IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


’’දූෂිත දේශපාලන හවුල් සමග එකතු වෙන්නෑ’’

(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකට එකතු වෙන බවට සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ පුවත් මවන බවත් ජනතාව සමග හැර  ජරාජීරණ අන්ත දූෂිත දේශපාලන හවුල් සමග එක්වීමක් සමගි ජන බලවේගයට නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගාල්ලේදී පැවසීය.

සමගි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු වී ඇති මොහොතක ජනාධිපතිවරයා සහ ජනතා විමුක්ති පෙරමුණ එකට වී බොරු කට කතා හදා සමාජ මාධ්‍ය වලට  මුදල් ගෙවා විවිධ බොරු ප්‍රචාරයන් සිදුකරන  බවත් ඒවාට නොරවටෙන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු කීවේය.

ජනාධිපතිවරයාට සහ මාලිමාවේ නායකයාට එකට එකතු වීමට ආසාවක් ඇති බවත් ඒ අයට එකතු විය හැකි වුවත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරුගරන ප්‍රතිපත්තිගරුක පක්ෂයක් වන සමගි ජන බලවේගය රට විනාශ කළ කල්ලි සමග කිසිදු අවස්ථාවක එකට එකතු නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ 33 වැනි විජයග්‍රාහී ජන රැළිය ගාල්ල නගරයේදී අමතමින් සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

රට ගොඩනැගීමට හොදම ප්‍රතිපත්තිය දර්ශනය සහ වැඩපිළිවෙළක් ඇති  අත්දැකීම උගත්කම බුද්ධිය ඇති දක්ෂතම කණ්ඩායම ඇත්තේ සමගි ජන සන්ධානයට බැවින් රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ ආර්ථික වර්ධනයට විශාල දායකත්වය ලබා දෙන පෞද්ගලික අංශයේ සේවයේ නිරත වන අයට සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ශක්තිමත් වැඩපිළිවෙළක් ඇති බවත් ඔහු  සඳහන් කළේය.

පෞද්ගලික අංශයේ හාම්පුතුන්ගේ ධනය මෙන්ම සේවකයන්ද දුෂ්කරතා මැද විශාල වැඩ කොටසක් කරන බවත් පෞද්ගලික අංශයේ අවම වැටුප රු. 25000 දක්වා ඉහළ දැමීමට අවශ්‍ය රෙගුලාසි සකස් කරන බවත් ප්‍රේමදාස මහතා කීවේය.

ඔවුන්ට වැඩබිමේ කරන උදාර කර්තව්‍යය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බවත් ඒ යටතේ  සේවක අයිතිවාසිකම් සුරකින සේවක ප්‍රඥප්තියක් සකස් කරන බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයට පැහැදිලි වැඩපිළිවෙළක් සහ දර්ශනයක් ඇති බවත් සමගි ජන බලවේගය ඉදිිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් බොහෝ දේවල් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සිදුකරමින් යන බවත් ඔවුන් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

සෑම පාසලක්ම සුහුරු පාසලක් බවට පත් කරමින් අධ්‍යාපනය ශක්තිමත් කරන බවත් මේ වගකීම සමගි ජන සන්ධානය ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද රටේ බහුතරයක් දුප්පතුන් වී ඇති මොහොතක දුප්පත්කම තුරන් කිරීමට මසකට රු.20000 බැගින් මාස 24ක් තුළ දුප්පත්කමින් මුදවා ගන්නා බවත් ආත්ම අභිමානයෙන් ජීවත් වන පරපුරක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිලක, පාඨලී චම්පික රණවක, චන්දිම වීරක්කොඩි, බන්දුලාල් බණ්ඩාරිගොඩ, විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (10)

’’දූෂිත දේශපාලන හවුල් සමග එකතු වෙන්නෑ’’

අරවින්ද මොනරවිල Thursday, 05 September 2024 12:50 PM

අනේ මෙයාව පිස්සන් කොටුවට ගිහින් දාන්න !

:       67       32

යෝගා Thursday, 05 September 2024 12:52 PM

පියාණෝට අඩු ගානේ ඉවසීම වත් තිබුණ. පුතාණෝට පිහිටල තියෙන්නේ අම්මාගේ මොළයද කොහෙද

:       60       34

Pradeep Kumara Thursday, 05 September 2024 01:03 PM

ජරා ජීර්ණ, දූෂිත දේශපාලන හවුල් සමඟ එකතු වීමට අකමැතියි කිව්වට ජරා ජීර්ණ, දූෂිත දේශපාලකයෝ ටිකක් නම් ලංකර ගත්තා නේද? කාටද මේ බයිලා කියන්නේ?

