පොදු රාජ්‍ය මණ්ඩයේ නායිකා දෙවැනි එළිසබත් රැජින නියෝජනය කරමින් චාල්ස් කුමාරයා සමුළුව විවෘත කරමින් පැවසුයේ ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ ආරම්භක රටක් බවයි.
තම වැසියන්ගේ යහපත වෙනුවෙන් හැම විටම ක්‍රියා කරමින් නීතිය සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමින් ක්‍රියා කිරීමත් පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රඥප්තිය සුරැකීමත් එහි සාමාජිකයන්ගේ වගකීම හා යුතුකම බව කියා සිටියේය.
මහ රැජින පසුගිය හැට වසරේදී සිදු කළ මෙහෙවර සිහි කළ චාල්ස් කුමාරයා එතුමියගේ සුභ පැතුම්ද එක් කළේය.
2005 සුනාමියෙන් පසු අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණි බවත් එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ සංවර්ධනය ගැන බලවත් සතුටට පත් වන බවත් සංවර්ධනයට යන ගමනේදි සියලු කැලැල් සුවපත් කැරගෙන ඉදිරියට යා යුතු බවත් චාල්ස් කුමාරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ,....ශාන්, ඔයාට ළුණු නැතුව කන්නම බැරිද?එහෙනම් මැරෙන්න,මැරෙන්න, ළූණු තියන රටක යලි ඉපදේවා! (ස)
ඔබට එක තේරුනාද? (දී)
අනිත් කට්ටිය වගේ වේවැල උස්සල පෙන්නන්නේ නැතිව ඔබතුමා කල කතාව වටිනවා. අනිත් අයගේ කතා අහල ඒවාට උත්තර දීල පිස්සු හැදිලා අපි හිටියේ.(දී)
ශානි,ඔයා හොද පරිප්පුවෙක් වගේ.(අ)
අනේ ශාන්,බඩ ඇරෙන්න ඔලුවක් හදවතක් ඇත්තෙම නැද්ද? (නි)
මොනවා වුණත් රටේ ලප කැළැල් ටික මකලා දැම්මාට නම් අපි හැමෝම සතුටු වෙන්න ඕනෑ නේද? (නි)
ඔබතුමාට මුලින්ම සුභ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමා ලංකාවේ දියුණුව දැක සතුටුවීම ඇත්තෙන්ම අපට ඉමහත් ආඩම්බරයක් (නි)
රන්ජනී, ශාන්, මට නම් පරිප්පු නැතුව බැහැ වගේ (නි)
දයා ඔබ හරි.රටේ මිනිසුන් මොන තරම් සුඛිත මුදිත ජීවිතයක් ගත කරනවද කියල ගම්බද ප්‍රදේශ වල ඇවිදලා ඒ අයත් සමග කතා කරලම දැන ගන්න. (ස)
බන්දුල පෙරේරා කලින් කිව්වේ 80,000 ක් කියන්නේ මාස 2-5 ක සල්ලි.මෝටර් බයික් එතේ කට්ට හදා ගන්නත් සල්ලි නැහැ කියලා නේද? (ස)
ඩයනා එපා කියලා කැමිලා ගත්තු චාර්ල්ස් කියන කතාව විහිළුවක්.(දී)
අහෝ රන්ජනී ..ඉපදීම දුකකි.. (ස)
