IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


‘‘20 නිසා රජයේ අංශ හතරක් අඩාල වෙනවා‘‘

(විනීතා එම් ගමගේ)

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් රටේ අංශ හතරක විනිවිද භාවය හා වගවීම අඩාල වන්නේ යැයි  ‘‘ට්‍රාන්පේරන්සි ඉන්ටනැෂනල්‘‘ ශ්‍රී ලංකා ආයතනය පවසයි.

විශේෂයෙන් තොරතුරු දැන ගැනීමේ අයිතිය, විගණන කොමිසම අහෝසි විමෙන් රාජ්‍ය වියදම් නිරීක්ෂණය දුර්වල වීම, අල්ලස් කොමිසම අඩපණ වීම මෙන්ම පොදු දේපල අවභාවිතයට එරෙහිව පියවර ගැනීමට මැතිවරණ කොමිසම සතු බලය අහිමිවීම තත්ත්වයන් ඇති වන බව නිරීක්ෂණය වන්නේ යැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා ප්‍රකාශ කළේය.

මෙම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් තොරතුරු දැන ගැනීමේ අයිතියෙහි ක්‍රියාකාරිත්වය මෙන්ම අල්ලස් කොමිසමේ විමර්ශන බලය ද අඩපන වන්නේ යැයි ඔබේසේකර මහතා කීය.

මේ අතර විගණන කොමිසම අහෝසි කිරීමෙන් රාජ්‍ය වියදම් නිරික්ෂණය දුර්වල වන අතර පොදු දේපල අවභාවිතාවට එරෙහිව පියවර ගැනීමට මැතිවරණ කොමිසමට ඇති බලය සීමා වන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

අබේසේකර මහතා මේ අදහස් පළ කළේ කොළඹ 5, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ අද (10 ) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

බැලු බැල්මට තොරතුරු දැන ගැනීමේ අයිතියෙහි පාරිශුද්ධත්වය රැකෙන බව පෙනෙන්නට තිබුණත්, තොරතුරු දැන ගැනීමේ කොමිසම පත් කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් සිදුකළ යුතු බව එම පනත මගින්ම නම් කර ඇති අතර නව සංශෝධනය මගින් ව්‍යවස්ථාදායක සභාව අහෝසි කර ඇති බැවින් තොරතුරු දැන ගැනීමේ  කොමිසමෙහි ක්‍රිකාකාරිත්වය අවදානමකට ලක්වන බව ද විධායක අධ්‍යක්ෂවරයා කීය.

තොරතුරු දැන ගැනීමේ කොමිසමෙහි ක්‍රියාකාරිත්වය ආරම්භ වූ 2017 පෙබරවාරියේ සිට මේ දක්වා ශ්‍රී ලාංකේය ප්‍රජාව කෙරෙහි ඇති කරනු ලැබූ බලපෑම් වල පළමු සාක්ෂිකරුවන් වන්නේ ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනය බවත් මේ අයිතිය දිගටම පැවැතිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156 අ වගන්තිය අවලංගු කිරීම පිළිබඳව තම අවදානය යොමුව ඇතැයි ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ ව්‍යවස්ථාපිත පිළිගැනීම දුර්වල කිරීමට අමතරව 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පවරා දෙනු ලැබූ සිය අභිමතය අනුව විමර්ශනයන් ආරම්භ කිරීමට අල්ලස් කොමිසම සතු බලය 156 අ ව්‍යවස්ථාව අහෝසි කිරීම මගින් අවලංගු වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

විගණන කොමිසම ඉවත් කිරීම තුළින් අත්‍යවශ්‍ය බලතල අහෝසී වී ඇතැයි කී ඒ මහතා ජාතික ප්‍රසම්පාදන කොමිසමට අදාල විධිවිධානයන් පූර්ණ වශයෙන් ක්‍රියාත්මක නොවුන ද විනිවිද භාවය මෙන්ම වග වන සම්ප්‍රදායක් වෙනුවෙන් එම ආයතනය පැවැතීම වැදගත් වන බව ද කීය.

මේ පවතින තත්ත්වයන් යටතේ මහජන මතය පිළිගන්නා අතරම දූෂණයට හිතකර පසුබිමක් නිර්මාණ්‍ය වීමට එරෙහි මෙම රතු එළි සැළකිල්ලට ගන්නා මෙන් රජයෙන් ඉල්ලා සිටින බව ද ඔහු පැවැසීය.

 

 

 

 



අදහස් (4)

‘‘20 නිසා රජයේ අංශ හතරක් අඩාල වෙනවා‘‘

Rohana Thursday, 10 September 2020 04:54 PM

අපේ කට්ටිය තොග ගණනට ඡන්දය දීලා ආණ්ඩුවක් හදාගෙන තිබෙන්නේ තමන්ගේ බෙල්ල තමන් විසින්ම කපාගන්නනේ. විඳවන කාලය ඉදිරියේ එන බව නම් පැහැදිලියි.

:       0       0

dhamneth Friday, 11 September 2020 02:06 AM

මේ අංශ අඩපණ වීමෙන් සිදුවන්නේ ලංකාව ලෝකයේ දූෂිතම රට ලෙසත්, දුප්පතුන් වැඩිම රට ලෙසත් පත්වීමයි.

:       0       0

kamal Friday, 11 September 2020 05:18 AM

හතරයිනේ? ඕක මොකක්ද? සීනි, මැටි සහ වේවැල් අමාත්‍යාංශවලට එහෙම ප්‍රශ්නයක් නැහැනේ..

:       0       0

මුණසිංහ Friday, 11 September 2020 10:46 AM

19 නිසා මුලු රටම ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 67 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 162 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 200 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 437 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 1705 0

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 329 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27157 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18888 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 650 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1874 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site