නොවැම්බර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක නව වැට් බද්ද සහ ජාතිය ගොඩ නැගීමේ බද්දත් සමඟ රුපියල් සියයක දුරකතන පෙරගෙවුම් කාඞ්පතක් භාවිත කරන්නේ නම් ඉන් තුනෙන් එකක් බදු ලෙස අයවන බව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ අද (28) ප්‍රකාශ කළහ.
දුරකතන සන්නිවේදන සේවාවලදී වැට් හා ජාතිය ගොඩනැගීමේ බද්දට අමතරව බදු වර්ග දෙකක් අයවන බවත් ඔවුහු කීහ. ඒ අනුව දුරකතන සේවාවලදී ඉහත බදු දෙකට අමතරව සෙස් හා විදුලි සංදේශ බදු ද අය වේ.
එකතු කළ අගය මත බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්දට අදාළ සංශෝධන සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුහු එම කරුණු කීහ.
දුරකතන සන්නිවේදන සේවා සැපයීමේදී සෙස් බද්ද සියයට 2ක්, විදුලි සංදේශ බද්ද සියයට 25ක්, ජාතිය ගොඩනැගීමේ බද්ද සියයට 2ක් සහ එකතු කළ අගය මත බද්ද සියයට 15ක් ලෙස අය වන බවත් ඒ සඳහා අදාළ සූත්‍රයක් වන බව ත් ඔවුහු කීහ.
සේවා සපයන්නාගේ ගාස්තුව රුපියල් සියයක් නම්, බදු ලෙස රුපියල් පනහක් අය වන බවත්, ඔවුහු පැවැසූහ. දුරකතන සේවා සමාගමට රුපියල් සියයක් අය වන බව ද කීහ. ඒ අනුව ගාස්තුවෙන් සියයට පනහක් නොව, රුපියල් පනහක් ගාස්තුව ලෙස අයවන බව ද ඔවුහු පැවැසූහ. ඒ අනුව ගාස්තුව එකසිය පනහක් නම් බදු ලෙස අය වන්නේ සම්පූර්ණ ගාස්තුවෙන් තුනෙන් එකක් යැයි ද ඔවුහු ප්‍රකාශ කළහ.
ඒ අනුව රුපියල් සියයක පෙර ගෙවුම් කාඞ්පතක් භාවිත කරන්නේ නම් ඉන් තුනෙන් එකක්, එනම් රුපියල් 33 ක් බදු වන අතර ඉතිරි රුපියල් 67 දුරකතන ගාස්තු ලෙස අයවන බව ද අන්තර්ජාල සේවාවලදී විදුලි සංදේශ බද්ද ලෙස අය වෙන්නේ සියයට 10ක් වන බැවින් අන්තර්ජාල ගාස්තු දුරකතන සේවා ගාස්තුවලට අඩු බව ද එම නිලධාරීහූ වැඩිදුරටත් කීහ.
