රන්බිස්කට් යැයි ලයිටර් පෙන්වා ලක්ෂ ගණනින් වංචා කරලා විදේශ රටකින් ගෙනෙන ලද රන් බිස්කට් යැයි පවසමින් වෙන්නප්පුව වයික්කාල ප්රදේශයේ පුද්ගලයෙක්ට රුපියල් ලක්ෂ දහයකට විදේස් රටක ලයිටර් වර්ගයක් අලෙවිකර මුදල් වංචා කළ පුද්ගලයන් දෙදෙනෙකු ගම්පොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 21 March 2024
කෙහෙළියට වෑන් රථයක් දුන්නේ බස් රථ නොමැතිවීම නිසයි රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් කොළඹ මහාධිකරණය වෙත රැගෙන ඒම සඳහා බන්ධනාගාර බස් රථ නොමැති වීම හේතුවෙන් පසුගිය 12 වැනිදා ආරක්ෂණ අංශය සතු වෑන් රථයක් යොදාගත් බව බන්ධනාගාර මාධ්ය ප්රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසීය. 21 March 2024
ඩිලාන් පෙරේරාත් කෝප් කමිටුවෙන් ඉවත්වෙයි පොදු ජන පෙරමුණේ මන්ත්රී ඩිලාන් පෙරේරා මහතා ද කෝප් කමිටුවෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. 21 March 2024
කසල තේ 13,000ක් උඩුනුවරින් අල්ලයි අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ නීති විරෝධී කසල තේ ගබඩා හතරක් වැටලු ගම්පොළ විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඒවායෙහි තිබූ කසළ තේ කිලෝ දහතුන්දභස් දෙසිය දාහතක් සමග හිමිකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. 21 March 2024
පරාටේ නීතිය අත්හිටුවන පනත මැතිසබයට බැංකු ලබාදී ඇති ණය කලට වේලාවට නොගෙවන පුද්ගලයන්ගේ දේපළ අත්පත් කරගෙන වෙන්දේසි කිරීමේ ක්රමවේදය (පරාටේ නීතිය) තාවකාලිකව අත්හිටුවීමට විධිවිධාන ඇතුළත් බැංකු මගින් ප්රදානය කරන ලද ණය අයකර ගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද(21) ඉදිරිපත් කෙරිණ. 21 March 2024
කතානායක සහ විධායකය එක්ව කුමන්ත්රණයක කතානායකවරයා විධායකය සමග හවුල් වී මහා කූට ව්යවස්ථාදායක කුමන්ත්රණයක් ක්රියාත්මක කොට තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 March 2024
මුහුදේ නාන්න ගිය ලැඟුම්හල්හිමියා -සේවකයා මරුට:අයෙක් අතුරුදන් යාපනය , ඉලවාලෙයි සෙන්දන්කුලම මුහුදේ දිය නෑමට ගිය තිදෙනකුගෙන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතිඅතර තවත් අයකු ගිලී අතුරුදන්ව ඇතැයි ඉලවාලෙයි පොලිසිය කියයි. 21 March 2024
වැල්ලවායේ බස්රථ අනතුරකින් 16ක් රෝහලේ වල්ලවාය තණමල්විල මාර්ගයේ වැල්ලවාය නගරයට ආසන්නයේ පිහිටි නාගරික බෞද්ධ මංන්දිර සමිපයේ අද (21) උදෑසන සිදුවු බස්රථ අනතුරකින් රියදුරු ඇතුලු පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. 21 March 2024
පාකිස්තාන අගමැති වැටුප එපා කියයි රට මුහුණ දෙන අවිනිශ්චිත ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින්, තම වැටුප සහ තමන්ට හිමි සියලු ප්රතිලාභ අත් හැරීමට පාකිස්තාන නව අග්රාමාත්ය ෂෙහ්බාස් ෂරීෆ් ප්රමුඛ සිය නව කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 21 March 2024
බැසිල් රනිල් තව හමුවක් අද ජනාධිපති රනිල් වික්රමසිංහ සහ ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය. 21 March 2024
