අ‘පුර වකුගඩු ඒකකය මරණය අභියස වකුගඩු රෝගයෙන් දැඩිව පීඩා විඳින රජරට ප්රදේශයේ විශාල රෝගීන් පිරිසක් ප්රතිකාර ලබන අනුරාධපුර දිස්ත්රික් ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ ශල්යගාරය සහ වාට්ටුව වැසීයාමේ අවදානමක පවතින බව රෝහල් ප්රකාශකයෙක් කීය. 03 May 2024
ආගමන විගමනයට ජනතා විරෝධය ගුවන් තොටුපළ සංචාරක වීසා නිකුත් කිරීමේ බලය ඉන්දීය සමාගමට පැවරීමට විරෝධය දක්වමින් සමාජ ක්රියාකාරීන් පිරිසක් බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්ගමේන්තු ප්රධාන කාරියාලය පරිශ්රය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. 03 May 2024
ලාල් කාන්ත සමාජවාදය අත්හැරීම සතුටක් ලාල් කාන්ත මහත්තයා සමාජවාදය අතහැරීම ගැන සතුටු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 03 May 2024
ලාෆ් ගෑස් මිලත් අඩුවෙයි ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා අද (3) නිවේදනය කළේය. 03 May 2024
සැමියාගේ පිහි පහරින් බරපතල තුවාල ලැබූ බිරියත් මරුට මොනරාගල නක්කල පාලම හංදිය අසල නක්කල බදුල්ල පාර 15 ඉඩමේදී සිදුවු පවුල් ආරවුලක්මත සැමියා සිදුකළ පිහි ඇනුමෙන් බරපතල තුවාල ලබා ප්රතිකාර ලබමින් සිටි බිරියද මියගොස් ඇතැයි පොලීසිය කියයි. 03 May 2024
එළවළු මිල ගැන සතුටු හිතෙන වාර්තාවක් මෙම වසර අවසන්වන තෙක් එළවළු මිල ගණන් අසාමාන්ය ලෙස ඉහල යාමේ අවදානමක් නැතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි. 03 May 2024
කැලිප්සෝ දුම්රියට ලොකු ඉල්ලුමක් දුම්රිය බදුල්ල දක්වා ධාවනය ආරම්භකර වසර සියයක් සපිරීම නිමිත්තෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරම්භකළ කැලිප්සෝ සංචාරක දුම්රියේ කැලිප්සෝ සංගීතය සහ ආපන ශාලාව යළි ආරම්භ කර තිබේ. 03 May 2024
ලිට්රෝ ගෑස් මිල පහළට ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 175 කින් අඩු කිරීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (3) පෙරවරුවේ නිවේදනය කළේය. 03 May 2024
සාපෙළ අපේක්ෂකයන්ට හැදුනුම්පත් කාර්යාල හෙට විවෘතයි අපොස සාමාන්ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලය,ගාල්ල, කුරුණෑගල වවුනියාව මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්රික්කවල පිහිටි පළාත් කාර්යාල හෙට (4) පෙරවරු 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තබන බව මහජන ආරක්ෂක අමාත්යාංශය පවසයි. 03 May 2024
අයිස් එක්ක ‘හොරා-පොලිස්‘කළ කතුන් දෙන්නෙක් මාට්ටු සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවක සහ හිටපු පොලිස් කොස්තාපල්වරියක අයිස් මත්ද්රව්ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. 03 May 2024
මා - පිය වලියට දැරිය දිවි පුදයි මාස දෙක හමාරක් වයසැති බිලිඳියකගේ සිරුරක් කල්පිටිය කන්දකුඩාව ගම්මානයේ නිවසක පිටුපස ළිඳේ පාවෙමින් තිබියදී සොයාගත් බව කල්පිටිය පොලිසිය පවසයි. 03 May 2024
මේ වසරේ දෙවන පාසල් වාරය අදින් අවසන් 2024 වසරේ පාසල් පළමු වාරයේ දෙවැනි අදියර අදින් අවසන් වන බව අධ්යාපන අමාත්යංශය පවසයි. 03 May 2024
හදන දුම්රිය මගේ අනාරක්ෂිත ගමනින් සිසුවෙක් මරුට ගල්ගමුව ඉන්ධන පිරවුම්හලම පිටුපස ප්රතිසංස්කරණය කරන දුම්රිය මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් එහි ඇළක් තුළට වැටීමෙන් පාසල් සිසුවෙකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 03 May 2024
පළාත් තුනකට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව, සහ මධ්යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් පස්වරු 2.00 පමණ පසු ස්ථාන ස්වල්පයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 03 May 2024
ආසියා කැරම් අනු ශූරයෝ දිවයිනට 06 වන ආසියානු කැරම් අනු ශූරතාවය දිනා ගනිමින් රිදී පදක්කමත්, කාන්තා යුගළ තරගාවලියෙන් ලෝකඩ පදක්කමත් , පිරිමි කණ්ඩායම මෙම තරගාවලියේ තුන් වන ස්ථානයත් දිනා ගනිමින් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 03 May 2024
නිදා සිටියදී මරා දමලා නෙදුන්කේනි කිරිසුඩ්ඩාන් ප්රදේශයේ නිවෙසක නිදාගෙන සිටි පුද්ගලයකුට කිසියම් පුද්ගලයකු හෝ කීපදෙනකු ආයුධයකින් හිසට පහර දී ඝාතනය කර ඇති බව නෙදුන්කේනි පොලිසිය පවසයි. 03 May 2024
