දිල්ලි ළමා රෝහලේ ගින්නට 6 ක් බිලි දිල්ලියේ ළමා රෝහලක නොමේරූ ළඳරු ඒකකයක, ගින්නක් හට ගත්තේය. ගින්නට අලුත උපන් බිලිඳුන් 7 දෙනකු හසුවී මියගිය බව පැවැසෙයි. 26 May 2024
කෝටි 50ක අම්බර සමඟ ධීවරයා මාට්ටු දුර්ලභ තල්මසුන්ගේ වමනය බවට හඳුන්වන අම්බර කිලෝග්රෑම් තිහක් සමඟ බේරුවල කරදගොඩ ප්රදේශයේ පදිංචි ධීවරයෙකු බේරුවල වෙරළ ආරක්ෂක බුද්ධි නිලධාරියෙකුගේ තොරතුරක් මත බේරුවලපොලිසිය මගින් අද (26) අත්අඩංගුවට ගත් බව කියයි. 26 May 2024
හෙරොයින් විකිණු සුරාබදු නිලධාරියාට වැඩ වරදී හෙරොයින් මත්ද්රව්ය අලෙවි කරමින් සිටි බව කියන සුරා බදු නිලධාරියකු සහ පෞද්ගලික බැංකුවක සහකාර කළමනාකරුවෙකු ඇතුළු පස් දෙනෙකු අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . 26 May 2024
ලොකුම සන්ධානය හදන්නේ අපි ඉදිරි මැතිවරණ ඉලක්ක කරමින් ශ්රී ලංකාවේ ලොකුම හා ශක්තිමත්ම සන්ධානය ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ කරගනිමින් ආරම්භ කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා පැවසීය. 26 May 2024
ගුජරාටයේ ගින්නට 24 ක් බිලි ඉන්දියාවේ ගුජරාට ප්රාන්තයේ, පරිගණක වීඩියෝ ක්රීඩා සඳහා තරුණ තරුණියන් නිතර ගැවසෙන ගොඩනැගිල්ලක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවී මියගිය ගණන 24 කි. 26 May 2024
මන්ත්රීකම ගහල ගියත් ඩයනා ගත්තු තීරණ වලංගුයි ඩයනා ගමගේ මන්ත්රීවරියගේ මන්ත්රී ධූරය අහෝසි කෙරුණද ඇය මන්ත්රීවරියක ලෙස ගත් තීරණ කිසිවක් අහෝසි නොවන බව පාර්ලිමේන්තු ප්රධානීහු පවසති. 26 May 2024
පිහි පහරින් තරුණයා මරුට වෙසක් සිරි නැරඹීම සඳහා පිරිසක් සමඟ යමින් සිටි පුද්ගලයකුට ඔරුගොඩවත්ත බේස්ලයින් මාර්ගයේදී පිහියකින් ඇන ඝාතනය කල පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ග්රෑන්ඩ්පාස් පොලිසිය කියයි. 26 May 2024
විදුලිසැර වැදී එක්දරු පියා මරුට වෙසක් කූඩුවකට විදුලිය ලබා ගැනීමට යාමේදී විදුලිය සැර වැදීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි. 26 May 2024
මස්සිනාගේ පිහි පහරින් මස්සිනා මරුට යාපනය තාවඩි ප්රදේශයේ සිදු වූ පිහි ඇනුමකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ තරුණයෙකු මියගොස් ඇති බව චුන්නාකම් පොලිසිය සදහන් කරයි. 26 May 2024
නිධානයේ මැණික් කෝටි14කට විකුණන්න ගිහින් නිධානයකින් ගත් බව කියන මැණික්ගල් 14 ක් රුපියල් කෝටි දහ තුන හමාරකට අලෙවි කිරීමට සුදානම් වු කාන්තාවක් ඇතුළු පුද්ගලයන් හය දෙකු කටුගස්තොට පොලීසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ. 26 May 2024
උඩරට දුම්රිය ධාවනය පෙර පරිදිම උඩරට මාර්ගයේ සියලු දුම්රියන් අද (26) උදෑසන සිට සාමාන්ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. 26 May 2024
වැසි-සුළං අඩු නොවන හැඩ නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව කියයි. 26 May 2024
‘‘පහරදීම් නවතනු‘‘ ජාත්යන්තර අධිකරණයෙන් ඊශ්රායලයට නියෝගයක් දකුණු ගාසා තීරයේ රෆා නගරයට එල්ල කරන හමුදා ප්රහාර වහාම නතර කරන ලෙස ජාත්යන්තර අධිකරණය ඊශ්රායලයට නියෝග කළේය. 25 May 2024
ගසක් කඩා වැටී කතක් මරුට : අඹූසැමි යුවළක් රෝහලේ පවතින වර්ෂාවත් සමඟ අද (25) රාත්රියේ හපුතලේ දිසාරෝහල අසල නිවසක් මතට විශාල කරපන්ටයින් ගසක් කඩා වැටී එහි සිටි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා හපුතලේ දිසාරෝහලින් දියතලාව මූලික රෝහලට මාරු කළ බව හපුතලේ පොලිසිය පැවසීය. 25 May 2024
වලවේ ගඟේ ගිලී පුද්ගලයකු මරුට බලන්ගොඩ කල්තොට ප්රදේශයේ දී වලවේ ගඟේ ගිලි පුද්ගලයකු අද (25) දා සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 25 May 2024
‘’ජනපතිවරණය ඔක්තොබර් 17‘‘ ජනාධිපති මැතිවරණය ප්රථමයෙන් මේ වසරේ ඔක්තොබර් 17 වන දින පවත්වන බවත්, එම මැතිවරණය කිසිවෙකුටත් වළක්වාලිය නොහැකි බව අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසිය. 25 May 2024
රත්නපුර ප්රා.ලේ බල ප්රදේශ 9 කට නායයාම් නිවේදන රත්නපුර දිස්ත්රිකට පවතින අධික වර්ෂාවත් සමග ප්රදේශිය ලේකම් කොටිඨාශ 09 කට නාය යැමෙිි දෙවැනි මටිටමෙිි පුර්ව නිවෙිදන (25) දා නිකුත් කල බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ රත්නපුර දිස්ත්රික් ඉංජිනේරු අභිත වනසුන්දර මහතා පවසයි. 25 May 2024
සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ දැමූ බිරිඳ ඇතුළු සොහොයුරා අත්අඩංගුවට තම සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ රසායන ද්රව්යයක් දමා ඔහු ඝාතනය කිරීමේ චෝදනාවට බෙලිඅත්ත කොස්ගහගොඩ ප්රදේශයේ පදිංචි 45 හැවිරිදි තිදරු මවක් සහ එයට අනුබල දුන් ඇයගේ සොහොයුරෙකු අද (25) දහවල් අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසයි . 25 May 2024
හිටපු විගණකාධිපතිගේ වෛද්ය සැපයුම් නිර්දේශ 47 ක් වසර හයක්ම හමස් පෙට්ටියේ සෞඛ්ය අමාත්යාංශය මගින් වෛද්ය සැපයුම් ලබා ගැනීම හා බෙදාහැරීමේ ක්රියාවලිය විධිමත් කිරීම සඳහා 2018 දී ලබාදුන් විගණන නිර්දේශ 47 ක් වසර හයකට වඩා කාලයක් ගතවුවද තවමත් ක්රියාත්මක කර නැතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. 25 May 2024
මේ වසරේ රට බංකොලොත් බවින් මුදා ගන්නවා මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදා ගෙන රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. 25 May 2024
දේශපාලකයන් හතළිහකට අල්ලස් පරීක්ෂණ අල්ලස් දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් හතළිහකට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 25 May 2024
කොළඹ - බදුල්ල දුම්රිය 4ක් අදත් අවලංගුයි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට ගස් හා ගල් කඩා වැටීම සැලකිල්ලට ගෙන අදත් (25) කොළඹ - බදුල්ල සහ බදුල්ල - කොළඹ කොටුව රාත්රී තැපැල් දුම්රිය දෙක සහ රාත්රී කොළඹ හා බදුල්ල, බදුල්ල හා කොළඹ විශේෂ දුම්රිය දෙකද අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 25 May 2024
නෙදර්ලන්තයෙන් ලැබුණ තෑග්ග ජනපති විවෘත කරයි දිවයින පුරා සෞඛ්ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජයේ අරමුදල් මත රුපියල් මිලියන 5,320ක වියදමින් කිලිනොච්චි දිස්ත්රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්යස්ථානය (Centre of Excellence for Women’s Healthcare) අද (25) ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි. 25 May 2024
මැතිසබයේ තවත් අනංගයෙක් කාන්තාවන්ට අයුතු යෝජනා කරමින් අවස්ථා ගණනාවකදීම විනය විරෝධී ලෙස හැසිරී ඇතැයි පැවසෙන පාර්ලිමේන්තුවේ අංශ ප්රධානියකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. 25 May 2024
දියතලාව හපුතලේ මාර්ගය විවෘත කෙරේ පවතින දැඩි සුලං සමග විශාල ටර්පන්ටයින් ගස් මාර්ගයට කඩා වැටීමෙන් වසා දැමූ කොළඹ බදුල්ල ප්රධාන මාර්ගයේ දියතලාව හපුතලේ මාර්ගය අද (25) උදෑසන යලි විවෘත කල බව දියතලාව පොලිසිය පවසයි . 25 May 2024
ඡන්දය දැම්මාට සහතිකයක් ඉන්දීය විදේශ අමාත්ය එස්. ජයිශංකර් නවදිල්ලි අගනුවර ඡන්ද පොළකදී සිය ඡන්දය ප්රකාශ කළේය. ඒ, අදියර 7 ක් යටතේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ 6 වැනි අදියර ආරම්භ වෙද්දීය. 25 May 2024
ඉන්දීය මැතිවරණයේ සය වැනි අදියර ඇරැඹේ ඉන්දීය මහ මැතිවරණයේ 6 වැනි අදියර අද (25) ඇරැඹිණි. ඉන්දීය මහ මැතිවරණය අදියර 7 කින් යුක්තය. අවසන් අදියර ජූනි පළමු වැනිදා ආරම්භ වනු ඇත. 25 May 2024
මල්වානේ කුඹුරක මළ සිරුරු දෙකක් දොම්පේ මල්වාන මායිවල ප්රදේශයේ කුඹුරක පාවෙමින් තිබූ මලසිරුරු දෙකක් හමුවූ බව දොම්පේ පොලිසිය පවසයි. 25 May 2024
අදත් ටිකක් තදින් වැස්ස නිරිත දිග මෝසම් තත්වය හේතුවෙන් පවතින් වැසි සහ සුළං තවදුරටත් බලාපොරොත්තුවනු බව කාලගුන විද්යා දෙපාර්තමේන්තුව පවසයි. 25 May 2024
තරුණයෙක් ගුවන් පාලමකින් අධිවේගී මාර්ගයට පැනලා දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය සහ කොට්ටාව අතුරු මාර්ගයක පාලමේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට පැනීම නිසා ධාවනය වෙමින් තිබූ වාහනය ගැටුණු තරුණයකු බරපතල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි. 25 May 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026