
(නිමල කොඩිතුවක්කු)
මැතිවරණ සමයේ සේම ඉන් පසුවත් රජය දිගින් දිගටම සංවර්ධන නිලධාරීන් රවටමින් සිටින බව සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රාජ්‍ය ක්ෂේත්රයේ විශිෂ්ට කාර්ය භාරයක් ඉටු කරන සංවර්ධන නිලධාරීන් 150,000ක් සහ ආර්ථික සංවර්ධන නිලධාරීන් 14,008ක් වෙනුවෙන් තවමත් විසදුම් ලැබී නොමැති බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී සංවර්ධන නිලධාරීන් සහ ආර්ථික සංවර්ධන නිලධාරින් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ සංවර්ධන නිලධාරී සංගමය සමග පැවැති හමුවකදීය.
රජය මේ පාර්ශ්ව දෙකෙහි ඉල්ලීම් ඉටු කරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළත් සංවර්ධන නිලධාරින් සහ ආර්ථික සංවර්ධන නිලධාරීන් අපේක්ෂා කරන සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති බවද විපක්ෂ නායකවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව ජනතාව රැවැට්ටුවොත් වාසිය විපක්ෂයට??? හැබැයි පියානො ඉන්නකොට බෞද්ධයන් 65000ක් සමූලඝාතනය කලා
හැබෑද ?
ඔහෙලගෙ කාලෙ කාලානෙ, ඉතිං තව මොකක් බලන්නද?
විශිෂ්ඨ කාර්යය තමයි නිකන් ඉඳලා ලක්ෂ ගණන් පඩි දීමනා ගැනීම!! ආර්ථික සංවර්ධන නිලධාරී තනතුර අහෝසි කල යුතුයි!! නමුත් රටේ ආර්ථිකය බිල්ලට දී ඡන්ද මංකොල්ල කා බලයට පත්වන මේ ක්‍රමයෙන් රට තවත් ප්රපාතයටම යනවා මිස වෙන කිසිවක් සිදු නොවේ!!