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ඒ.කේ සෙනෙවිරත්න, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ කේ.කේ.අයි එරන්ද සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ බදු ප්‍රතිපත්ති උපදේශික තනූජා පෙරේරා යන මහත්ම මහත්මීහු මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුරකතන ගාස්තුවටත් බදු එකතු කරන එකයි අසාධාරණ (නි)
සත්‍යා, ආණ්ඩුව තියෙන්නේ මිනිසුන්ව හදන්න නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදයේදි මිනිසුන්ට තමන්ට කැමති දෙයක් කිරිමේ නිදහස තියෙනවා. අනික බදු ගහන්නේ මිනිසුන්ව හදන්න නොවෙයිනේ. ඔයගොල්ලන් වගේ අය ඉන්න නිසා තමයි මේ රට හැමදාම වළේ තියෙන්නේ. ඇයි ඉතින් දේශපාලකයෝ මොකක් කළත් ඒක සාධාරණීකරණය කරන්න හදනවනේ. වෙන රටක මේක වුණාම අද පාරේ මිනිස්සු පිරිලා, ඒකට ලංකාවේ මිනිස්සු! හැමදේම කරබාගෙන ඉන්නවා. (නි)
ඊළඟ මැතිවරණයෙන් මේ රජය පරදින එක සිකුරුයි. දුකකට තියෙන්නේ වැරදිලා හරි අරයා නැවතත් රජා වුණොත් ඉතුරු ටිකත් කාලා අධිරජ වෙන එක ගැනයි (නි)
මේ අයවැයට පෙර බද්ද. අයවැයෙන් පසුව එන බද්ද එකතුවුණාම 100 කාඩ් එකකින් කතා කරන්න සල්ලි ඉතුරුවෙන එකක් නැති වේවි. යහම යහපාලනේ මාරයි නේද. මට දුක නැවත සුද්දගේ කාලේ වගේ කාලයක් රටට උදාවෙන හින්දයි. (නි)
නව රජය භංගවේවා! (නි)
මෙහෙම කරල හරි මැති ඇමතිවරුන්ට සියලු පහසුකම් දෙමු .වෙනස මරු.අපි ගෙවමු . (අ)
ජගත් ලියනගේ, ඇප්ස්, වයිබෙර් ඒවා පාවිච්චි කරන්නත් ඉන්ටෙර්නෙට් එක තියෙන්න ඕනෑ නේද ජගත්. ඉන්ටෙර්නෙට් ලබාගන්න පෙර ගෙවුම් පත් මිලදී ගන්නා විටදී අර බදු සියල්ල කොහොමත් ගෙවන්න වෙනවා ජගත්. (අ)
මේ වැඩිවීම් අනාගතේ එනබව දැනගෙන වෙන්නැති ජන්දෙට කලින් කීවේ තරුණයන්ට වයි ෆයි නොමිලේ දෙනවා කියල. එහෙම කියල නේ තරුණ ජන්ද ලබා ගත්තේ. දැන් සැප ඇතිනේද? (අ)
මම නම් පුදුම සතුටකින් ඉන්නේ..අපිට සතුටුයි නේ දැන්..අර හැට දෙකත් මාර සතුටකින් ඇති.(අ)
බදු ගහමු, රට හදමු. (අ)
මරු. ආයෙත් ලියුම් ලියන්න කාලේ ඇවිල්ලා. (අ)
මම අහල තියන විදිහට දුරකතන සංවාද වලින් 75% වැඩියේ අනවශ්‍ය කතාබහ (අ)
පරවියන් මගින්, ගිනිමැල මගින්, හු හඩින් පණිවිඩ යවන,අතීත යුගයට නැවතත් හුරුවෙමු.(අ)
සත්‍යා ඔයා කියන අරමුණ එකනම් හොඳයි... ඒත් මෙහෙම බදු ගහන්නේ ජාතිය ගොඩ නැඟීම සඳහා කියලයි කියන්නේ.....අර මහ බැංකු වංචාවේ මිලියන ගණන ආපහු ලබා ගන්නේ කොහොමද කියලා කල්පනා කරන්න.(අ)
