අපරාද රැසකට සම්බන්ධ යුද සෙබලෙක් මාට්ටු ගෙල කපා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම ඇතුළු කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ බව කියන යුද හමුදා සෙබළුකු අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි. 26 July 2026
නඩු කටයුතු අවසන් වූ මත් කිලෝ 99ක් වනසයි නඩු කටයුතු අවසන් වු හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝ 99 ක් වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත දහන උදුනේදී මාරවිල මහෙස්ත්‍රාත් ගිහාන් බස්නායක මහතා ඉදිරියේ විනාශ කිරීම සිදුවිය. 26 July 2026
ක්‍රිකට් හිටපු සභාපති උපාලි ධර්මදාස දිවිසැරිය නිමකරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වූ උපාලි ධර්මදාස මහතා කොළඹ පෞද්ගලිකරෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. 26 July 2026
බොරලැස්ගමුවේ වෙඩි ප්‍රහාරයට ගොදුරු වූ ව්‍යාපාරිකයා මරුට බොරලැස්ගමුව බෙල්ලන්විල ප්‍රදේශයේ අද රාත්‍රී කාලයේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ ව්‍යාපාරිකයා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබද්දී මිය ගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. 25 July 2026
ජනාධිපති මන්දිර වල පිටස්තර අය නවාතැන් ගෙන නෑ ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන නොමැති බව ජනාධිපති කාර්යාලය කියයි. 25 July 2026
බෙල්ලන්විල නිවාඩු නිකේතනයක හිමිකරුවෙක්ට වෙඩි තබලා බොරලැස්ගමුව බෙල්ලන්විල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. 25 July 2026
ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ඉල්ලා අස්වේ:රට පුරා විරෝධතා නවතී විභාග ප්‍රශ්න පත්‍ර සිද්ධියක් මුල්කරගනිමින් මසකට ආසන්න කාලයක් පුරා ඉන්දියාවේ නගර රැසක පැවති දැවැන්ත විරෝධතා අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වීමත් සමග නැවැත්වීමට කැරපොත්තාන් ජනතා පක්ෂය අද තීරණය කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 25 July 2026
වත්තල ඝාතනයේ තොරතුරු රැසක් එළියට වත්තල පල්ලියවත්තේ උත්සව ශාලාවක පැවැති සාදයකට සහභාගී වු පුද්ගනයකුට වෙඩි තබා ඝාතනය කළ බවට සැකකරන පුද්ගලයන් දෙදෙනකු ඉන්දියාවේ දනුෂ්කොඩි හි දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය. 25 July 2026
දෙමළ පක්ෂ ජනපති හමුවීමක්? ඒකාබද්ධව කටයුතු කිරීමට එකඟත්වයක් ඇති කරගත් දෙමළ භාෂිත දේශපාලන පක්ෂ හයක නියෝජිතයින් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට ඉල්ලීමක් කර ඇත 25 July 2026
ජනපති නීතිඥවරුන් ආවට ගියාට පත් කරනු බෑ: අලුතින් ගැසට්ටුවක් ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මාලාවේ වගන්තියක් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත 25 July 2026
වීරවිල අනතුරකින් 15ක් රෝහලට තිස්සමහාරාම මාතර ප්‍රධාන මාර්ගයේ වීරවිල ප්රාදේශයේදී පුද්ගලික බස් රියක් සහ යතුරු පැදියක් ගැටීමත් සමග බසය මාර්ගයෙන් ඉවතට පැන කොහොඹ ගසක ගැටී සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් මඟීන් 15 දෙනෙකු පමණ තුවාල ලබා දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පැවසීය . 25 July 2026
නීතිඥ සංගමයෙන් මන්ත්‍රී අසිතට අභියෝගයක් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත සහ ද්වේෂසහගත එකක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය 25 July 2026
ඩෙංගු මරණ 61ට නගී ඩෙංගු මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 25 July 2026
ජනපති බංගලාවල පිටස්තරයෝ 3000ක් නවාතැන් අරන් රට පුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්තද ඉන් බොහොමයක ගිය වර්ෂයේදී විවිධ පුද්ගලයන් තුන් දහස් අසූ නව දෙනෙකු නවාතැන් ගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 25 July 2026
විනිසුරුවරුන් මදි: මහාධිකරණවල නඩු 40,000ක් හිරවෙලා විනිසුරුවරුන්ගේ හිඟය ඇතුළු විවිධ කරුණු හේතුවෙන් රට පුරා මහාධිකරණවල විවිධ වර්ගයේ නඩු 40299ක් පමණ සිරවී පවතින බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය. 25 July 2026
පුහුණුකරු හිඟයෙන් පාසල් ක්‍රීඩා කොටඋඩ? ග්‍රාමීය මෙන්ම නාගරික බොහෝ පාසල්වල ක්‍රීඩා ගුරුවරුන්ගේ සහ ක්‍රීඩා පුහුණුකරුවන්ගේ බරපතළ හිඟයක් පවතින බව වාර්තාවේ 25 July 2026
