
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන නොමැති බව ජනාධිපති කාර්යාලය කියයි.
'‘2025 වර්ෂයේදී රට පුරා ඇති ජනාධිපති මන්දිරවල විවිධ පුද්ගලයන් 3089ක් නවාතැන් අරන් මැයෙන් පලවී ඇති පුවත අසත්‍ය වන අතර, 2025 වර්ෂයේදී ජනාධිපති මන්දිර පරිශ්‍රවල පවතින වෙනත් ගොඩනැගිලි වල ආරක්ෂක අංශයේත්, මාධ්‍ය සහ අනෙකුත් අංශ වලත් නිලධාරීන් රාජකාරීමය අවශ්‍යතා වෙනුවෙන් විවිධ අවස්ථාවල නවාතැන් ගෙන ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. එහෙත් මේ නිලධාරීන් කිසිවෙකු ජනාධිපති මන්දිරවල නවාතැන් ගෙන නොමැති බව ජනාධිපති කාර්යාලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති තුමා ඡන්දෙට කලින් කිව්ව ආකාරයට ජනාධිපති මන්දිර සම්බන්ධයෙන් කටයුතු කළා නම් මේ ප්‍රශ්න මුකුත් නැහැ. නඩත්තුවට වියදම් වෙන විශාල මුදලකුත් ඉතුරු වෙනවා. කියන කොට එහෙමයි. කරනකොට මෙහෙමයි...
ආණ්ඩු වෙනස් වුණාට වැඩක් නෑ. තාමත් ඒවායේ ඉන්න දූෂිත නිලධාරීන් කොටසක්...
ජනපති මන්දිරයේ ප්‍රකාශයට පටහැනි වාර්තාවක් විගණන වාර්තාවල සඳහන් වී තිබෙනවා. පරික්ෂණයක් කර බැලීම වැදගත්ය.