
(චින්තක ක්‍රීෂාන්ත බාලසූරිය)
පාදුක්කේ සිට අනුරාධපුරයට පැමිණි පිරිසක් රැගත් වෑන් රථයක් අනුරාධපුර - පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ශ්‍රාවස්තිපුර මොරගොඩ ප්‍රදේශයේදී වන අලියකු ඇඟේ ගැටී සිදු වූ අනතුරකින් බූ පස් දෙනකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
රක්ෂිතයෙන් ගම්මානයට පැමිණි මෙම ඇතා, අද අලුයම යළි රක්ෂිතයට යමින් සිටියදී මාර්ගයේ ගමන් කළ වෑන් රථයේ ගැටී ඇත. අනතුරින් පසු කෝපයට පත් ඇතා වෑන් රථයටද පහර දී හානි සිදු කර තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය තුළ පුද්ගලයන් 6 දෙනෙකු පමණ සිට ඇත.
ප්‍රදේශවාසීන් එක්ව වහා ක්‍රියාත්මක වී ඇතා පලවා හැර තුවාලකරුවන් රෝහල්ගත කර ඇති අතර, ඔවුන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව පොලිසිය පවසයි.
මෙම මාර්ගයේ ගමන් කරන රථවාහනවලට වන අලින්ගෙන් නිරන්තරයෙන් ප්‍රහාර එල්ල වන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. මාර්ගය අසල ඇති තේක්ක රක්ෂිතයෙන් එන අලින් ගම්මානයට කඩා වැදී ජීවිත, නිවාස හා දේපළවලට දැඩි හානි සිදු කරන බවත්, මේ වන විට ගම්මානයේ ජීවිත 20කට ආසන්න සංඛ්‍යාවක් අලි ප්‍රහාර නිසා අහිමි වී ඇති බවත් ගම්මු සඳහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අවුරුදු 30ක් තිස්සේ මේ පාරේ යනවා. එතකොට මෙහෙම අලි මාරුවෙන කාලේ හරස් කරලා කඩ දාලා තිබුණෙත් නැහැ, ගෙවල් හදලා තිබුණෙත් නැහැ. මේවට වග කියන්න ඕනේ මෙහෙම අලි මාර්ග හරස් කරලා ගෙවල් හදපු එවුන් වගේම, ඒවා අනුමත කරපු ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම්ලා
ජැක්සන්ගේ අලිය වාහන භප්පල විහිළුකරන එක පුරුද්දකට අරගෙන වගේ
අලියට තුවාල නැතිද? වනජීවී නිලධාරීන්ට දැනුම්දීම කරලද?
ඒ වගේ ස්ථානවල මහා මාර්ගයේ යන එන වාහන දැනුවත් කිරීමට මාර්ගය දෙපස සලකුණු හෝ පුවරු ප්‍රදර්ශනය කරලා නැද්ද? මීටර් 50න් 50ට පුවරු ප්‍රදර්ශනය කළා නම් දෙපාර්ශ්වයටම සමගියෙන් මාර්ගය භාවිතා කරන්න පුළුවන්, කිසිම කරදරයක් නැතිව.
ඔක්කොටම ඉස්සරවෙලා අලින්ට තමන්ගේ පාඩුවේ ඉන්න පරිසරයක් හදල දීපල්ලා
මිනිස්සු කැලෑ එලි කරලා එහෙ ගෙවල් හදාගත්තොත් මේවා වෙනවාමයි.
අලින්ව, ඇත්තුන්ව ලස්සනට අන්දල රෑට නැටුම් බල බල පෙරහැරින් එක්ක යන එක කොච්චර ආදරබර පරිසරයක්ද, වත්තක බඳල ලඟටම කෑම දීල, නාවන එක කොච්චර පිනක්ද.