ක්රිකට් කණ්ඩායම ජනපති හමුවෙයි ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී ජුනි 01 වනදා සිට ජූනි 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට දිවයිනෙන් පිටත්ව යන ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමු විය. 13 May 2024
හාම්පුතුන්ට මුහුණ දෙන්න සූදානම් වතු කම්කරු ප්රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්රියා මාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්ය ජීවන් තොන්ඩමන් මහතා පැවසීය. 13 May 2024
ෆෝන් චාජරයෙන් විදුලි සැර වැදී පස් හැවිරිදි දැරියක් මරුට ජංගම දුරකථනය ආරෝපණය කිරීමටයාමේදී විදුලි සැරවැදී පස් හැවිරිදි දැරියක මියගොස් ඇති බව පොලිසිය පවසයි. 13 May 2024
දුම්රිය සේවකයා දුම්රියේ නම තියයි කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර දුම්රියේ වැටී තිබූ නවසීලන්ත ජාතකයකුට අයත් රුපියල් ලක්ෂයකට අධික මුදල්, බැංකු කාඩ් පත් රියදුරු බලපත් ඇතුළු අත්යවශ්ය ලියකියවිලි තිබූ මුදල් පසුම්බියක් අහුලාගත් දුම්රිය සේවකයෙකු නැවත එම විදේශිකයාට භාරදීමේ සිද්ධියක් මහනුවර දුම්රිය ස්ථානයේදී වාර්තා විය . 13 May 2024
කාන්තා කාමරයට බඩ ගෑ එස්.ටී.එෆ් කොස්තාපල් ගෙදර කොළඹ වෙරළබඩ පොලිසියේ කාන්තා නිලධාරිනියන්ගේ භට නිවාසයට ඇතුළුවී ලිංගික අතවර කිරීමට තැත්කළ බව කියන එස්.ටී.එෆ්.කොස්තාපල්වරයාගේ වැඩතහනම් කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතා උපදෙස් ලබාදී තිබේ. 13 May 2024
බෝම්බ බියකින් ජායිපූර් පාසල් 35ක් වැසෙයි මීට වසර 16කට පෙර ජායිපූර් නගරය කම්පාවට පත් කළ බෝම්බ ප්රහාරමාලාවේ සංවත්සරය යෙදී තිබූ අද (13) දින විද්යුත් තැපෑල මගින් නගරයේ පාසල් 35 කට බෝම්බ අනතුරු ඇඟවීමක් ලැබීම හේතුවෙන් නගරයේ ආරක්ෂාව තර කිරීමට ජායිපූර් පොලිසිය කටයුතු කර ඇත. 13 May 2024
අයි.එම්.එෆ් ගිවිසුම වෙනස් කරන බව කීම ගොනාට ඇන්දීමක් ජනවරමක් ලබාගැනීමෙන් පසු ජාත්යන්තර මූල්ය අරමුදලේ ගිවිසුම් වෙනස් කරන බවට පොරොන්දු ලබා දෙමින් ඇතැම් පක්ෂ නායකයින් ජනතාව ඇන්දවීම පදනම් විරහිත බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 13 May 2024
කෝටි ගණන් බදු පොලු තැබූ තෝරු මෝරු 4479ක් විවිධසමාගම් සහ ආයතන ඇතුළු පුද්ගලයන් 4479ක් රුපියල් කෝටියක් හෝ ඊට වැඩි ගණනින් බදු මුදල් රජයට පැහැර හැර ඇති බවට තොරතුරු අධ්යයනවලදී පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්යාලයේ ආර්ථික විද්යා හා සංඛ්යාන අධ්යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය. 13 May 2024
විජයදාසට බාධා නොකරන්නැයි නියෝගයක් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අභිනව සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (12) දින පත් කර ගැනීමට සහ විධායක සභාව විසින් ගත් තීරණවලට බාධා කිරීම සියලු පාර්ශවයන්ට වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි වික්රමසූරිය මහත්මිය විසින් අද (13) දින නියෝග කලාය. 13 May 2024
අධිකරණය ජෙරොම් ගැන වාර්තාවක් නීතිපතිගෙන් ඉල්ලයි බුදු දහම ඇතුළු ආගම් වලට අපහාසවන අන්දමින් ප්රකාශ සිදු කරන ලදැයි චෝදනා ලැබ සිටින දේව ගැති ජෙරොම් ප්රනාන්දු සම්බන්ධයෙන් මෙතෙක් සිදු කරන ලද විමර්ශන ප්රගතිය දැක්වෙන වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන්නැයි ශ්රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කරමින් අද (13) දන්වා සිටියේය. 13 May 2024