සත්‍යා, ජයාත්, නිකන් බොරුවට කඩේ යන්නේ නැතුව ඉන්න. ඔය ෆෝන් කණේ ගහගෙන ඉන්න ලව් කරන අයට වඩා ගොඩක් අය තමන්ගේ එදිනෙදා වැදගත් වැඩවලට ෆෝන් පාවිච්චි කරනවා. ඒ මිනිස්සු අද කබලෙන් ළිපට වැටිලා ඉන්නේ. (නි)
හොරුන්ගෙන් මුදල් ටික අයකරගෙන අපිව නිදහස් කරන්න. පින්සිදුවෙයි (නි)
සතුට කියා නිමකරන්න බැහැ. මේ සල්ලි රටටනේ. (නි)
ඔන්න කට්ටිය ඉල්ලපු වෙනස..... දැන් ඉතින් සොච්චන් පඩියෙන් යහපාලන වෙනසට ගරුකරමින් දීපු ඡන්දෙ වමාරගෙන කන එකයි ඇත්තේ ...... (නි)
දැන් සතුටුද දැන්.(හේ)
මේ දේවල් වලින් අසරණ වෙන්නේ දෙමාපියන්.(හේ)
සත්‍යා, ජයාත්, ඔබලාගේ අදහස් වල අඩක් ඇත්ත. ඉතිරිය බොරු. මේ රටේ සැවොම ජංගම දුරකතන පාවිච්චි කරන්නේ පෙම්බස් දෙඩීමට සහ එස්.එම්.එස් ගැසීමට පමණක්ම නොවේ. (නි)
මහජන මුදලින් හැම පහසුකමක්ම ලබාගන්න දේශපාලුවන්ට, උසස් රාජ්‍ය නිලධාරින්ට නම් මේ බදු වලින් කමක් නැත. එහෙත් එදා වේල සරිකර ගන්න දුප්පතුන් ළඟද තමාට ජීවත්වීමේ අවශ්‍යතා සපුරා ගැනීමට ජංගම දුරකතන ඇත. (නි)
අපි වට්ස්ඇප්, වයිබර් වගේ ඒවා පාවිච්චි කරමු (නි)
ආණ්ඩුවේ නොහැකියාව හා බංකොළොත්බාවය. (නි)
සත්‍යා, මම ඔයත් එක්ක එකඟයි. දැන් ඉන්නේ ස්මාර්ට් ෆෝන් කණේ ගහගත්ත, දවසෙන් වැඩිහරියක් මුහුණු පොතේ වල්පල් දොඩවන, අන්තර්ජාලය ඇඟිල්ලක දුරින් තිබුනත් එ්කෙන් ප්‍රයෝජනයක් නොගන්න, කඳයි බඩයි විතරක් තියන, මොළයක් නැති හිස් නිකමුන් පිරිසක්. මේකෙන් මොවුන්ව ටිකක් හරි පාලනය වුණොත් ඒක ජාතියට සේවයක් (නි)
මෙහෙම වෙන එකත් හොඳයි. දුප්පත් දෙමවුපියන්ගේ මුදල් වලින් මිළ අධික ස්මාර්ට් ජංගම දුරකතන මිළදීගෙන ඉගෙනීමට හෝ රැකියාවක යෙදීමට නැති උනන්දුවක් එස්.එම්.එස් පණිවිඩ වලට හා පෙම්බස් දෙඩීමට පෙන්වන බාලපරම්පරාවේ මොළ පෑදෙන තත්වයක් මින් ඇතිවෙන්නේ නම් මෙය වෙස්වළාගත් ආශිර්වාදයක් වෙන්නත් පුළුවන්. (නි)
අපේ පොඩි කාඩ් එකෙන් සල්ලි හූරන්නේ නැතුව කරුණාකරලා අර බැඳුම්කර වංචාවෙන් කාපු බිලියන් ගණන් සල්ලි ආපසු අරන් ඉන්න. පොඩි මිනිහව විතරක් තලන්න එපා. (නි)
සෙස් බද්ද 2%ක්, විදුලි සංදේශ බද්ද 25% ක්, ජාතිය ගොඩනැගීමේ බද්ද 2%ක් සහ එකතු කළ අගය මත බද්ද 15%ක් නම් මේ බදු ටික එකතුකළාම 44% ක්. ඉතින් අපි 100 ක කෝල් කරනකොට අඩුතරමේ 44 ක් වත් බදු යන්නේ නැද්ද? (නි)
කාල වරෙල්ලකෝ. වැඩි කලක් ගෙනියන එකක් නැහැ වගේ ආණ්ඩුව. කෝ නොමිලේ වයි-ෆයි? (නි)
සමාවෙලා කවුරුහරි පහදලා දෙනවාද මේ ගැන තවදුරටත් (නි)
ඔබට සතුටුයිද දැන්? (නි)
වෙනසක්නේ ඕනෑ කිවුවේ! (නි)