ත්රිරෝද රියදුරාගේ මළ සිරුර කාණුවක මිරිහාන මාදිවෙල වෙල්සිරිපුර ප්රදේශයේ ත්රිරෝද රථ අලුත් වැඩියා කරන ආයතනයක් ආසන්න මාර්ගයේ කාණුවක් තුළ සැක සහිත අයුරින් මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වූ බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි. 06 September 2024
විදුලිය - ඛනිජ තෙල් අත්යවශ්ය සේවා කරයි විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් අත්යවශ්ය සේවා කර ගැසට්ටුවක් නිකුත්කර තිබේ. 06 September 2024
ව්යාජ නෝට්ටු සමඟ කාන්තාවක් අත්අඩංගුවට ව්යාජ රුපියල් 5000 නෝට්ටු හැට දෙකක් සමඟ කාන්තාවක අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය පවසයි. 06 September 2024
විටින් විට වැසිවාර කිහිපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව කියයි. 06 September 2024
වතු බංගලාවේ බලෙන් සිටි රාජ්ය ඇමති අරවින්ද කුමාර් දොට්ට අධ්යාපන රාඡ්ය අමාත්ය අරුණාචලම් අරවින්ද කුමාර් මහතා අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි බව කියන හැටන් වැවිලි සමාගමට අයත් ලිඳුල ‘හෙන්ෆොල්ඩ්’ වතුයායේ පිහිටි නිල නිවසේ තිබු අරවින්ද කුමාර් මහතාට අයත් සියලු භාන්ඩ සමඟම අදාළ නිවස නුවරඑලිය දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරිය විසින් වතු අධිකාරිවරයාට අද බාර දෙන ලදී. 05 September 2024
දේශබන්දුගේ අතුරු නියෝගය ඉවත්කරන්නැයි හිමිවරු හතරකගෙන් පෙත්සමක් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළකාලමින් ශ්රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ඉවත දමන්නැයි ඉල්ලා බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්න හිමියන් ඇතුළු හිමිවරු තිදෙනෙක් ශ්රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සමක් ගොනු කරනු ලැබුහ. 05 September 2024
බස් දෙකක් හැපී 45ක් රෝහලට බිබිල - අම්පාර මාර්ගයේ ළිඳකුඹුර ප්රදේශයේදී ලංගම බසයක් පෞද්ගලික බසයක පිටුපස ගැටී සිදුවූ අනතුරකින් ඇඟළුම් කම්හල් සේවක සේවිකාවන් සහ මගීන් 45 දෙනකු තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 05 September 2024
නවීකරණය අහිමි කළ නොහැකි අයිතියක් - චීන ජනපති නවීකරණය යනු සියලු රටවලට අහිමි කළ නොහැකි අයිතියක් බවත්, එහෙත් බටහිර රටවල් ඒ සඳහා සිදු කරන ප්රවේශය මඟින් දියුණු වෙමින් පවතින රටවලට අපමණ දුක් ගෙන දී ඇති බවත් චීන ජනාධිපති ෂි ජින්පින්ග් මහතා පැවසීය. 05 September 2024
රාජ්ය අමාත්යවරු හතරක් ඉවතට රාජ්ය අමාත්යවරුන් හතර දෙනකු ජනාධිපතිවරයා විසින් ධුර වලින් ඉවත් කර ඇතැයි ජනාධිපති මාධ්ය අංශය නිවේදනය කරයි. 05 September 2024
සජබෙ කල්ලි දෙකේ ප්රතිපත්ති ප්රකාශ දෙක පරස්පරයි සමගි ජන බලවේගයේ අසමගිය පෙන්නුම් කරමින් ඉදිරිපත් කළ මැතිවරණ ප්රතිපත්ති ප්රකාශ දෙකේ සඳහන් කරුණු එකිනෙකට පරස්පර විරෝධී බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මතුගමදී පැවසීය. 05 September 2024
විදුහල්පති හතරකට එරෙහි ලංකා ගුරු සංගමයේ පෙත්සම සංශෝධනයට අවසර කොළඹ රාජකීය විද්යාලය, කොළඹ මාහානාම විද්යාලය, කුලියාපිටිය මධ්ය මහා විද්යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්යාලය යන විදුහල් සඳහා පත්කර ඇති නව විදුහල්පතිවරුන් සිය ධූරයන්හි කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ලංකා ගුරු සංගමය ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධනය කිරීමට ශ්රේෂ්ඨාධිකරණය අද අවසර දුන්නේය. 05 September 2024