සමහර අය පිස්සෝ වගේ අදහස් දන්නේ. ලොකු යුද්ධයක් ඉවර කරලා රට සංවර්ධනය කරලා. මේ වගේ ලෝකෙටම දැනගන්න සමුළුවක් තිබ්බ එකට සතුටුවෙනවා වෙනුවට ළූණු ගෙඩියක් අල්ලාගෙන දගලනවා. ළූණු නැතුව උයන්න බැරිද ? (ස)
ළූණු මිල වැඩි වීමට හේතුව. ඒවා ආනයනය කිරීම දුර්වල කිරීමයි. මේ රටේ ගොවියාගේ යහපතට ගත්ත තීරණයකි. (ස)
ක්‍රිස් නෝනිස් මහතාගේ කතාවක් තියෙනවා යූ ටියුබ් එකේ සීඑන්එන් එක්ක. පුළුවන් නම් ඒක බලන්න ශ්‍රී ලාංකිකයෝ හැටියට. (ස)
රන්ජිත් ලෙව කෑවට අනෙක් අය බඩපුරා කෑම කනවා. ඔබලා නොකා හිටියට හැමෝටම ඉන්න බැහැ. කවුරු කොහොම කීවත් ඇත්ත තත්වය සාමාන්‍ය මනුස්සයෝ අග හිඟකම් වලින් මිරිකිලා. ලියන්න කලින් පක්ෂ බේදයෙන් තොරව මනුස්සයින් සමඟ කතාකර බලන්න. නැවත ලියන්න ඕන නැහැ තේරුම් ගන්න. (නදී)
මේ අදහස් වල හැටියට මේ රටේ ජීවත් වෙන්න අමාරුම කට්ටිය තමයි විදේශ රැකියා කරලා හම්බ කරන කට්ටිය..හම්බ කරපුව මාස දෙකෙන් තුනෙන් ඉවර වෙන්නේ ඒවයෙන් අපිට කන්න බොන්න අදින්න දීල වෙන්න ඇති නේද ශාන් මහත්තයෝ..මමත් විදේශ රැකියා දෙකක් කලා.සල්ලි අතට එනකොට අහසේ ඉගිලෙන්න යන්නේ නැතුව ගෙවල් දොරවල් වල මිනිස්සු පොළොවේ පය ගහල ජීවත් උන නිසා අදටත් අපි නඩත්තු වෙන්නේ එම මුදලින් කල ආයෝජන වලින්.. 80000 මාසික වැටුපක් කජු ඇට කොස් ඇට ගානට දාන ටිකිරි බණ්ඩාට ඉතින් ඇතිවෙන්න අගහරු ලෝකෙන් තාමයි ගෙනත් දෙන්න වෙන්නේ.. (ස)
ලංකාව 2005 ට වඩා දැන් ගොඩක් දියුණු වෙලා. සමහර තැන් සහ පාරවල් අඳුනගන්නත් බැහැ දැන් චෝගම් එකට තවත් ලස්සන කරලා ඇති. ඒ ලස්සන චෝගම් එකෙන් පස්සෙත් රැකගන්නවා නම් කරපු වියදමේ ප්‍රතිපලයක් තියනවා, මොකද මේ කරපු වියදම් අපිට ලැබෙන ප්‍රතිලාබ වලට වඩා හුඟක් ඉහල මුදලක්. (ස)
දැන්වත් රට ගැන හොදින් හිතපු එක හොද දසුනක් කුමාරයානෙන. ඔය වගේ ඉදිරියත් බලන්න අපේ රට ගැන හොද කෝණයකින් බලන්න ,,,,,(නදී)
ආනන්ද ඔබගේ අදහසට 100% එකඟයි.අපේ අය ඉන්නේ නිකන් කන්න දෙනකන් බලාගෙන.ඔක්කොම දෙන්න ඕනෑ ආණ්ඩුවෙන්. (නි)
නායකයන්ට පෙන්නන්න සත්තු අලි පැටවූ පවා කොළඹ ගෙනල්ලා බැඳගෙන ඉන්න හැටි දැක්කම මෙයාලා නම් දුක් වෙයි. (නි)
පිටරට ප්‍රවෘත්ති වල මේවා යන්නේ නැහැ? (නි)
චාල්ස් කුමරුට සංවර්ධනයක් පෙනුනා, එහෙත් සමහරක් සිංහලයන්ට එය නොපෙනෙන්නේ ඇයි? (නි)