කතානායක විශ්වාසභංගයේ අවසාන ඡන්ද විමසීම අද කතානායක මහින්ද යාපා අබේවර්ධනමහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ අවසාන ඡන්ද වීමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය. 21 March 2024
කෙහෙළියත් අද මැතිසබයට? බාල බෙහෙත් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඔහු කැමතිනම් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව පිළිබඳව අවසාන ඡන්ද විමසීමට කැඳවාගෙන එන ලෙස වේත්රධාරී කුෂාන් ජයරත්න මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම්දි ඇත. 21 March 2024
මහවැලියෙන් අතහැරුණු ඉඩම් කඩිනම් සංවර්ධනයට රට නවීන කෘෂි ආර්ථිකයක් කරා ගෙන යන ගමනේ දී මහවැලි ව්යාපාරයෙන් අතහැරණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනය කර ජනතාවට එහි ප්රතිලාභ ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. 21 March 2024
ඇමැති බිරිය අධිකරණ නියෝගයක් කඩලා තඹුත්තේගම මහේස්ත්රාත් අධිකරණයේ නඩුවකට අදාල අධිකරණයේ පෙනී සිටින ලෙසට මීට පෙර දුන් නියෝගයක් කඩ කළ බව කියන කැබිනට් අමාත්යවරයකුගේ බිරියට ලබන 22 අධිකරණයේ පෙනී සිටින්නැයි තඹුත්තේගම මහේස්ත්රාත් බුද්ධික මල්වත්ත මහතා නියෝග කළේය. 21 March 2024
අලි එලවන්න ගිය සිවිල් ආරක්ෂක නිලධාරීන් දෙන්නාට ප්රහාරයක් හලාවත බංගදෙනිය දුම්රිය ස්ථානයට ආසන්න කැලැවක රැදි සිටි වල් අලි රංචුවක් පලවා හැරිම සදහා වනජීවි නිළධාරීන් සමඟ කටයුතු කරමින් සිටි සිවිල් ආරක්ෂක බලකා නිළධාරීන් දෙදෙනෙකුට එල්ල වු වල් අලි ප්රහාරයකින් ඔවුන් හලාවත මහ රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම වනජීවි සහකාර අධ්යක්ෂ එරන්ද ගමගේ මහතා පැවසිය. 21 March 2024
පොලිසියට වෙඩි තැබූ සැකකරු වෙඩිකා නසී ගනේ මුල්ල සුමේධ මාවත ප්රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ වෙඩි හුවමාරුවකින් වෙඩි වැදී බරපතල තුවාල ලැබූ සැකකරු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි . 21 March 2024
කාලගුණයේ වෙනසක් දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අද දින සිට අපේක්ෂා කල හැක. 21 March 2024
ගත් හැටි කියන්න බැරි ලක්ෂ 200ක වාහන පොලිසියට විශුද්ධිකරන වැළැක්වීමේ පනත යටතේ දේපොළ ක්රියා විරහිත කිරීමේ නියමය අනුව, දිඹුලාගල සිරිපුර නුවරගල ප්රදේශයේ නිවෙසකින් රුපියල් ලක්ෂ දෙසීයක් පමණ වටිනා වාහන තොගයක් අද සවස සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. 20 March 2024
අයි.එම්.එෆ් - සජිත් හමුවක් ළදරුවන් ගැබිණි කාන්තාවන් මව්වරුන්, 41 ලක්ෂයක් පාසල් සිසුන් මෙන්ම තරුණයන් තුළ ද මන්දපෝෂණ තත්ත්වය වර්ධනය වී ඇති බවත් එය මැඩ පැවැත්වීම සඳහා ජාත්යන්තර මූල්ය අරමුදලේ සහාය අවශ්ය බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා එම නියෝජිතයින් සමග කොළඹදී අද (20) පැවති හමුවකදී ප්රකාශ කළේය. 20 March 2024