ඌව ආණ්ඩුකාර මුසාමිල් ඉල්ලා අස්වේ ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.ඒම් මුසම්මිල් මහතා පළාත් ආණ්ඩුකාර තනතුරින් ඉල්ලා අස්වන බවට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද පස්වරුවේ ලිඛිතව දැනුම් දුන්නේය. 05 September 2024
මැතිවරණ නීති කැඩූ 28ක් අල්ලයි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේවන විට පුද්ගලයන් 28 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ප්රජා පොලිස්, සංචාරක, ආයෝජන සහ මැතිවරණ භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අසංග කරවිට මහතා පැවසීය. 05 September 2024
නාමල්ට එරෙහි නඩුවකට දින දෙයි පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වශයෙන් සිටියදී අයතා ලෙස උපයාගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් හෙලෝකෝප් සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල පෙබරවාරි 13 වැනි දින යළි කැඳවීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා අද (05)නියම කළේය. 05 September 2024
අතේ කෑල්ලක් නාමල්ට අත දෙයි ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්රී ලංකා නිදහස් පක්ෂය එළඹෙන ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීම සඳහා අවබෝධතා ගිවිසුමක් අද (5) අත්සන් තැබීය. 05 September 2024
එජාපයට 78යි එක්සත් ජාතික පක්ෂයේ 78 වන සංවත්සරය සමරු උත්සවය පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී හෙට (6) පෙරවරු 9ට පැවැත්වේ. 05 September 2024
ගෑස්-තෙල් බොරු පෝලිම් හදන්න ගිහින් මාට්ටු මහනුවර කටුගස්තොට පාරේ ඉන්ධන පිරවුම් හලක ව්යාජ ලෙස තෙල් සහ ගෑස් පෝලිමක් ඇතිකොට එය වීඩියෝ ගත කිරීමට තැත් කිරීමේදී මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් සහ පොලිසිය එක්ව එය වහාම නතර කිරීමට පියවර ගෙන තිබේ . 05 September 2024
උද්දිකගේ රථයට වෙඩි තැබූ සිද්ධියේ සහකාර පොලිස් අධිකාරී අල්ලයි රංගන ශිල්පී උද්දික ප්රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතා අද (5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හෝකන්දර ප්රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. 05 September 2024
’’පාලකයෝ ජනතාව අසීරුවට පත් කරලා’’ මෙරට දේශපාලන අස්ථාරත්වය ජනතාවගේ ජන ජීවිත අසීරු තැනකට තල්ලු කර ඇතැයිපාර්ලිමේන්තු මන්ත්රී ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කොළඹදී අද පැවසීය. 05 September 2024
මුදවාගත් ධීවරයින් ගාලු වරායට ගාල්ලට නිරිත දෙසින් ගැඹුරු මුහුදේදී විදේශීය නෞකාවක හැපීමෙන් අනතුරට පත් නිහතමානී 1 නැමැති බහුදින ධීවර යාත්රාවේ සිටි ධීවරයින් හත්දෙනාගෙන් වෙනත් බහුදින ධීවර යාත්රාවක් මගින් මුදවා ගත් ධීවරයින් සිව්දෙනා ශ්රී ලංකා නාවික හමුදාවට අයත් ගජබාහු නෞකාව විසින් අද (05)වැනි දා ගාලු වරාය වෙත රැගෙන ආවේය. 05 September 2024
රජයේ වෛද්ය නිලධාරීන් සෞඛ්ය අමාත්යංශය ඉදිරිපිට විරෝධයේ බලධාරීන් සෞඛ්ය වෘත්තිය සමිති මර්ධනය කිරීමට කරන උත්සහයට විරෝධය දක්වමින් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්ය අමාත්යංශය ඉදිරිපිට අද (05)වැනි දා දහවල් විරෝධතාවක් පැවැත්වීය. 05 September 2024