චාල්ස් මහත්මයෝ, ඔබ තුමාලගේ රටේ වගේ හාමතයෙන් ඉන්න මිනිස්සු මෙහේ නැහැ. අපිට කන්න කොස් දෙල් පොල් හොඳට මෙහේ තියනවා. පුලුවන්නම් කියන්න ඔබතුමාලගේ රටේ "ස්ටෑන්ඩ්බයි" ගුවන් තොටුපළවල් හා වරායවල් හදල තියනවද කියල? ජේම්ස් පැකර් ලා වගේ උත්තමයෝ හැරිලාවත් නොබලන එංගලන්තේ අය අපිට උගන්වන්න එනවා.(නදී)
අමර කියන විදිහට අධිවේගී වලට ගෙවන්නේ ආණ්ඩුවද? ඔයාට වැරදිලා ඒ අයව නඩත්තු කරන්නෙත් දුප්පත් අපිම තමා. (නි)
ටිකිරි බංඩා, ඔබ අදි වේගි මාර්ගවල යන අය කුඩු කාරයෝ ගංජා කාරයෝ ගනිකා මඩම් අයිති කාරයෝ හැටියට අඳුන්වලා ඔවුන්ට අපහාස කරනවා. ඔබ කවදාවත් අධිවේගි මගක් පාවිච්චි කරලම නැත්ද? කවදාකවත් යන්න එපා, ගියොත් ඔයාවත් අරගොඩටම දාන්න වෙනවා. අනික රු80000 පඩියත් සුලු මුදලක් හැටියට දැක්ක ඔයා ඉන්නෙ අර සියයට අනූපහේ ගොඩේද? ඇත්ත මේකයි සියයට95ක් කාලාබීලා හොඳන් ඉන්නවා. සියයට 5ක් උඩ බලාගෙන ඉන්නවා. බැන බැන ඉරිසියාවෙන් පුපුරනවා. රටක සංවර්ධනය මනින හැටි කිය කියා උඩ බලන් ඉන්නවා. මෙයාල හරියට එලුව පස්සෙ ගිය අර මොක්කුද වගේ.....(නදී)
ආණ්ඩුවට බනින අය අධි වේගේ, යාපනේ, කොළඹ පාරවල් වල, දියුණු කරලා තියෙන කිසිම තැනක යන්න එපා. ඔයාලට අයිතියක් නැහැ . ඊරිසියාව උතුරනවා. දේශානුරාගයක් නැති මිනිස්සු. (දිල්)
මට ඇත්ත මොකක්ද? බොරුව මොකක්ද? කියලා හොයා ගන්න බැරිවයි දැන් ඉන්නේ. (දී)
මම මේ කිසිම පක්ෂයකට කඩේ යන්නෙත් නැහැ ඡන්දෙ දෙන්නෙත් නැහැ. ඒත් මේ සමුළුව හරියට තිබ්බ එක හොදයි. රටවල් ආපු නැති එක ගැන කතා කරන්න එපා. ආව රටවල් ගෙන කතා කරන්න. තාම ලංකාවේ ගොඩක් නූගත් සහ ආත්මාර්ථකාමී මිනිසුන් ඕන තරම් ඉන්නවා . ඒවගේම කොළඹ ලස්සන කරපු එකත් හොදයි. නමුත් ඒවගෙන් හොරකම් කරනවාට නම් මම විරුද්දයි. අපේ මිනිසුන් කෑම බීම ගැනනේ කතාව. ළූණු මිල අඩු උනාම ආන්ඩුවට බනිනනවා වැඩි උනාමත් බනින්නවා. ළූණු මිලට හේතුව දන්නේ නැති අය තමයි තාම රටේ ඉන්නේ.එහෙම කිව්වා කියල මම ආණ්ඩුවේ හෙන්චයියෙක් නම් නෙවෙයි.(නදී)
මේකේ දෙවැනි දේ ක්‍රියාත්මක කිරීම හරිම වැදගත්. ලංකාවේ නොකෙරෙන්නෙත් ඒකම තමා (නි)
අානන්ද,අධිවේගී මාර්ග වල යන සැප කාර් වලින් රටක සංවර්ධනය මනින්න යන්නේ මෝඩයෝ.කුඩු මුදලාලිලා,ගණිකා මඩම් අයිතිකාරයෝ, සුරාසැල් අයිතිකාරයෝ,කැසිනෝ අයිතිකාරයෝ,දුෂකයෝ,ගංජා බෙදාහරින්නෝ, රටේ දේශපාලකයන්ගේ හත්මුතු පරම්පරාවල් ටික එකතු කළහම සැප කාර් නොමිලේම ගන්න පුළුවන්.95% දුක් විදිනවා.2% බුදු සැප විදිනවා.ඒකයි සත්‍යය. (නි)
