කුලියට ඉන්න අයටත් දුන්න අයටත් සම අයිතිය කුලී නිවැසියන්ගේ සහ ගෙවල් හිමියන්ගේ අයිතිවාසිකම් සමාන ලෙස ආරක්ෂා කිරීම අරමුණු කර ගෙන නව නීතිය පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 July 2024
රජයේ පොහොර සමාගම් දෙක එකක් වෙයි රජයේ පොහොර සමාගම් දෙක වූ කොමර්ෂල් පොහොර හා ලංකා පොහොර සමාගම් අද (12) සිට State Fertilizer නාමය යටතේ ඒකාබද්ධ කිරීමට පියවර ගෙන ඇත. 12 July 2024
නේපාල බස් රථ දෙකක් ගගකට පෙරළෙයි නේපාලයේ මගී බස් රථ දෙකක් ත්රිශූලි නමැති ගංගාවට පෙරැළී සිදුවුණු අනතුරකින් ඒවායේ සිටි මගීන් 65 ක් ජිවිතක්ෂයට පත්වූහ. මියගිය මගීන් අතර ඉන්දියානුවන් කීප දෙනකු ද සිටින බව පැවැසෙයි. 12 July 2024
බයිඩන් සෙලෙන්ස්කීට පුටින් කියයි නිතර නිතර දිව පටලවා ගන්නා ඇමෙරිකානු ජනාධිපති බයිඩන් පසුගියදා නේටෝ සමුළුව අවසානයේ පැවැති මාධ්ය හමුවකදී ඇමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස්ට උප ජනාධිපති ට්රම්ප් කියා ඇමතීම පිළිබඳ සියල්ලන්ගේම අවධානය යොමු වූවේය. 12 July 2024
ශ්රී ලංකාව තවමත් සියදිවි නසා ගැනීම් අතින් ඉදිරියෙන් ශ්රී ලංකාව තවමත් ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව සියදිවි නසා ගැනීම් අතින් ඉදිරියෙන් සිටින රටක් බව සෞඛ්ය හා කර්මානත් අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 12 July 2024
ලංකා-රුමේනියා යාලු කම වැඩි වෙයි ශ්රී ලංකාව සහ රුමේනියාව අතර අධ්යාපන, විද්යා, සංස්කෘතික, ජනමාධ්ය, යෞවන සහ ක්රීඩා යන ක්ෂේත්ර වල සහයෝගිතා වැඩසටහනක් සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට රජය තීරණය කර ඇත. 12 July 2024
බිත්තර වැට් බද්ද ඉහල දාන කතාව බොරු ලබන වසරේ සිට බිත්තර සදහා වැට් බද්දක් පැනවීමට රජය කටයුතු කරන බවටත් මේ නිසා බිත්තර මිල ඉහළ යා හැකි බවටත් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයක් යැයි කියා ගන්නා එක්තරා සංගමයක් මාධ්ය වෙත නිකුත් කර ඇති නිවේදනයක් සම්බන්ධව අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය පවසයි. 12 July 2024
ඇමැති විජයදාසගෙන් පොලිස් ලොක්කෙකුට චෝදනාවක් ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවකු මාධ්ය ඉදිරියේ විවෘත කරගෙන ප්රශ්න අහපු නිලධාරීන් නීතිය රැහැනට ගත යුතු බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්රම ව්යවස්ථාව ප්රතිසංස්කරණ අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය. 12 July 2024
කොලොන්න ඝාතනය කොන්ත්රාත්තුවක් අපරාධ කල්ලි නායකයකු වන රොටුබ අමිලගේ ලොකු අම්මාට දත් කැඩෙන්න පහර දුන් බව කියන සිද්ධියකට පළිගැනීමක් වශයෙන් කොලොන්න වතු හිමියා රුපියල් ලක්ෂ හතරක කොන්ත්රාත්තුවක් මත ඝාතනය කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 12 July 2024
පෙරවරුවේ කාර්යාල දුම්රිය 9 ක් අවලංගුයි අද (12) පෙරවරුවේ ධාවනයවීමට නියමිත කාර්යාල දුම්රිය නවයක් පමණ අවලංගු වූ බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය. 12 July 2024