මැයි රැලිවල වියදම කෝටි 200යි දේශපාලන පක්ෂ මැයි දින රැලි සහ පෙළපාළි වෙනුවෙන් රුපියල් කෝටි දෙසීයකට ආසන්න මුදලක් මෙවර වැය කර ඇතැයි අප කළ සොයා බැලීමකදී තොරතුරු අනාවරණය විය. 02 May 2024
කුලියාපිටිය අතුරුදන් තරුණයා ගැන අධිකරණය දුන් තීන්දුව අවුරුදු තිහක විවාහකයකු පැහැර ගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියේ ප්රධාන සැකකරු ලෙස සැලකෙන සිඟිති නමැත්තකු ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ සහෝදරයකු හොර රහසේ රටින් පලා යෑමට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා ලෙසට කුලියාපිටිය මහේස්ත්රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගත් බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය සඳහන් කරයි. 02 May 2024
යුක්රේනයට AI ප්රකාශිකාවක් යුක්රේනයේ යුද ගැටුම් සහ රජයේ කටයුතු සම්බන්ධයෙන් පැය 24 පුරා මාධ්ය දැනුවත් කිරීම් සඳහා යුක්රේනය AI හෙවත් කෘත්රිම බුද්ධි තාක්ෂණයෙන් ප්රකාශිකාවක් නිර්මාණය කර ඇත. 02 May 2024
බසයේ බැරි වූ රන් පාර්සලය අහුලා දෙයි ස්ප්රීංවැලි බැද්දේගම සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක පාපුවරුව අසල වැටී තිබූ අයිතිකරුවකු නොමැති රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා රන් භාණ්ඩ තොගයක් අහුලාගෙන අද (2) ඌව පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන සේවා අධිකාරියේ සභාපති සුසිල් කුමාර මහතා ට බාර දුන්හ. 02 May 2024
මහ සයුරේ රත්රන් සමග අයෙක් මාට්ටු රුපියල් කෝටි 100 කට අලෙවි කිරිමට සූදානම් කර තිබූ ‘මහ සයුරේ රත්රන්‘ ලෙස හදුන්වනු ලබන තල්මස් ඇම්බර් කිලෝ 5 ක් සමග අහුංගල්ල ප්රදේශයේ ප්රසිද්ධ සමාගම කළමනාකරුවෙක් වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 02 May 2024
හෝමාගම හෝටලයක් යුද පිටියක් කළ සරසවි සිසුන්ට ඇප හෝමාගම හොටලයක පැවැති සාදයක් අතරතුර ඇති වූ ගැටුමක් අතර තුර හෝටලයට පහරදී අලාභහානි කරමින් එහි සේවකයන්ට පහරදුන් පෞද්ගලික සරසවියක සිසුන් 11 නා සහ එක් සිසුවික ඇප මත මුදා හැරීමට හෝමාගම අධිකරණය අද නියෝග කළේය. 02 May 2024
මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්රාප්ත වෙයි ශ්රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්යාඥයකු, දාර්ශනිකයකු සහ දේශපාලන විශ්ලේෂකයකු වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්රාප්ත විය. 02 May 2024
ගුවන්තොටේ වීසා සමාගම අපේ නොවෙයි කටුනායක ගුවන්තොටුපළේ වීසා ගැටලුවට ඉන්දියාවේ සම්බන්ධයක් නැතැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. 02 May 2024
වීසා බලය සමාගමට දුන්නේ කැබිනට්ටුවේ කැමැත්තෙන් කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ කටයුතු ඇරඹූ සමාගම ලෝකයේ රටවල් 67 ක මධ්යස්ථාන 146 ක් හරහා සේවා සපයන ජාත්යාන්තර සමාගමක් මිස ඉන්දියානු සමාගමක් නොවන බව මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා පැවසීය. 02 May 2024
ආර්ථිකය තාමත් ’’අතුරේ’’ රටේ ආර්ථිකය තවමත් තිබෙන්නේ අතුරේ යන තත්ත්වයක බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 02 May 2024
කොල්ලුපිටියේ කොල්ලයට පොලිසියේ දෙකක් මාට්ටු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා කොල්ලුපිටිය ප්රදේශයේ නිවෙසකින් රුපියල් එක්කෝටි විසිලක්ෂයක මුදලක් සහ එහි තිබූ ඩොලර් 3500 ක මුදල් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ බව කියන පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (2) අත්අඩංගුවට ගනු ලැබූහ. 02 May 2024
සරසවි අනධ්යන සේවකයෝ අඛණ්ඩ වර්ජනයක වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලු කිහිපයක් මුල් කරගනිමින් සියලුම විශ්වවිද්යාල අනධ්යන කාර්ය මණ්ඩලය අද (02) දහවල් 12.00 සිට අඛණ්ඩ වෘත්තීය ක්රියාමාර්ගයකට අවතීරණ වූ බව විශ්වවිද්යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි. 02 May 2024
පරාටේ නීතිය තහනමට මුදල් කමිටුවේ අනුමැතිය පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත. 02 May 2024
ගම්පහට මී උණ අවදානමක් මිනුවන්ගොඩ සෞඛ්ය වෛද්ය නිලධාරී කොට්ඨාසයේ ගම් 15 ක මී උණ රෝගය වැළඳීමේ අධි අවදානම් ස්ථාන 65ක් නම් කිරීමට සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලය මගින් පියවර ගෙන තිබේ . 02 May 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026