භෝටේකෝෂි ගඟේ ජල මට්ටම යළි ඉහළට භෝටේකෝෂි ගඟේ ජල මට්ටම නැවත වතාවක් ඉහළ යාමත් සමඟ, ගංවතුර තත්වයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බැවින් ඒ පිළිබඳව දැඩිව සැලකිළිමත් වන ලෙස පවසමින් ගංවතුරින් පීඩාවට පත් දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්ට නේපාල බලධාරීහු අද අනතුරු ඇඟවීමක් නිකුත් කළහ. 30 August 2026
පිහි ඇනුමින් පාසල් සිසුවා මරුට ඇහැළියගොඩ, ඇරෑපොල, නැදුරන ප්‍රදේශයේදී අද අලුයම 12.20 ට පමණ සිදුවූ පිහි ඇනුමකින් 17 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇති බව පොලිසිය පවසයි . 30 August 2026
සැන්ඩෝගේ ගිනි අවියක් බටුවත්තේ ගසක් යටින් මතුවේ ඩුබායි හි සැඟව සිටි ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු බව කියන සැන්ඩෝ යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටින පුද්ගලයාට අයත් බව කියන ගිනිඅවියක් රාගම, බටුවත්ත වල්පොල මාර්ගයේ වීරරත්න මාවතේ ගසක මුල සඟවා තිබියදී සොයාගත් බව කොළඹ ත්‍රස්තවාදි විමර්ශන කොට්ඨාසයේ කියයි. 30 August 2026
ඔහීය රක්ෂිතයේ ගින්න තවත් පැතිර යයි ඔහීය සංරක්ෂිතයේ පැතිර යන ගින්න නිවාදැමීමට ගුවන් හමුදාව, වනසංරක්ෂන නිළධාරින් ගම්වාසීන් එක්වී දෙවන දිනටත් කටයුතු කරමින් සිටින අතර මේවනවිටත් ගින්නෙන් අක්කර පනහක පමන කොටසක් විනාශ වී ගොස් ඇතැයි වැලිමඩ අඩවි වන නිළධාරි මෙලානි ජේ.සී.පිටිගල මහත්මිය අද (30) පැවසුවාය. 30 August 2026
කොටපොළ රෙදි කඩයක් ගිනි ගනී කොටපොල ,ගැටබරුව මාර ගස අසල තිබූ විශාල රෙදි පිළි වෙළඳ සැලක් ඇති වූ ගින්නකින් එම වෙළෙඳසල විනාශ වී ඇතැයි කොස්මෝදර පොලිසිය පවසයි. 30 August 2026
එදා නරකයි කියූ ව්‍යාපෘති අද හොඳ වෙලා එදා චෝදනා කරපු ව්‍යාපෘති වර්තමානයේ හොඳ යැයි ඒ අයගේ කටින්ම කියවා ගැනීමට පුළුවන් වීම ගැන සතුටු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 30 August 2026
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් නිවේදනයක් කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බව සඳහන් කරමින් ව්‍යාජ ලෙස සකස් කළ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 30 August 2026
සීගිරි සංවේදී කලාපයේ පොලොව හෑරු තුනක් සැකපිට සීගිරිය පව්වේ ආසන්නයේ පිහිටි සංවේදී කලාපයේ මහ රෑ හැමරයකින් මහපොළොව හාරමින් සිටී ජල සම්පාදනයේ සේවකයන් බව කියන දෙදෙනකු ඇතුළු තුන්දෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බව සීගිරිය වනජීවී නිලධාරීහු පවසති. 30 August 2026
සෙවනගල සීනි සමාගමෙන් විශේෂ නිවේදනයක් කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ගවලින් වැලකී වහාම සේවයට වාර්තා කරන ලෙස සෙවනගල සීනි සමාගම සේවකයන්ගෙන් ඉල්ලා සිටී. 29 August 2026
පහල මල්වතු ඔයේ වැඩ බලන්න ජනපති යයි රජරට මහා වාරි පද්ධතියට එකතු වීමට නියමිත තවත් සුවිශේෂී ජලාශ ව්‍යාපෘතියක් වන පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (29) නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 29 August 2026
‘‘රවී ඉක්මණින් අල්ලස් කොමිසමට යනවා‘‘ රවී කරුණානායක මහතා ඉදිරි දිනයකදී අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බවත් කොමිසම මගහැරීමක් කර නොමැති බවත් ඒ මහතාගේ නිවසේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය. 29 August 2026
