IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


13 නපුරු නෑ

 ප්‍රමාණයට වඩා  පටවාගෙන විල්පත්තුව බැලීමට ගිය 18 දෙනකු රැගත්  ධීවර බෝට්ටුවක් විල්පත්තුව පලුගහතුරේ දී පෙරලීමෙන් 5 දෙනකු මියගොස් ඇතැයි වනාතවිල්ලුව පොලිසිය කියයි. සෙසු 13 දෙනා නාවික හමුදාව සහ ධීවරයින් විසින් බේරාගනු ලැබූහ. මියගිය 5 දෙනා තලංගම උතුර පදිංචි විනුලි දනුනලියා (4) ඇගේ මව චම්පිකා ශිරෝමි (35) , චතුරිකා සුභෂිණි (20), ලලනි ගෝමස් (40) සහ ජුඩ් දයානන්ද පෙරේරා (55) යන අය බවට හඳුනාගෙන ඇත. මියගිය පිරිස පලුගස්තුරේ නාවික හමදා මුරපොළේ  නාවික  භටයකුගේ නෑයන් බව ද වාර්තා වේ. සාමාන්‍යයෙන් අට දෙනකු යන බෝට්ටුවකින් 18 දෙනකු ගමන් කර ඇතැයි පොලිස් ආරංචි කියයි.



අදහස් (0)

13 නපුරු නෑ

ලුම්බිණි Sunday, 06 October 2013 04:49 AM

ජ්වීතාරක්ෂක උපකරණ නැතුව මෙහෙම බෝට්ටු වල යන එක තහනම් කර මේක සංවිධානය කළ අයට විරුද්ධව නීති මගින් කටයුතු කළ යුතුයි. (නි)

:       0       0

පෙරේරා Sunday, 06 October 2013 04:54 AM

කණගාටුදායක සිද්ධියක්. අනික් අයට පාඩමක්.අවදානම් විනෝදය නරකයි. මියගිය අයට නිවන් සුව පතමු. සියලු සත්වයෝ සුවපත් වේවා! (නි)

:       0       0

රන්ජන් තලගොඩ මෙල්බන් Sunday, 06 October 2013 05:49 AM

නියමයි නාවික භටයාගේ දැනුම. (නි)

:       0       0

නීල් රණා Sunday, 06 October 2013 07:19 AM

සත්‍යපාල, බ්‍රිතාන්‍යය විදේශ ගමන් බලපත්‍රය තිබෙන අයට රටවල් එකසිය ගණනකට වීසා නැතුව ඇතුල්වෙන්න පුළුවන්. ලංකාවේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි පෙනී සිටිනවා විතරක් නොවෙයි නොබියව හඬ නගනවා. (නි)

:       0       0

ගමගේ Sunday, 06 October 2013 07:40 AM

මැරෙන්න තියන වෙලාවට වළක්වන්න බැහැ. කොහොම හරි මැරෙනවා. අපි කොච්චර පණ්ඩිතකම් කිවුවත් අපි හැමෝම ඔය වගේ වැඩ ජීවිත කාලය තුල කරනවා. පොඩ්ඩක් හදවතට කතා කරලා බලන්න ඔබ කවදාවත් කිසිම අවදානම් වැඩක් කරලා නැද්ද කියලා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 06 October 2013 07:50 AM

පමණට වඩා දැනගන්න එකෙනුත් වෙන්නේ විනාසේ. මුකුත් නොදන්නා එකෙනුත් වෙන්නේ විනාසේ. කියන්න තියෙන්නේ ඔච්චරයි (නි)

:       0       0

ටෙනිසන් Sunday, 06 October 2013 10:57 AM

නීල් රණා ලංකාවේ පුරවැසියෙක් තමන්ගේ රටට හෝ යන්න බලාපොරොත්තු වෙන රටට හෝ එම සමාජයන්ට හෝ වැදගත් වෙන ගමනකට විසා බලපත්‍රයක් අයදුම් කලොත් කිසිදු කරදරයකින් තොරව ඕනෑම රටකට එම බලපත්‍රය ලබා ගත හැකියි. නමුත් හොරුන්ට වංචනිකයන්ට බොරුකාරයින්ට නම් එය පහසු නැහැ. දැන් ඔයා සටන් කරන්නේ එයාල වෙනුවෙන්ද ?.බොහොම හොදයි. රටේ වෙන ප්‍රශ්ණ නැහැනේ?. (නදී)

:       0       0

විරාජ් ඒකනායක Saturday, 05 October 2013 09:12 PM

නාවික සෙබලාට කෑමට මගෙන් තණකොළ මිටක් , තමන්ගේ නෑයෙක් තියා දන්නා හතුරෝන්ටවත් ඔය විදිහට බෝට්ටු වල යන්න දෙනවද යන්න පුළුවන් ප්‍රමාණය ආරක්‍ෂිත කබා ඇඳගෙන යන්න අවශ්‍ය බව නාවික සෙබලෙක් දන්නේ නැත්නම් අනෙක් අය ගැන කවර කතාද (නදී)

