කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය අසලදී මාර්ගය හරහා පෙරළී යාමෙන් එහි රියදුරු හා රිය සහායකයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව ඇටම්පිටිය පොලීසිය පැවසීය. 19 April 2024
ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණ ක්රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි 19 April 2024
ඊශ්රාලයෙන් ඉරානයට මිසයිලයක් ඉරානය පසුගියද ඊශ්රායලයට එල්ල කළ ප්රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු තහවුරු කළහ. 19 April 2024
හබලකින් පහරදී අයෙක් මරලා ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි අරලගන්විල පොලිසිය පවසයි. 19 April 2024
පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක් කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. 19 April 2024
මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්රදේශයේදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්අඩංගුවට ගනු ලැබූහ. 19 April 2024
අදත් තැනින් තැනට වැස්ස බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 19 April 2024
වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරියෙක් පැවසීය. 18 April 2024
එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූගොඩ ප්රදේශයේ දී අද අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මනුෂ්ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය පවසයි. 18 April 2024
ශ්රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට කුමන්ත්රණකාරින් කටයුතු කරන බව පෙනෙන්නට ඇතැයි ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පැවසීය . 18 April 2024
සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්රිජ් පොලිසිය පැවසිය. 18 April 2024
කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු මත්ද්රව්ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්රව්ය ජාවාරම් කරුවකු දුරකථනයෙන් සම්බන්ධ කර දුන් බව කියන මාවතගම පොලිසියේ උප පොලිස් පරීක්ෂකයවරයෙක් සහ දොරටියාව පොලිසියේ සාජන්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 18 April 2024
අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි සිසුවකු මරු මුවට පත්වී ඇතැයි ගෝනපිනුවල පොලීසිය කියයි. 18 April 2024
හමුදාව හැරගිය අයට සමා කාලයක් නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක් ප්රකාශයට පත්කර ඇති බව යුද හමුදාව පවසයි. 18 April 2024
ප්රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක් එක්සත් ජාතීන්ගේ ප්රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්රකාශ කළේය. 18 April 2024
ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය. 18 April 2024
සැකකරු උසාවි භූමියේදී පැන ගිහින් අයිස් මත්ද්රව්ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාරීන්ගේ මිදී පලා ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 18 April 2024
සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක් සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්රමවේදයක් ඊයේ (17) දා සිට ක්රියාත්මක කළ බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවැසීය. 18 April 2024
ජාත්යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්රතිව්යුහගත කිරීම සඳහා ශ්රී ලංකාව ජාත්යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත්යන්තර මූල්ය අරමුදල සූදානමින් සිටින බව එම අරමුදලේ ප්රකාශකයෙකු පැවැසුවේය. 18 April 2024
ශ්රී ලංකා කාන්තා ක්රිකට් පිලට කෝටියක මුදල් ත්යාගයක් දකුණු අප්රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්රී ලංකා කාන්තා එක්දින ක්රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්යායක් පිරිනැමීමට තීරණය කර ඇති බවත් එහිදී නායිකා චමරි අතපත්තු විශේෂ ඇගයීමකට ලක්කිරීමට නියමිත බවත් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. 18 April 2024
දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි. 18 April 2024
ජනපති චමරිට කතා කරයි දකුණු අප්රිකාවේ එක්දින ක්රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා දුරකථන ඇමතුමක් දී සුබ පැතුම් පළ කළේය. 18 April 2024
ජාජබ - කාදිනල් හිමියන් හමුවෙයි ’පාස්කු ඉරුදින’ ත්රස්ත ප්රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියන්ට ජාතික ජන බලවේගයේ නායකයෝ බොරැල්ල අගරදගුරු නිල නිවසේදී අද (18) පෙරවරුවේ පිළිගැන්වූහ. 18 April 2024
අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලක් දියණියක් ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්යවකාශ මධ්යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්රී ලංකාවේ ආචාර්ය පියුමි විජේසේකර මහත්මියට අවස්ථාව හිමිව ඇත. 18 April 2024
සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්ය ප්රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. 18 April 2024
කෘමියෙක් නිසා ජීවිතයක් අහිමිවෙයි යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි. 18 April 2024
සමාජ මාධ්ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ඇතුළු අට දෙනෙකුට එරෙහිව සමාජ මාධ්ය පනත යටතේ පැවරූ නඩුව ශ්රී ලංකා නීතිඥ සංගමය නිරීක්ෂණයට ලක්කරන බව එම සංගමයේ සභාපති කෞශල්ය නවරත්න මහතා කොළඹ මහේස්ත්රාත් අධිකරණයට කරුණු දක්වමින් පැවසීය. 18 April 2024
අන්තිම නැකතේ- පැලයක් සිටුවේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වශයෙන් යෙදුණු පැල රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණ. 18 April 2024
අපේ කෙල්ලෝ ක්රිකට් ලොව හොල්ලති ශ්රී ලංකා කාන්තා ක්රිකට් පිල දකුණු අප්රිකානු කාන්තා ක්රිකට් පිලට එරෙහිව දකුණු අප්රිකාවේදී පැවැති එක්දින ක්රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය ලෝක වාර්තාවක් ද සමගින් ජය ලැබීමට සමත් විය. 18 April 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026