:       62       35

Nilantha Friday, 06 September 2024 07:31 AM

ප්‍රදීප් හරියටම හරි .පොහොට්ටුවෙ හිටපු අන්තම දූෂිතයො නාමල්ලියාට එකතුවෙලා සිටිද්දී දෙවැනි පෙළ දූෂිතයො ඔක්කොමලා ඔහේට එකතුවෙලා ඉන්නවා. ඊයේ ගුරුවරියක් දණගැස්සූ කාළකණ්නියාත් එකතුකර ගෙන ඔහොම කියන්නෙ කටින්ද කියලා අහන්න වෙනවා. පොහොට්ටුවෙ තෙවැනි පෙළ රනිල්ට අත දෙද්දී ගමේ පොහොට්ටුවෙ බොහොමයක් මාලිමාව ජයග්‍රහණය වෙනුවෙන් දරදිය අදිනවා. එහෙම කියන්නෙ 2019 ජනාධිපතිවරණය වෙලාවෙ ගෝඨාභය දිනවීමට උපරිමයෙන් කටයුතු කල ගමේ පොහොට්ටුවෙ එවුන් දැන් මාලිමාව වෙනුවෙන් කටයුතු කරනවා කියලා හොදින්ම දන්නවා. පැවති ආණ්ඩුවලට කවුරු දොස් කිව්වත් හිටපු පාලකයො කිසිවකු වැරදියි කියන්න බැහැ .මොකද එම පාලකයො පත්කලේ පුද්ගලික වාසිතකා ජනතාව ඡන්දය පාවිච්චි කිරීමෙන් නිසා රට අගාධයකට වැටීමේ මූලික වරද කලේ ජනතාව මිස පාලකයොම නොවෙයි. ඔය අතරේ කියන්න ඕන 1970 පත්වූ සමගි පෙරමුණේ ආණ්ඩුව සියලු පහසුකම් හා රැකියා දීමට කටයුතු කලේ ගමේ සිටි ශ්‍ර්‍රිලංකා නිදහස් පක්ෂයේ හෙංචයියන්ට පමණක් නිසා එම ආණආණ්ඩුවෙන් පස්සෙ සෑම කෙනෙක්ම පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් පාලකයො තේරීමට කටයුතු කලා .ඒ නිසා සමගි පෙරමුණේ ආණ්ඩුව මුල්ම වැරදි කරුවන් වෙනවා

:       0       5

සෙනෙවිරත්න Thursday, 05 September 2024 01:08 PM

අන්තිමට වෙන්නෙ ටෙලිෆෝනෙත් එක්ක තනිවෙන්න. තමන්ගෙ කටට එන එන පලියට දෙන කරන්න බැරි පොරොන්දු කන්දරාව කවුරුත් විශ්වාස කරන්නෙ නැහැ.

:       58       27

Surain Thursday, 05 September 2024 01:59 PM

ඔබතුමාට ජයම වෙවා ! ජනතාවට දුකින් තොර හෙටක් උදා වෙවා ! රටටම සෙතක් ලැබෙවා

:       32       59

Kazi Shajahan Thursday, 05 September 2024 02:07 PM

සජිත් ලා පොඩි හොරු , රනිල් ලා ලොකු හොරු ,ඉතින් එකතුවෙයල්ලා .ඕක ලැජ්ජාවක් නෙමෙයි .කොහොම කලත් ඔක්කොම හොරුනේ

:       54       22

duplicate Ralahami Thursday, 05 September 2024 02:16 PM

ඔබතුමාට ජය නියතයි .දුෂිතයන් මොන වේශයෙන් ආවත් හමු වෙන්නවත් එපා .දුප්පත් ජනතාව ඔබතුමා ගැන ලොකු විශ්වාසයකින් ඉන්නේ. එය ආරක්ෂා කරගන්න

:       23       55

CW Friday, 06 September 2024 03:53 AM

මුසම්මිල්?

:       0       1

Chandra Friday, 06 September 2024 07:37 AM

අසව්.....අසව්, දුශිතයකුගේ ප්‍රකාශය ..

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 10 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 12 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3301 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2467 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3059 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5888 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18712 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site