පොලිස් කාන්තා සැරයන් ට්රක් රථයට යටවී මරුට කාන්තා පොලිස් නිළධාරීනියක ට්රක් රථයකට යටවී මියගොස් ඇති බව මතුගම පොලිසිය පවසයි 20 March 2024
ලන්ච්ෂීට් කිලෝ 5,377 ක් පුත්තලමේදී විනාශ කරයි මධ්යම පරිසර අධිකාරිය හා පාරිභෝගික කටයුතු අධිකාරිය එක්ව සිදුකල වැටලිම් වලදි අත් අඩංගුට ගැනුන පොලිතින් වලින් නිශ්පාදිත ආහාර දවටන (ලන්ච් ෂීට්) කිලෝ 5377 ක් අධිකරණ නියෝගයෙන් පුත්තලම සිමේන්ති නිශ්පාදන කර්මාන්ත ශාලාවේ අධි දහන උදුනට දමා විනාශ කිරීමට කටයුතු කෙරුණී. 20 March 2024
ආනයන-අපනයන පරතරය පියවා නොගත්තොත් රට යළි බංකොලොත් ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබා ගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. 20 March 2024
වෛද්ය සිසු සිසුවියෝ පාරට බසිති ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයට අනුබද්ධ හෝමාගම රෝහල පෞද්ගලික උපාධි ආයතනයකට පැවරීමට කැබිනට් මණ්ඩලයට ගෙන ඇති තීරණයට එරෙහිව එම විශ්වවිද්යාලයේ වෛද්ය පීඨ ශිෂ්ය සංගමය කොළඹ සෞඛ්ය අමාත්යංශය ඉදිරිපිට අද (20) උද්ඝෝෂණයක් පැවැත්වීය. 20 March 2024
දුමින්ද නාගමුව-ලහිරු වීරසේකර අත්අඩංගුවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධාය කළ ‘ජන අරගලය‘ විරෝධතා පාගමනයේ යෙදුණු දුමින්ද නාගමුව සහ ලහිරුවීරසේකර ඇතුළු 33 දෙනෙක් පොලිසිය විසින් අද (20) අත්අඩංගුවට ගනු ලැබූහ. 20 March 2024
පෙරටුගාමී විරෝධතාවට ජල -කඳුළු ගෑස් ප්රහාරයක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අයත් ජන අරගල ව්යාපාරය අද (20) සංවිධානය කළ විරෝධතාවයකට කොටුව දුම්රිය පොළ අසලදී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කර තිබේ. 20 March 2024
කලා අයිතිය රකින පනත් කෙටුම්පත අධිකරණ ඇමැතිට කලාකරුවන්ගේ වෘත්තිය අයිතිවාසිකම් ආර්ථික සහ සංස්කෘතික අයිතින් ආරක්ෂා කිරීම සදහා සැකසූ නව දළ පනත් කෙටුම්පත අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතාට අද පිළිගැන්වීය. 20 March 2024
ජනපති ඉන්නෙ පොහොට්ටුව එක්ක ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පොහොට්ටුව නිසි වේලාවේදී නිවැරැදි තීන්දුව ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ආණ්ඩු පක්ෂ ප්රධාන සංවිධායක ප්රසන්න රණතුංග මහතා පැවසීය. 20 March 2024
ක්රම සහ විධි කමිටුවේ මුල් පුටුව යළිත් පාඨලිට කොළඹ දිස්ත්රික් මන්ත්රී පාඨලි චම්පික රණවක මහතා ක්රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් අද (20) නැවත වරක් නිතරඟයෙන් පත්වී ඇත. 20 March 2024
ලොව සතුටුම රට ෆින්ලන්තය ලොව සතුටින්ම සිටිය හැකි රට ලෙස පිටපිට හත්වැනි වරටත් එම කිරුළ දිනා ගැනීමට ෆින්ලන්තය මෙම වසරේ ද සමත් විය. 20 March 2024
ජනපති සංගීතය අහන්න යයි ෂෙනුක් විජේසිංහ මහතා විසින් සෞන්දරී ඩේවිඩ් රොඩ්රිගෝ සහ නෙරංජන් ද සිල්වා යන මහත්ම මහත්මීන් සමඟ එක්ව ඉදිරිපත් කළ ‘My Tribute’ ප්රසංගය නැරඹීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මිය සහභාගී වූහ. 20 March 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026