(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තලංගම කලල්ගොඩ හන්දියේ දි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ජීප් රථයකින් යට කර බරපතල තුවාල සිදු කළ බව කියන ගුවන් යානා ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය සඳහන් කරයි.

තුවාල ලද කොස්තාපල්වරුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

කලංගම පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් සිව් දෙනකු ඉකුත් 06 වෙනිදින රාත්‍රීයය වහන පාලනය සහ මාර්ග ආරක්ෂක රාජකාරී යොදවා සිටියදී තලවතුගොඩ සිට පන්නිපිටිය දෙසට අධික වේගයෙන් ධාවනය වූ ජීප් රථය පදික වේදිකාවේ රැඳී සිටි පොලිස් නිලධාරින්ගේ ශරීරයේ ගැටී අනතුරක් වූ බව පොලිසිය කියයි.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කළුතර දකුණ , සෙනෙවිරත්න ප්‍රදේශයේ පදිංචි සැකකරුවා අත්අඩංගුවට ගෙන සිදු කළා පරික්ෂා කිරීමේදී ඔහු පැන් පානය කර ඇති බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.

54 හැවිරිදි සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.