13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත දමන ලෙස ඉල්ලා අතුරලියේ රතන හිමි ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත පළාත් සභා අනුමැතිය සඳහා යොමු කරනවාද? නැද්ද යන්න පිළිබඳ තීරණය මෙම මස 12 වැනි දිනට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ කතානායක චමල් රාජපක්ෂ මහත්වරුන්ට දැනුම් දෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නිවේදනය කෙළේය. ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නිවේදනය කළේ මෙම පනත් කෙටුම්පතට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ගොනුකර තිබූ මූලික අයිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදීය. අග විනිසුරු මොහාන් පීරිස්, චන්ද්‍ර ඒකනායක සහ සත්‍යා හෙට්ටිගේ යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි. පළාත් සභා අනුමැතියකින් තොරව රතන හිමියන්ගේ කෙටුම්පත වැරැදි සහගත ලෙස පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට අතුළු කර ඇතැයි ද එය නිවැරදි කරන්නැයි ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය අධිකරණයෙන් ඉල්ලයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
13 වැනි සංශෝධන ක්‍රමය රටට අවශ්‍යයි (දී)
තීන්දුව කොහොම වෙයිද කියලා හිතාගන්න බැරිද?(නදී)
13 වැනි සංශෝදනය, ජේ ආර් ජනාධිපති තුමා ශ්‍රේෂ්ටාධිකරණයේ අනුමැතියකින් තොරව තම යටහත් පහත් නීතිපති වරයා පාර්ලිමේන්තුවට යවා දින නොමැති ඉල්ලා අස්වීම් ලිපි තමා ළඟ ඇති මන්ත්‍රීවරුන්ගේ පිහිටෙන් බලෙන් අපේ ඇඟේ ගැසූ දෙයකි.(නදී)
පළාත් සබැ අහෝසි කරන්න යෝජනාවක් ගේන්නත් පළාත් සබැ වල අනුමෙතිය ඕනද..(අ)
13 බලෙන් අපේ ඇඟේ ගැසූ දෙයක්. එය නිවැරදි කරන්න.(අ)
13 කියන්නේ අසුබ අංකයක් නිසා ඔන්න ඔහේ අයින් කරපුවාවේ (අ)
13 ගැන අවුරුදු 30 ක් නිහඩව සිට දැන් කෑ ගහල ප්‍රතිපලයක් ලබා ගන්න පුළුවන් වෙයිද ?(අ)
අන්න හොදයි අපි ඉන්නම් එතකල්