වැලි ඡාවාරමක් නවත්වන්නැයි ජල ටැංකියකට නඟියි වැලිකන්ද මහවැව ප්රදේශයේ කළුදියවැව ආසන්නයේ පස් සෝදා ක්රියාත්මක කරන වැලි ලබාගැනීමේ ව්යාපෘතියෙන් මඩ සියල්ල එම වැවට මිශ්රවීම හේතුවෙන් පවුල් 500කට පමණ මඩවතුර බීමට සිදුව ඇති බවට පවසා විරෝධය පළ කරමින් මනම්පිටිය නැගෙනහිර මහවැව ගම්මානයේ පුද්ගලයෙකු අඩි සියයක් පමණ උසැති ජල ටැංකියකට නැගි මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත. 05 September 2024
’’අපි ඉතාමත් සැලසුම් සහගතවයි මේ ගමන ආවේ’’ ජාතික ජනබලවේගයේ අපි ඉතාමත් සැලසුම් සහගතවයි මේ ගමන ආවේ. ගිය ජනාධිපතිවරණේ ඡන්ද ප්රතිඵල දිහා බැලුවොත් කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ. මේ ජනාධිපතිවරණ ඡන්දෙ දී අපි දිනයි කියලා. අපි සැලසුම් සහගතව පියවරෙන් පියවර ඇවිල්ලා මේ ජනාධිපතිවරණ ඡන්දෙ දී ජයග්රහණය කරන බලවේගය බවට අද ජාතික ජනබලවේගය පත්වෙලා තිබෙනවා. ඒක හාස්කමක් නෙමේද. ඒක විශාල පරිවර්තනයක්. අන්න ඒ වගේම අපි ඔබට සහතිකවෙනවා. මේ හැම අතින්ම කඩා වැටිල තිබෙන රටත්, පියවරෙන් පියවර ජාතික ජනබලවේගය මේ රට සමෘද්ධිමත 05 September 2024
දයාසිරිට වාරණයක් පාර්ලිමේන්තු මන්ත්රී වේලු කුමාර් මහතා සම්බන්ධයෙන් අපහාසාත්මක හා අසත්ය තොරතුරු සමාජ මාධ්ය හරහා ප්රසිද්ධියට පත් කිරීම වළක්වමින් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතාට වාරණ නියෝගයක් කොළඹ ප්රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද(05) නිකුත් කළේය. 05 September 2024
තුටු පඬුරක් ගත් බලංගොඩ බස් නැවතුමේ ස්ථානාධිපති රිමාන්ඩ් ගල්ලෙන කන්ද - බලන්ගොඩ මාර්ගයේ බස් ධාවන බලපත්රයේ කාල සටහන වෙනස් කර දීම සඳහා රුපියල් 60000 තුටු පඬුරක් ලබා ගත්තේ යැයි කියන බලංගොඩ බස් නැවතුම්පොළේ ස්ථානාධිපතිවරයා ලබන 13 දින දක්වා බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා අද (05)නියෝග කළේය. 05 September 2024
මහා පරිමාණ මුදල් වංචා කළ චීන ජාතිකයෙකු පිටුවහල් කරයි චීනය තුළ එරට මුදල් ඒකකය වන යු ආන් මුදල් මහා පරිමාණයෙන් වංචා කර ජාත්යන්තර පොලිසියෙන් නිල් වරෙන්තු ලක්වී සිටි , චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පිටුවහල් කර තිබේ . 05 September 2024
’’දූෂිත දේශපාලන හවුල් සමග එකතු වෙන්නෑ’’ සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකට එකතු වෙන බවට සමාජ මාධ්ය හරහා ව්යාජ පුවත් මවන බවත් ජනතාව සමග හැර ජරාජීරණ අන්ත දූෂිත දේශපාලන හවුල් සමග එක්වීමක් සමගි ජන බලවේගයට නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ගාල්ලේදී පැවසීය. 05 September 2024
මොරටුමුල්ල පොලිසියේදී පහර කෑ අයෙකු ජාතික රෝහලට මාරුකරයි මොරටුමුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් පහර දුන්නේ යැයි කියන සිද්ධියක් හේතුවෙන් පානදුර මූලික රෝහලට ඇතුළත්ව සිටි පුද්ගලයා කොළඹ ජාතික රෝහලට මාරු කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 05 September 2024
ප්රචාරය අවසන් කිරීමට අනුරගෙන් රැළි තුනක් ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ප්රචාරක කටයුතු අවසන් කරමින් ගම්පහ, කළුතර සහ නුගේගොඩ යන නගර තුනේ ප්රධාන රැළි තුනක් පැවැත්වීමට සැළසුම් කර ඇති බව එම පක්ෂය පැවසීය. 05 September 2024
නොර්වුඩ් වතු යායක සිසුන් හතරක් අතුරුදන් නොර්වුඩ් වෙන්චර් ශා/ජෝන් ඩිලරි වතුයායේ පදිංචි පාසල් සිසුන් හතර දෙනකු අතුරුදන් වීමක් සම්බන්දයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි නෝර්වුඩ් පොලීසිය කියයි. 05 September 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026