යූලියා නෙවල්නායා ත්රස්තවාදීන්ගේ ලැයිස්තුවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්රධාන ප්රතිවාදියා ලෙස සැලකූ මියගිය ඇලෙක්සි නෙවල්නිගේ බිරිඳ වන යූලියා නෙවල්නායාට වරෙන්තු නිකුත් කර දින දෙකකට පසුව ඇයව රුසියානු ත්රස්තවාදීන් සහ අන්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට එරට බලාධාරීහු කටයුතු කළහ. 12 July 2024
නගර සභා ගලි බවුසරයට දෙදෙනක් යට වෙති නුවරඑලිය මහ නගර සභාවේ ගලි බවුසරයකට ප්රධාන මාර්ගයේ සුදු ඉර මතින් මාර්ගය හරහා මාරු වු පදිකයින් දෙදෙනෙකු යටවි බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්රික් මහ රෝහලට ඇතුළු කර ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය. 12 July 2024
තේවතු හිමියාගේ ඝාතනයට දෙන්නෙක් අත්අඩංගුවට කොලොන්න තේවතු හිමියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ආයුධ දෙකක් සහ මත්ද්රව්ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායම විසින් අත්අඩංගුවට ගෙන ඇත. 12 July 2024
අපරාධවලට සම්බන්ධ දෙදෙනෙක් ඩුබායි සිට කටුනායකට මනුෂ්ය ඝාතන ඇතුළු විවිධ අපරාද සිදු කර පළාගොස් ඩුබායි හි සැඟවී සිටි අපරාදකරුවන් බව කියන දෙදෙනකු එරට දී අත්අඩංගුවට මීට සුළු මොහොතකට පෙර කටුනායක රැගෙන ආ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 12 July 2024
බූස්සෙන් දුරකතන සොයා ගනී බුස්ස බන්ධනාගාරයේ අද අලුයම දක්වා කරන ලද සෝදිසි මෙහෙයුමකදි විශේෂ අංශයේ සිර මැදිරි 05ක තිබි ජංගම දුර කතන පහක්, චාජර්,ඩේටා කේබල් සිම් කාඩ්පතක් ඇතුලු උපාංග රැසක් සොයාගත් බව බන්ධනාගාර අධිකාරි කාරයාලය පවසයි. 12 July 2024
නිරිත දිගට වැස්ස වැඩිවන ලකුණු ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග ප්රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව කියයි. 12 July 2024
අනධ්යන විධායක ශ්රේණිය වැඩ වර්ජනය අවසන් කරයි විශ්වවිද්යාල අනධ්යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්රේණියේ නිලධාරීන් මාස දෙකකට ආසන්න කාලයක් ක්රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කළ බව විශ්ව විද්යාල ප්රතිපාදන කොමිසමේ ප්රකාශකයෙක් ඊයේ (11) රාත්රී පැවසීය. 12 July 2024
කොටුව මහේස්ත්රාත් කෝසලගේ සේවය අත්හිටුවයි කොටුව මහේස්ත්රාත් කෝසල සේනාධීර මහතාගේ සේවය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ. 12 July 2024
සතියකට 1,700 ක් ‘කොව්ඩ්’ වලින් මැරෙනවා ‘කොවිඩ් 19’ වයිරසය සැර බාල වී ඇති නමුත්, එය තවමත් ලොවට තර්ජනයක් බව ලෝක සෞඛ්ය සංවිධානයේ ප්රධානී ටෙඩ්රෝස් ඇඩ්හම් ගෙබ්රියේසිස් ජිනිවා නුවර පැවැති මාධ්ය හමුවකදී පැහැදිලි කළේය. 12 July 2024
සජබ ප්රතිපත්තියේ පළමුවැන්න අධ්යාපනය සමගි ජන බලවේගයේ ප්රතිපත්තිය වන්නේ පළමුව අධ්යාපනය බැවින් ඒ සඳහා දිය හැකි ඉහළම ආයෝජන ලබා දී පෞද්ගලික අධ්යාපනයත් නිදහස් අධ්යාපනයත් අතර ඇති වෙනස නැති කරන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය. 11 July 2024
අධිවේගයෙන් හොරා කෑ අය තමවත් සේවයේ මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්ත අධිවේගී මාර්ගයේ සේවය කරමින් මුදල් අක්රමිතාවලට සම්බන්ධ බවට විමර්ශනවලදී අනාවරණය වූ තවත් මුදල් අයකැමිවරුන් දස දෙනකු පමණ තවමත් එම ස්ථානවලම සේවය කරන බව අභ්යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 11 July 2024