විද්යාව ප්රශ්න පත්රයේ අවුල ලිහයි අපොස සාමාන්ය පෙළ විද්යා ප්රශ්න පත්රයට විෂය නිර්දේශයෙන් ඉවත් කෙරුණු කොටස් ඇතුළත් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය. 13 May 2024
අලුත් පනතකින් මැතිසබයත් පුපුරණ හැඩ ස්ත්රී පුරුෂ ආනන්යතාවයෙන් බැහැර පුද්ගලයන්ට කිසියම් නිත්යානුකූල පිළිගැනීමක් ලැබෙන බව පැවසෙන ස්ත්රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මැතිසබයේ ප්රබල හඬක් නැගීමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්රීවරු පිරිසක් සූදානම් වෙති. 13 May 2024
උතුරු කොරියාවේ රතු ලිප්ස්ටික් තහනම් තම රට වැසියන්ට අමුතු අසාමා්ය විදියේ නීති පැනැවීම සම්බන්ධයෙන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්රසිද්ධියක් උසුළයි. විදෙස් මාධ්ය වාර්තා කරන අන්දමට, උතුරු කොරියාවේ රතු තොල් සායම් තහනම් කිරීම ද නායක කිම් ජොන් උන් පියවර ගෙන ඇත. 13 May 2024
කම්කරු වැටුප ඇත්තටම වැඩි කරන හැටි විජිත කියයි වතු කම්කරුවන්ට 1700ක වැටුප් නියම කරමින් බොරු ගැසට් ගැසීම වතු හාම්පුතුන්ට උසාවි යන්නට සැදූ අවස්ථාවක් පමණක් බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් මන්ත්රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 13 May 2024
නෙළුම් කුළුණෙන් පැන්න ඇමෙරිකානුවාට පිම්ම වැරදේ කොළඹ නෙළුම් කුළුණේ ඉහළ සිට බේස් පැනීමේ ඉසව්වට ඊ සහභාගිවූ විදේශ ජාතිකයකු පැරෂුටය ක්රියාත්මකවීමට ප්රමාදවීමෙන් පිම්ම වැරදී නෙළුම් කුළුණේ පහළ කොටසේ වැදී තුවාල ලබා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. 13 May 2024
ප්රජා කමිටු ගැන දයාසිරිගෙන් චෝදනාවක් වහල තියෙන පළාත් පාලන ආයතනවල දොරවල් හෙමින් සීරුවේ විවෘත කිරීමට ආණ්ඩුව ප්රජා කමිටු හරහා උත්සාහ දරන බව කුරුණෑගල දිස්ත්රික් මන්ත්රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 13 May 2024
සල්ලි ගත්තු අය අගමැති හෙළිකරයි ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ අයටත් විමධ්යගත අරමුදල් ව්යාපෘති ලබාදී ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය. 13 May 2024
පාසල් චෙස් ශූරයෝ ලංකාවට දකුණු ඇමෙරිකාවේ පේරු රාජ්යයේ පැවති 16 වන ලෝක පාසැල් චෙස් ශූරතා තරගාවලිය සදහා ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්රීඩක ක්රීඩිකාවෝ අද(13) ශ්රී ලංකාවට පැමිණියහ. 13 May 2024
සරසවි අනධ්යයන උද්ඝෝෂණයට ජල ප්රහාරයක් බත්තරමුල්ල, පොල්දූව හන්දියේ විශ්වවිද්යාල අනධ්යන සේවකයින් පවත්වමින් සිටි උද්ඝෝෂණය විසුරුහැරීම පොලීසිය මීට සුළු මොහොතකට පෙර ජල ප්රහාරයක් එල්ල කළේය. 13 May 2024
සොබාදහම මට යළි අවස්ථාව දුන්නා අවංක අභියෝගයක් බාරගෙන පාර්ලිමේන්තුවෙන් ඉවත්වීම නිසා සොබා දහම විසින් නැවත තමාට අවස්ථාවක් ලබා දුන් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් මන්ත්රී මුජුබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 13 May 2024