:       0       0

නීල් රානා Sunday, 06 October 2013 11:49 AM

ටෙනිසන්, මේ වන විට විදෙස්ගතවී සිටින හොරෙක්, බොරුකාරයෙක්, වංචනිකයෙක් නොවේ යැයි 100% සහතික විය හැකි එක පුද්ගලයෙක් මට පෙන්වන්න. අඩුම තරමින් ආණ්ඩුවේ හෝ විපක්ෂයේ සිටින එවැන්නෙක්. එය ඔබට කළ නොහැකියි. ඒවගේම අපේ අය යන කිසිම රටක් හොර, බොරු, වංචාවෙන් තොර රටක් ලෙස හැඳින්විය හැකිද? . (නදී)

:       0       0

නීල්-රානා Saturday, 05 October 2013 09:33 PM

ඉතාලියට ඔස්ට්‍රේලියාවට මුහුදු මගින් යන්න ගිහින් සයුර මැද අණතුරට පත්වෙන අයට නාවික හමුදාව මීට වඩා උදව් කළයුතු බවක් පෙනෙනවා.(නදී)

:       0       0

දසුනි Sunday, 06 October 2013 06:54 PM

මැරෙන්න තියෙන වෙලාවයි,පරිස්සමක් නැතිකමින් විහින් මැරෙන එකයි මේ දෙක එකක් නෙමෙයි.ලංකාවේ වෙඩි තියල මැරුණත්,බෙහෙත් නැතිකමින් මැරුණත්, රජ රට වකුගඩු රෝගයෙන් මැරුණත් කියන්නේ එයාගේ වෙලාව කියල.අපි තාමත් හිතන හැටි..(නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 06 October 2013 12:22 PM

නීල් රණා, බෝට්ටුව වෙන පැත්තකට හැරවෙනවා (නි)

:       0       0

ලලිත් අපොන්සු Saturday, 05 October 2013 10:32 PM

සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි. (නි)

:       0       0

සත්‍යපාල Saturday, 05 October 2013 10:56 PM

නීල්-රානා,අනේ ඔවු. පිටත් වෙන්නට පෙර සිට ඕස්ට්‍රේලියාවට ගොඩ බහිනතුරු නාවික හමුදාව ගිහින් ඇරලවන්න කියලා නේද කියන්නේ.මේ නීල්-රානාගේ ඔලුව හොදටම අවුල්.දැන් ඉතින් මේකට පැදුරක් විතර උත්තරයක් ලියන්න බලයි. (නි)

:       0       0

සුමිත් Saturday, 05 October 2013 11:06 PM

අර නොදරුවා පව්. මොකද දැන් සමහර ගැහැනුන්ට කොහේ හරි ගියහම තමා නාන්න මතක් වෙන්නේ. හරියට ගෙදරදී නාන්නේ නැති හින්දා වෙන්න ඇති. මෝඩ වැඩ හින්දා දෙයක බරපතලකම නොතේරෙන පුංචි දරුවෙකුත් නැතිවුණා. (නි)

:       0       0

කින් බෙනට් Sunday, 06 October 2013 12:54 PM

8 දෙනෙක්ට යන්න පුළුවන් එකක 18 ක් ගිහින් නම් මේ සිද්දිය වෙලා තියෙන්නේ ඒ අය උන්නත් එකයි මලත් එකයි කියලයි ගිහින් තියෙන්නේ .. ආර්ථික අමාරුකම් නිසාත් මේ වගේ තීරණ ගන්න ඇති ..අතේ මිටේ යහමින් මුදල් තිබුන නම් බෝට්ටු දෙකක් ගන්නවා නේ .. නැත්නම් නැවක් උනත් කුලියට ගන්නවා නේ .. .(නදී)

:       0       0

චමිල - පානදුර Saturday, 05 October 2013 11:44 PM

ගොඩක් කලකිරෙනවා මේ සිද්ධිය ගැන, ගිය හැම කෙනෙක්ම ඊට වැඩිය මොලය පාවිච්චි කළා නම් මෙහෙම විපතක් වෙන්නේ නැහැ. නාවික පුහුණුව තියන අය ඊට වැඩිය වගකීමෙන් වැඩ කළා නම් මේ අනතුර වළක්වා ගන්න තිබුණා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති දිවුරුම් දෙන්න සුදානම්
2024 සැප්තැම්බර් මස 23 10 0

ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපති අනුර කුමාරදිසානායක මහතා සිය ධූරයේ වැඩ භාර ගැනීම සඳහා මීට සුළු මොහෙතෙකට පෙර සිය පක්ෂ කාර්යාලයේ සිට ජනාධිපති ලේකම්


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 848 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1755 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 837 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 38 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 794 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20115 15


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16891 0


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 297 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site