ඒකාබද්ධ විපක්ෂයේ වැඩ වලට සජබ නෑ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ වැඩකටයුතුවලට සහභාගි නොවීමට සමගි ජන බලවේගය තීරණය කර ඇතැයි වාර්තාවේ. 29 August 2026
මැතිසබා කමිටුවෙන් තරුණ සංසදයට ආරාධනයක් පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට පළාත් සභා මැතිවරණය සඳහා සුදුසු ඡන්ද ක්‍රමයක් යෝජනා කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තාරුණ්‍ය සඳහා වූ පාර්ලිමේන්තු සංසදයට ආරාධනා කර ඇත. 29 August 2026
නාවලපිටියේදී බස් රථයක් පෙරළී 04 කට තුවාල වැල්ලවැයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් එම බස් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා නාවලපිටිය දිස්තික් මහ රෝහල වෙත (29) දින ඇතුලත් කල බව නාවලපිටිය පෙලොසිය පැවසීය. 29 August 2026
පාන්පිටි කිලෝව 17 කින් ඉහළට: රොටි පරාටා කෙටි කෑම පහකින් නගී රොටි, පරාටා සහ කෙටි ආහාර ඇතුළු පිටි ආශ්රිත ආහාරවල මිල රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත 29 August 2026
කොළඹ වරාය ලොව හොඳම වරායන් 20 අතරට මෙම වසරේ පළමු මාස හය තුළ බහාලුම් මෙහෙයුම් සියයට 11.9කින් ඉහළ යාමත් සමග කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට පත්ව ඇතැයි නවතම ඇල්ෆාලයිනර් දත්ත පෙන්වා දෙයි. 29 August 2026
විසිදෙකට පෙත්සම් සඳුදා අවසන් ආණ්ඩු පක්ෂය මැතිසබයට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමි ඉදිරිපත් කිරීමට හැකි කාලය අනිද්දා 31 සදුදා අවසන් වෙයි. 29 August 2026
පළාත් ඡන්දය පඹ ගාලක විවිධ නීතිමය ගැටලු ගණනාවක් පවතින හෙයින් ඒවා නිවැරදි කර ගන්නා තෙක් රටට ගැලපෙන පළාත් සභා ඡන්ද ක්‍රමය සකස් කර ගැනීම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි වාර්තා වෙයි. 29 August 2026
22පක්ෂ මාලිමාවේ සුන්බුන් කීපයක් පමණයි අධිකරණයේ ස්වාධීනත්වයට ප්‍රභල අභියෝගයක් වන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ පාතීත්වය දක්වන්නේ මාලිමාවේ ඉතිරිව ඇති සුන්බුන් කිහිපයක් පමණක් බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නීතීඥ රවින්ද ජයසිංහ මහතා කොළඹදී පැවසීය. 29 August 2026
බලශක්ති හිටපු ලේකම් බටගොඩ සඳුදා ගල්අඟුරු කොමිසමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන අාචාර්ය සුරේන් බටගොඩ මහතා ගල්අඟුරු ගනුදෙනු පිළිබඳ විමර්ශන පවත්වන ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවට ලබන සඳුදා (31) කැඳවා ඇත. 29 August 2026
ලොව ලාබාලම රජු මිය ගිහින් ලොව ළාබාලතම පාලකයා ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කී ටූරෝ රාජධානියේ සිවුවැනි ඔයෝ කබම්බා රජු වයස අවුරුදු 34 දී අභාවප්‍රාප්ත වී ඇත. ටූරෝ රාජධානියේ අග්‍රාමාත්‍යවරයා ඒ බව නිල වශයෙන් දැනුම් දුන්නේය. 29 August 2026
වඩ්ඩා බිරිය කැලයට රැගෙන ගිහින් මරා දමලා පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන්, සැමියා විසින් බිරිඳ සූක්ෂම ලෙස රවටා අනුරාධපුර කොරකහවැව ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයක් තුළට කැඳවාගෙන ගොස්, තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදු කර බිරිඳ ඝාතනය කර ඇත. 29 August 2026
