
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව රුපියල් කෝටි 4100 ක ඉන්ධන සහනාධාරයක් කැබිනට් මණ්ඩලයෙන් අනුමත කර ගත් නමුත් එවැනි සහනයක් ජනතාවට නම් ලැබී නැතැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.
රටේ උද්ධමනය වේගයෙන් ඉහළ නගිමින් තිබෙන නමුත් ඊට ද විසඳුමක් රජයට නැතැයි මන්ත්රීවරයා කීය.
මුජිබුර් රහුමාන් මහතා මේ බව කීවේ සමගි ජන බලවේග ප්රධාන කාර්යාලයේ පැවැති මාධ්ය හමුවට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්රීවරයා මෙසේද පැවැසීය.
‘‘රටේ උද්ධමනය වේගය සියයට 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර සඳහා වන උද්ධමනය සියයට 8.7 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජන හා සංඛ්යා ලේඛන වාර්තාව අනුව පහුගිය මාස කිහිපය තුළම ක්රමක් ක්රමයෙන් ඉහළ ගොස් තිබෙනවා. ශ්රී ලංකාවේ සාමාන්ය දළ උද්ධමනය වේගය සියයට 4.5 ක් පමණ වෙනවා. නමුත් පසුගිය මාස කිහිපය තුළ උද්ධමනය ඉහළ යාම පාලනය කර ගන්න ආණ්ඩුවට නොහැකි වෙලා තිබෙනවා යනුවෙන් ද මන්ත්රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ධන අඩුකම හින්දා මොළේ පාවිච්චි කරන්නේ බැරුව වගේ පෑන්නේ. හෙලෝ, මේඩ් පෙර දිගේ උඩේ. වාතාවරණයක් තියෙනවා, තෙල් විතරක් නොවෙයි, අත්යවශ්ය දේවල් සැපයෙන්නේ පහසු නෑ.
මුළු ලෝකේ හැම රටකම ඉන්ධන මිල වැඩි වෙලා. සහනාධාරය නැත්නම්, ඉන්ධන මිල රුපියල් 500/- ඉක්මවන්ට තිබුනා. මේ මනුස්සයා කතා කරන්නේ ලිං මැඩියෙක් වගේ.
යකෝ තොපි හිටිය නම් අදත් ඉන්දන ගන්න සල්ලි නැ, මොකද තොපි කාර් බාර් , රට සාවාරි , කාර් පර්මිට්, සැප ගන්න එක තමයි තොපේ පලමු රාජකාරිය, ඉන්දන කියෙනව නේ ඇතිවවෙන්න, ඊයෙ එංගලන්තෙ ඩිසල් මිල ලිටරය අපේ රුපියල් 800/ බොරුවට මේ ආන්ඩුවට දොස් කියන්නෙ නැතිව , කට වහගෙන හිටපල්ල.
සහනෙ නොලැබුනත් ඉන්දන තියෙන එකම ලොකු සතුටක්