සුළුවෙන් තකනු බෑ: වරදකරුවන්ට දැඩි දඬුවම් අගමැති මෝදි කියයි වෛද්‍ය උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ ජාතික මට්ටමේ ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම කිසිසේත් සුළුවෙන් තැකිය නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන සිදුකර වරදකරුවන්ට දඬුවම් ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. 25 July 2026
නිලධාරී රාජකාරි පැහැරහැරීම සයිබර් සොරකමට හේතුවෙලා ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25 ක සයිබර් සොරකම සිදුව ඇත්තේ මුදල් අමාත්‍යංශයේ පාලන රාමුවේ තිබෙන දුර්වලතා සහ අමාත්‍යාංශ නිලධාරීන් සිය රාජකාරි නිසියාකාරයෙන් ඉටු නොකිරීම හේතුවෙන් බව ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය මුදල් කාරක සභාවට ඉදිරිපත් කළ වර්තාවක දැක්වේ. 25 July 2026
ස්පාඤ්ඤ කෘෂි ඉංජිනේරුවා කෝටි 11 කුඩු සමග මාට්ටු රුපියල් කෝටි එකොළහක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙක් කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 25 July 2026
ඇප බඳින්න දඩ ගෙවන්න සල්ලි නෑ: රැඳවියෝ 3000ක් නිකරුණේ හිරගෙදර බන්ධනාගාරවල රැඳවියන් තුන්දහසකට වැඩි පිරිසක්(3371ක්)ඇප තැබීමට සහ දඩ ගෙවීමට මුදල් නොමැතිව වසර ගණනාවක් තිස්සේ ඒවායේ නිකරුණේ රැඳී සිටින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 25 July 2026
නාමල්ගේ මගුලට නොමිලේ විදුලිය ගත් නඩුව දෙසැම්බර් 4 විභාගයට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවයට නොමිලේ විදුලිය සැපයීම මගින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන ලද සඳහන් කරමින් ඊට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥවරයකු ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම දෙසැම්බර් 4 වැනි දින විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය. 24 July 2026
හබරණ අනතුර රක්ෂිතයේ අක්කර හයක් අළු කරයි හබරණ කිතුල්ඔතුව ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ අධිබලැති යතුරු පැදියක් එකිනෙක ගැටී සිදු වූ අනතුරත් සමග යතුරු පැදිය ඇති වූ ගින්න අවට කැලෑවට ද පැතිර යාමෙන් අක්කර හයක් පුරා ගිනිගෙන විනාශ වූ බව හබරණ පොලිසිය කියයි. 24 July 2026
මහනුවර ඇසළ පෙරහරේ ප්‍රගතිය සාකච්ඡා කරයි ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය - 2026 සංවිධාන කටයුතු පිළිබඳව සහ එහි ප්‍රගතිය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (24) පැවැත්විණි. 24 July 2026
හර්ෂණට එරෙහි විශ්වාස භංගය පරාදයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 116කින් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ පරාජයට පත්විය. 24 July 2026
‘‘හිරේ යන්න නියමිත අය කියන නිසා මම ධූරයෙන් යන්නේ නෑ‘‘ මීගමුවේ සිද්ධියදා තමා බුදියගෙන සිටියේ නැතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 24 July 2026
පාදුක්කෙන් අනුරාධපුර ගිය වෑන් රිය අලියකුගේ ඇඟේ හැපේ පාදුක්කේ සිට අනුරාධපුරයට පැමිණි පිරිසක් රැගත් වෑන් රථයක් අනුරාධපුර - පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ශ්‍රාවස්තිපුර මොරගොඩ ප්‍රදේශයේදී වන අලියකු ඇඟේ ගැටී සිදු වූ අනතුරකින් බූ පස් දෙනකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 24 July 2026
ඊටීඑෆ් ඊපීඑෆ් ගැන රජයෙන් විපරමක් ඊටීඑෆ් හා ඊපීඑෆ් අරමුදල් පිහිටුවීමෙන් පසු ගතවූ දශක කිහිපයක කාලයේදී කිසිදු රජයක් නොකළ අන්දමේ විධිමත් අධ්‍යයනයක් සිදු කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 24 July 2026
ඩෙංගු ලෙඩ්ඩු 80,000 පනී මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,114 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන එ්කකය පවසයි. 24 July 2026
දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයකු අත්අඩංගුවට දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයකු අද (24) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි 24 July 2026
ඩෙංගු රෝගීන්ට ආයුර්වේදය විශේෂ සායනයක් අරඹයි ඩෙංගු රෝගය සදහා සුදුසුකම් ලත් බටහිර හෝ ආයුර්වේද වෛද්‍යවරයෙකු නියමකරන ඖෂධ හැර කිසිදු කිසිදු අත් බෙහෙතක් භාවිත නොකල යුතු බව බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය සමින්ද ආරියරත්න මහතා අවධාරණය කරයි. 24 July 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026