
(අංජුල මහික වීරරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත දුම්රිය පටුමග ආසන්නයේ පැල්පත් නිවාස පේලියක අද (13) ඇතිවූ ගින්නකින් පැල්පත් නිවාස 25 ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි කොළඹ ගිනි නිවන හමුදාව පවසයි.
මෙලෙස ගින්නෙන් විනාශයට පත්ව ඇත්තේ අනවසර පැල්පත් පේලියකි.
අද (13) පස්වරු 2.30ට පමණ ගින්න හටගෙන ඇති බව කියති.
ගින්නෙන් නිවාස වලට හානි වූ නමුත් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.
ගින්න ආරංචි වූ සැණින් කොළඹ ගිනිවීමේ හමුදාවේ රථ හයක් එහි ගොස් ගින්න පාලනය කළේය.
ගින්නට හේතුව සොයා ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති අතර කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ද එම ස්ථානයට ගොස් එහි ජනතාව හමුවී සාකච්ඡාවක් පැවැත්වූවාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd