ඇති වූ ගින්නකින් එම වෙළෙඳසල විනාශ වී ඇතැයි කොස්මෝදර පොලිසිය පවසයි. 30 August 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026