බස්නාහිරට - සබරගමුවට වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහ නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 29 August 2026
‘‘ජී.එස්.පී යළි ඉල්ලනවා‘‘ යුරෝපා සංගමයේ සංශෝධිත නව ජී.එස්.පී රෙගුලාසිවලට අනුකූලව 2028 දෙසැම්බර් මස වන විට ජී.එස්.පී. ප්ලස් බදු සහනය සඳහා නැවත අයදුම් කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පසුගියදා නිල වශයෙන් ප්‍රකාශ කළේය. 29 August 2026
නිවාඩු දින දෙකේදී අධිවේගයේ ආදායමත් අධිවේගයෙන් මේ සතියේ දිගු නිවාඩුවක් ලැබීමෙන් විශාල පිරිසක් එකවර ගම්බිම් වෙත සහ විනෝද සවාරිවල යෑම හේතුවෙන් මෙරට අධිවේගී මාර්ග පද්ධතියෙන් පසුගිය දින දෙකේදී පමණක් රුපියල් දොළොස් කෝටි හතළිස් පන් ලක්ෂ හැත්තෑ හතර දහසක පමණ ආදායමක් උපයා ගෙන අැතැයි ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය පවසයි. 29 August 2026
ඉරාන නැව් 20ක් ආරක්ෂාව පතා ලංකාව ආසන්නයේ ඉරාන වරායන්ට පැමිණෙන නෞකා අවහිර කරමින් ඇමෙරිකානු හමුදාව හෝමුස් සමුද්‍ර සන්ධියේ පනවා ඇති බාධකය හේතුවෙන් ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකා 20 ක් පමණ ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවට අයත් සුවිශේෂී ආර්ථික කලාපය ආසන්නයේ නැංගුරම් ලා සිටින බව ටෑන්ක්ට්‍රැකර්ස වෙබ් අඩවිය සිදුකළ ජාත්‍යන්තර නාවික බුද්ධි තොරතුරු විශ්ලේෂණයකින් අනාවරණය වී ඇත. 29 August 2026
’’ මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා - 2026 ’’ විනිශ්චය කරුවන් දිවයිනට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ’’ මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා - 2026 ’’ රූ රැජින තරගාවලියේ , අවසන් මහා තරගය විනිශ්චය කිරීම සදහා ජාත්‍යන්තර විනිසුරුවරුන් කණ්ඩායමක් අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ මෙරටට පැමිණියහ . 28 August 2026
මීගමුව බන්ධනාගාරයේ ජේලර් ඇතුළු පිරිසට සිතාසි මීගමුව බන්ධනාගායේ ඇති වූ ගැටුමින් බන්ධනාගාර නිලධාරීන් 12 දෙනකු සහ රැදවියන් 20 දෙනකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින සැකකාර සිරකරුවන් සැප්තැම්බර් මස 8 දින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට ඒ ඒ සැකකාර සිරකරුවන් රදවා සිටින බන්ධනාගාර වල අධිකාරිවරුන්ට නියෝග කළ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනී පෙරේරා මහත්මිය සැකකරුවන් හඳුන ගැනීම සඳහා එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා බන්ධනා 28 August 2026
මාලිමා රජය ජනතාව කබලෙන් ලිපට වට්ටලා මාලිමා රජය බොරු දත්ත මත පදනම්ව ප්‍රතිපත්ති සකස් කරමින් ජනතාව කබලෙන් ලිපට ඇද දමා ඇති බව සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 28 August 2026
විදුලි සැර වැදුණු සිසුන් දෙදෙනෙකු වටවල පොලිසියෙන් බේරාගනියි වටවල පොලිස් වසමට අයත් කුයිල්වත්තේ ගසක දර කැපීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකුට අධිබලැති විදුලි සැර වැදී කැ ගසමින් සිටියදී වටවල පොලිසියේ නිළධාරින් විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වී එම සිසුන් දෙදෙනා ඉන් මුදා ගෙන වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත. 28 August 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026