ඕස්ට්‍රේලියාව - ශ්‍රී ලංකාව අතර අඩු වියදම් ගුවන් සේවයක්
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර අඩු මිළ ( Low Fares ) ගුවන් සේවාවක් , එරට ජෙට්ස්ටාර් ( Jetstar ) ගුවන් සේවා සමාගම ආරම්භ කරමින් , එහි ප්‍රථම මංගල ගුවන් යානය , ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ පැමිණියේය .