පොලිස් සුනඛ කොට්ඨාසයට අලුත් සාමාජිකයන් 13ක් එක් වේ පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනඛ කන්ඩායම සඳහා අලුතින්ම එක්වූ ගැබ්බර බැල්ලියන් දෙදෙනකු පැටවුන් 13 දෙනෙකු ප්රසූත කළ බව පොලිස් මාධ්ය කොට්ඨාසය කියයි. 11 July 2024
ජනතාව අසරණ කර ඉල්ලීම් දිනා ගැනීම නරකයි ශ්රී ලංකා පොදු ජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති ජනතාව අසරණ කොට ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කරන්නේ නැතැයි එම පක්ෂයේ ජාතික සංවිධායක ා පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (11)කොළඹදී පැවසීය. 11 July 2024
දුම්රිය වර්ජනය අවසන් දුම්රිය ස්ථානාධිපති සංගමය ප්රමුඛ දුම්රිය වෘත්තිය සමිති තුනක් දින දෙකක් ක්රියාත්මක කළ වැඩ වර්ජනය අද (11)දා මධ්යම රාත්රියේ අවසන් කිරීමට තීරණය කළ බව මීට සුළු මොහොතකට පෙර දුම්රිය ස්ථානාධිපති සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය. 11 July 2024
වනිඳු නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි ශ්රී ලංකා විස්සයි විස්ස ක්රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 11 July 2024
පොල්- තැඹිලි වගාවට තුන් බියක් පොල් හා තැඹිළි වගාවේ ව්යාප්ත වෙමින් පවතින සුදුමැස්සා, පොල් කුරුමිණියා හා රතු කුරුමිණියා නැමැති කෘමි උවදුර පාලනය සඳහා මාසයක කාලයක දී කඩිනම් ඒකාබද්ධ පළිබෝධ පාලන වැඩසටහනක් අරඹන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට අද (11)දා උපදෙස් දුන්නේය. 11 July 2024
වර්ජනය කෙරූ දුම්රිය ස්ථානාධිපතිවරු පන්නයි ප්රවාහන මහා මාර්ග සේවා අත්යවශ්ය සේවාවක් බවට පත්කර ගැසට් කර තිබියදී වෘත්තීය සමීති ත්රස්තවාදීන් විසින් රටේ පොදු නීතිය අභියෝගයට ලක් කර තිබෙනවා. 11 July 2024
අල්ලස් ගත් වාරි ඉන්ජිනේරුවා රිමාන්ඩ් කණින ලද වැලි සහ පස් කුඹුරු සහ කලපු ඉඩම් වෙත බැහැර කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්රියාත්මක නොකර සිටීමට රුපියල් ලක්ෂ 04 අල්ලසක් ඉල්ලා ලක්ෂ 02 මුදලක් ලබා ගත්තේ යැයි කියන අක්කරෙයිපත්තුව ප්රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ ප්රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා සහ ඔහුගේ රියදුරු ලබන 19දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැටුණු වෙල මහතා අද (11)නියෝග කළේය. 11 July 2024
සමාජ ක්රියාකාරී චිරන්ත අමරසිංහට නොතීසි මන්නාරම සංවර්ධන කටයුතු පිළිබඳව දැනුවත් කිරීම සඳහා උතුරට ගිය ජනපති රනිල් වික්රමසිංහ මහතා හමුවූ මන්නාරම රදගුරු ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්රනාන්දු පියතුමාට බැණ තර්ජනය කර එම සංවාදය ජනපතිවරයාගේ ප්රතිරූපය කෙලෙසන පරිදි සමාජ මාධ්යයේ ප්රචාරය කළේ යැයි කියන සමාජ ක්රියාකාරී චිරන්ත අමරසිංහට ලබන 25 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණු වෙල මහතා අද (11) නොතීසි නිකුත් කළේය. 11 July 2024
රිය අනතුරින් අයෙක් මරුට යාපනය නුවර ඒ 09 මාර්ගයේ තීරු මුරුකන්ඩිහිදි අද (11) සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් තිදෙනකු බරපතල තුවාල ලබා ඇති බව මාන්කුලම් පොලිසිය සදහන් කරයි. 11 July 2024
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026