කුලියාපිටිය තරුණයාගේ ඝාතනයට සැකපිට පෙම්වතිය අත්අඩංගුවට කුලියාපිටියේ සුසිත් ජයවංස නමැති තිස් හැවිරිදි තරුණයා අතුරුදන් කර ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු අතුරුදන්ව සිටි මෙම ඝාතන සිද්ධියේ සැකකරුවකු වන සිඟිති නමැත්තාගේ දියණිය එම තරුණයාගේ ඝාතන සිද්ධියෙන් දින 20ක කාලයකට පසු අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය සඳහන් කරයි. 13 May 2024
අලි බූතෝගේ රුව මුදල් නෝට්ටුවලට පාකිස්තානයේ ප්රජානත්ත්රවාදී විරුවකු ලෙස සැලකෙන, පාකිස්තාන ජනතා පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියා ද වූ සුල්ෆිකාර් අලි බූතෝගේ රුව එරට මුදල් නෝට්ටුවලට යොදන්නැයි පාකිස්තාන ෆෙඩරල් රජයට බල කරමින්, පාකිස්තාන ජනතා පක්ෂය නව යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. 13 May 2024
ඉන්දුනීසියාවට මහ වැසි: ජල ගැලීම්වලින් 41 ක් මරුට ඉන්දුනීසියාවේ බටහිර පළාත්වලට මහ වැසි ඇද හැලෙයි. පසුගිය සති අන්තයේ ඉන්දුනීසියාවේ මරාපි ගිනි කන්ද සක්රිය වී පුපුරා ගියේ ලාවා තට්ටු ද පිට කරමිණි. 13 May 2024
අවසන් ග්ලැසියරයත් වෙනිසියුලාවට අහිමිවන ලකුණු ලතින් ඇමෙරිකා රාජ්යයක් වන වෙනිසියුලාවට අයත්ව තිබූ අවසන් ග්ලැසියරයත් දිනෙන් දින හැකිළෙමින් පවතින බව විදෙස් මාධ්ය පවසයි. ඒ ගෝලීය උණුසුම නිසා නිර්මාණය වූ එල් නීනෝ නමැති විපරිත දේශගුණික විපර්යාස හේතුවෙනි. 13 May 2024
ඉන්දීය මහ මැතිවරණය: සිවුවැනි අදිරය ඇරැඹේ අදියර හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ සිවුවැනි අදියර අද (13) ආරම්භ වෙයි. සිවුවැනි අදියරේ දී, ඉන්දීය ලොක් සභාවට නියෝජිතයන් 96 දෙනකු තෝරා ගැනීම සිදුවෙයි. ඒ, ප්රාන්ත නවයක සහ ඉන්දීය ජනාධිපතිවරයාගේ පාලනය යටතේ පවතින යූනියන් ප්රදේශයකය. 13 May 2024
බඹරු ඇන දෙදරු පියා මරුට කොටුගොඩ රද්දොළුගම නිවාස සංකීරණයේ තෙමහල් ගොඩනැගිල්ලක විශාල ප්රමාණයේ බඹර කූඩයක් ඇවිස්සීමෙන් බඹර ප්රහාරයකට ලක් වූ දෙදරු පියකු මිය ගොස් කුඩා ළමුන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි රද්දොළුගම පොලිසිය කියයි . 13 May 2024
දිස්ත්රික්ක පහකට නායයෑම් අනතුරු දිවයිනේ ඇතැම් ප්රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්රික්ක පහක ප්රාදේශිය ලේකම් කොට්ඨාස 13 කට නායයෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. 13 May 2024
ත්රිරෝද රථ කොල්ලකරු පොලිස් දැලේ කුලී ගමන් යන මුවාවෙන් ත්රිරෝද රථවලට නැගී එහි රිදුරන්ට පිහි පෙන්වා ත්රිරෝද රථ ඇතුළු දේපල කොල්ලකෑ පුද්ගලයකු කොල්ලකන ලද තීරෝද රථ දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසය කියයි. 13 May 2024
ගව ඝාතනයට විරුද්ධව යාපනයේ විරෝධතා යාපනය දිස්ත්රික්කයේ සිදු වන ගව ඝාතනයන්ට එරෙහිව යාපනය නගරයේදී විරෝධතාවක් පැවැත්විණි. 13 May 2024
මන්ත්රින්ට වාහන දෙන්න පාර්ලිමේන්තු කමිටු අනුමැතිය ශ්රී ලාංකිකයන් දරා ගත නොහැකි ජීවන වියදමකින් පීඩා විඳිද්දී තමන්ට සහනදායී ලෙස වාහනයක් ගෙන්වීමට බලපත්රයක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට මන්ත්රීවරුන් පිරිසක් කර ඇති ඉල්ලීම එම කාරක සභාව පිළිගෙන ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේය. 13 May 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026