විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට සමහරුන් බොරු මුනිච්චාවට කකුල් මාට්ටු දමන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසිය.
සමහර දේහපාලන පක්ෂ විසි වැනි සංශෝධනය කඩාකප්පල් වනතුරු බලා සිටින බව කී විපක්ෂ නායකවරයා එක්සත් ජාතික පක්ෂයේ අද සිටින්නේ එවැනි පටු මානසිකත්වකැයි ද ප්‍රකාශ කළේය.
“අපි බලය ඉල්ලන්නේ ජාතික ආණ්ඩුවකට යන්න නොවේ.මන්ත්‍රී ආසන 113 ක් ලබාගෙන අපිට අපේම ආණ්ඩුවක් පිහිටුවා ගැනිමටයි ඒ හැකියාව අපට තිබෙනවා . ජාතික ආණ්ඩු ඕනෑය කියන්නේ එවැනි හැකියාවක් නැති උදවිය යැයිද ඔහු කීය.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල් මැතිතුමා ඉක්මනටම නිවන් දකිනවද කරුණ කරලා.ලොකු දෙයක් රටට.තව අය ඉන්නවා නිවන් දැක්කිය යුතුය.(ම)
හරි හරි මහත්තයෝ , අපි ඉස්සෙල්ලම මේක සම්මත කොරගෙන ඉමුකො , අනික ඉතින් ඔය කියන විදියට ආණ්ඩු පිහිටුවන්න දේසපාලකයන්ට කවුද අප්පේ බලය දුන්නේ ? (ම)
හිටපු ජනාධිපතිතුමා අර කියපු පයිල් සමඟ අපේම ආණ්ඩුවක්ද? දිවංගත බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රගතිශීලි ජනතා ආණ්ඩුවක්ද යන්න ජනතාව දැන ගත යුතුව ඇත.(ම)
ඉතින් ඔබතුමාගේ ආසනෙම රැකගන්න බැරිකොට අනිත් ඒවා ගැන කුමන කතාද නේද? (ර)
විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට සමහරුන් බොරු මුනිච්චාවට කකුල් මාට්ටු දමන තුරු ඉන්නේ නැතිව විපක්ෂයේ වැඩි ඡන්දයෙන් සම්මත කරන්නකෝ . කාටවත් බලයක් දීලා නැහැ පාර්ලිමේන්තු කාලය දික්කර ගන්න. ඡන්දෙ දිනලා විපක්ෂ නායක කෙසේ වෙතත් පුලුවන්නම් ආසනයවත් රැකගන්න. (බ)
රටට ජනතාවට ආදරයට නොවේ.මැතිවරණයේදී තීරණයක් ගනිමු (නි)
ඒකත් එහෙමද? (නි)
හොරා අනුන්ට හොරා කියනවා. කකුල් මාට්ටු දාන මිනිස්සුන්ම අනුන් කකුල් මාට්ටු දානවා කියනවා. නිමල් සිරිපාල කකුල් මාට්ටු දදා විශ්වාසභංග ගෙන එන ගමන් කියනවා අනිත් අය කකුල් මාට්ටු දානවා කියලා. (ම)