නේපාල ජල ගැලීම: මරණ 270 පසුකරයි මහ ව්‍යසනයක් සිදුකළ නේපාල ගංවතුර හේතුවෙන් මියගිය ගණන 270 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. 1,500කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවත් මරණ සංඛ්‍යාව තව තනත් ඉහළ යා හැකි බවත් වාර්තා වේ. 27 August 2026
ඉරානයෙත් ඉන්ධන හිඟයක් ඉන්ධන හිඟයක් පිළිබඳව කටකතා පැතිර යාමත් සමග ඉරාන වැසියන් කලබල වී ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් ඉදිරිපිටට පැමිණීම හේතුවෙන් අද පෙරවරුවේ ටෙහෙරානය ඇතුළු ඉරානයේ නගර රැසක ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට පෝලිම් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 27 August 2026
පුත්තලමේ රෝහල් වල සෞඛ්‍ය සේවා අධ්යක්ෂ හදිසි නිරීක්ෂණයක පුත්තලම දිස්ත්‍රික්කයේ මූලික සහ ප්‍රාදේශීය රෝහල් වල හදිසි ප්‍රතිකාර සේවා සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිරීක්ෂණයට ලක් කළේය. 27 August 2026
ජ‘පුර පර්යේෂිකා වින්දුලාට ලොව පළමු තැන හොංකොං හි පැවති 12 වන ලෝක තිරසර සම්මන්ත්‍රණයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ පර්යේෂිකාවක වූ වින්දුලා ගම්මන්පිළ ඉදිරිපත් කළ පර්යේෂණ නිබන්ධනය , වසරේ හොදම නිබන්ධනයට වූ සම්මානය දිනා ගෙන අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය . 27 August 2026
විභාග මගඩිවලට ලොක්කෝ 461ක් “බැලැක් ලිස්ට්” විවිධ වැරදි සහ අක්රමිකතාවලට සම්බන්ධවූ බව කියන නිලධාරීන් 461 දෙනෙකුගේ විභාග රාජකාරී තහනම් කර අසාදු ලේඛනයට අැතුළත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 27 August 2026
සැමියාගේ පිහි පහරින් බිරිඳ මරුට මන්නාරම තලේ මන්නාරම ප්‍රදේශයේදී ස්වාමි පුරුෂයා විසින් සිය බිරිදට පිහියෙන් ඇන (26) දා ඝාතනය කර තිබේ. 27 August 2026
ගෝනමරියාවේ අනතුරකින් තිදෙනෙක් මරුට කැබිතිගොල්ලෑව - මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ ගෝනමරියාව ප්‍රදේශයේදී ජීප් රථයක් සහ ත්‍රී රෝද රථයක් අද (27) පෙරවරු කාලයේ එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් බිළිදකු ඇතුළු තුන්දෙනකු මිය ගොස් ඇතැයි කැබිතිගොල්ලෑව පොලිසිය කියයි. 27 August 2026
නේපාලයට සහය දෙන්න සූදානමින් නේපාලයට බලපෑ හදිසි ගං වතුර තත්ත්වය හමුවේ ගලවා ගැනීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 27 August 2026
විභාග මගඩිවලට ලොක්කෝ 461ක් බ්ලැක් ලිස්ට් විවිධ වැරැදි සහ අක්රමිකතාවලට සම්බන්ධ වීයැයි කියන නිලධාරීන් 461 දෙනකුගේ විභාග රාජකාරී තහනම් කර අසාදු ලේඛනයට ඇතුළත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 27 August 2026
තැපෑලට පාඩු කළ රොත්තක්ම අතුරුදන් තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචා මෙන්ම බරපතළ විනය විරෝධී ක්‍රියාවලට සම්බන්ධ පිරිසක් ආගිය අතක් නැතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී ( කෝපා) තොරතුරු අනාවරණය විය. 27 August 2026
රට වෙනුවෙන් ගත් තීන්දු කිසිවක් ආපසු හරවන්නේ නෑ වත්මන් ආණ්ඩුව ජනතාවට අගතියක් වන කිසිදු ආකාරයේ තීන්දුවක් නොගන්නා අතර ජනතාව වෙනුවෙන් ගන්නා කිසිදු තීන්දුවක් ආපසු හැරවීමට සූදානම් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 27 August 2026
එල්නිනෝවට මුහුණ දෙන්න පූර්ව සූදානමක් අවශ්‍යයි එල්නිනෝ ඇතුලු ආපදාවලට මුහුණ දෙන්න පූර්ව සූදානම් නව වැඩපිළිවෙළක් රටට අවශ්‍ය යැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 27 August 2026
දිට්ඨාවෙන් බැට ගෑ මිගහකිවුලේ වැසියන්ට එල් නිනෝවෙන් බැට පසුගිය දා ඇතිවූ දිට්වා සුළි කුණාටු තත්වයෙන් බැට කෑ බදුල්ල මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කළුගහකඳුර ගම්මානයේ ජනතාව දැන් එල්නිනෝ බල පෑමටද ගොදුරුවෙමින් සිටිති. 27 August 2026
හක්කපටස් පුපුරා කතුන් දෙකක් රෝහලේ සතුන් දඩයම් කිරීම සඳහා මීඔය රක්ෂිතයේ දඩයම්කරුවකු අටවා තිබූ පුපුරන ද්‍රව්‍ය යොදා සකස් කරන ලද හක්ක පටස් එකක් නිවෙසේ සුරතලයට ඇති කරන සුනඛයා රැගෙන පැමිණ තිබියදී එයට තීන්ත ආලේප කිරීම සඳහා යොදා ගන්නා පින්සලකින් තට්ටු කිරීමට යාමේදී එම හක්කපටස් එක පුපුරා ගොස් කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කළ බව පුත්තලම මූලස්ථාන පොලිසිය සඳහන් කරයි. 27 August 2026
‘‘ග්‍රෙගරිවැවේ ජලය පෙවුණොත් සොරිම තමා‘‘ නුවරඑළිය ග්‍රෙගරිවැවේ වතුර පෙවුණොත් මිය යෑමට පවා ඉඩ ඇතැයි බව මධ්‍යම පරිසර අධිකාරිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විමේදි අවධාරණය කළ බව නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවිරආරච්චි මහතා පවසයි. 27 August 2026
එල් නිනෝවෙන් පීඩාවට පත් පිරිස තවත් ඉහළට එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් පවතින වියලි කාලගුණයෙන් පවුල් 26457 කට අයත් පුද්ගලයින් 84545 කට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 27 August 2026
සලේ තවත් දින 90ක් රඳවා ගනී පාස්කුදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මහතා තවත් දින අනූවක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුමැතිය ලබාදී ඇත. 26 August 2026
හතරවන රන්දෝලිය වීදි සරති මහනුවර ඇසළ පෙරහැරේ හතරවන රන්දෝලි පෙරහැර අද සවස 06 .44 ට උතුරු දිශාව බලා පෙරහර වීදි සංචාරය කළේය. 26 August 2026
රාජකාරී වේලාවේ දුම්රිය සේවකයන්ට සමාජ මාධ්‍ය තහනම් රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිතය සහ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 26 August 2026
කළණි ගඟ අපිරිසිදු වුණේ ලොරියක් නිසා කැලණි ගඟේ ජලයට රසායන ද්‍රව්‍යයක් මුසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. 26 August 2026
රැඳවියකු නියාමකගේ සරමක් ඇඳ යතුරුපැදියකින් පැන යයි වැලිකඩ බන්ධනාගාර නිවාඩු නිකේතනය පිරිසිදු කිරීමට යෙදවූ රැඳවියකු නිවාඩු නිකේතනයේ තිබූ සරමක් ඇද බන්ධනාගාර නියාමක කළමනාකරුගේ යතුරු පැදියෙන් පලා ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. 26 August 2026
නේපාලයේ හදිසි ජල ගැලීමක්: 400 ක් ගසාගෙන යයි නේපාල සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ හදිසියේ හටගත් ජල ගැලීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සුනාමියක් සේ සැණින් කඩා වැදුණු එම ප්රචණ්ඩ ජල පහරට 400 දෙනෙක් හසුවී අතුරුදන් වූහ. 26 August 2026
මුහුද ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 ත් -60 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 August 2026
ඩෙංගු මරණ 72යි ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 72ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 26 August 2026
කෙහෙල්බද්දර පද්මේ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට වසරකට ආසන්න කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ කෙහෙල් බද්දර පත්මේ සහ පානදුරේ නිලංග නමැත්තන් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි 26 August 2026
ගුරුවරු දෙදෙනෙක් දැරියකට අතවර කරලා පොළොන්නරුව අධ්‍යාපන කලාපයේ දුෂ්කර පාසලක වයස අවුරුදු 15ක දැරියක සිය පාසලේ ක්‍රීඩා ගුරුවරයකු සහ තවත් ගුරුවරයකු අතවරයකට ලක් කළ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොළොන්නරුව මූලස්ථාන පොලිසිය කියයි. 26 August 2026
අවසන් රන්දොලිය දා මහනුවර වාහන ගමනා ගමනය මෙහෙමයි මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (27) වීදි සංචාරය කිරීමට නියමිතය.පෙරහර අද රාත්‍රි 6.43 ට යෙදෙන සුබ මුහුර්තියෙන් උතුරු දිශාව බලා පෙරහර පිටත්ව දළදා වීදිය ඔස්සේ යටිනුවර වීදියට හැරී කන්දේ වීදියෙන් ඩී.එස්.සේනානායක විදියට සේන්දුවී රජ වීදිය ඔස්සේ ඉහළටවිත් පෙරහර ගෙවැදීමට නියමිතය. 26 August 2026
අධිවේගයේ දැඩි තදබදයක් දක්ෂිණ අධිවේගි මාර්ගයෙ ගාල්ල දෙසට අද පෙරවරුවේ සිට දැඩි වාහන තදබදයක් පවතින බව අධිවේගී මාර්ග පොලිසිය සඳහන් කරයි. 26 August 2026
ඡන්ද ක්‍රමය හදන විද්වත් කමිටුව වැඩ අල්ලයි මැතිවරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ සදහා වන විශේෂඥ මණ්ඩලය ඊයේ වැඩ අාරම්භ කළේය 26 August 2026
මෝල් හිමියන්ට මුදල් බෙදීම මේ සතියේ යල කන්නයේ වී මිලදී ගැනීමට වී මෝල් හිමියන්ට දෙන ණය මුදල් දිස්ත්‍රික් ලේකම්වරු හරහා මෙම සතිය ඇතුළත නිකුත් කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. 26 August 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026