චාර්ල්ස් කුමරුට ශ්‍රී ලංකාවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ප්‍රණාමය. (නි)
ඇහැ තියෙන්න ඕනෑ තැන සමහරුන්ගෙ තියෙන්නෙ බඩ. පපුව ඉරිසියාව කියන රෝගයෙන් පිරිලා. 2005ට ඉස්සර රටෙන් බාගයක් අපට අයිති නැහැ. අද මුලු ලංකාවම එකයි. මේ අදහස් දාන අයට නොතේරෙන දෙයකුත් තිනෙවා. දවසකට වාහන දාස් ගණනක් කටුනායක කොළඔ අධිවේගී මගේ සල්ලි ගෙවලා ගමන්කරනවා. ඒ ඔක්කොම ලංකාවෙ අය වාහනේට තෙලුත් ගහගෙන පාරටත් ගෙවලා යන්න සල්ලි තිබෙනවා. හැබැයි එකක් තිබෙනවා, ඒ අය බඩ ගැන නොහිතා රටගැන හිතලා මොනවා හරි කරලා හම්බකරපු අය. (නි)
අපිට ගෙවන්න තියන ණය ගැන දන්නේ නැතුව ඇති. (දී)
හැම රටේම ජීවන වියදම වැඩි , මම ඉන්න දියුණුයි කියන මේ රටත් ඒවගේ . ලංකාවේ අයටනම් පඩි මදිවෙන කොට උද්ඝෝෂණයය කරන්නවත් පුළුවන් මෙරටේ එහෙම කලොත් කල්ල මරේ තමා අන්තිමට ගෙදර නවතින්න වෙයි , රටවල් උනානම දියුණු වෙන්න ඕන .(දිල්)
නිතරම දකින කුකුලාගේ කරමල සුදුවට පේනවා වගේ . ලංකාවේ සිටින බොහෝ දෙනෙකුට ලංකාවේ දියුණුව සංවර්දනය පෙන්නේ නැහැ. චාල්ස් කුමාරය දැක්කේ සුනාමියෙන් පස්සේ ආපහු අපේ රට ඔහු දැක්කා අපේ රටේ සංවර්දනය දියුණුව . එහෙත් අපේම සිංහලුන් මේවා හෙලා දකිනවා . කඩාකප්පල් කරනවා . ඉස්සරත් සිටිය රට පාවා දුන් රටට වින කරපු අය දැනුත් ඉන්නවා (දී)
රටක සංවර්දනය ක් තමන්ගේ ඇස් වලට පෙන කොට සමහර දේශප්‍රමින්ට ඇසට උල්කටුවලින් අනිනවගේ දැනෙනවා ඇති.හැම තිස්සෙම සොයන්නේ නිකන් කන්න, නිකන් ඉගෙනගන්න,හැමදෙයක්ම නිකන්.(දී)
ඕස්ට්‍රේලියාවේ අගමැති තුමා කියනවා ලෝකෙ සිය කෝටියක් බඩගින්නේ ඉන්නවා කියලා. ඒකට අපේ රට ඇතුලත් නැහැ නේද? බඩු මිල පෙන්නුවට අපේ රටේ කන්න නැතිව කව්රුවත් මැරිලා නැහැ. ඒකම ඇති අපිට සතුටු වෙන්න. (ස)
රන්ජිත් ඔයා හරි,අපේ මිනිස්සුන්ට කන්න බෝන්න තිබුනා නම් හැතැප්ම 100 ක් හරි යයි වාහන නැතිව.(නදී)
ශාන් මෝඩයෙක් වගේ කතා කරන්න එපා බඩුමිල සහ මෙම සමුළුව අතර කිසිම සම්බන්දයක් නැහැ.(නදී)
තම වැසියන් කිව්වේ කොහේ ඉන්න අයටද දන්නේ නැහැ (නදී)
ඉතියාසය කියන්නේ වර්තමානයට, 2005 පසු අපේ රට සීග්‍ර සංවර්දනයක් කරා යන ගමන ඔබ තුමාගේ ඇස් දෙකෙන්ම අද දැක බලා ගත්තා. ඔබ තුමාට හොද අවස්ථාවක් ලොවට කියන්න.(නදී)
ශාන්, ඔබේ කීම හරියට හරි,අපි කොච්චර හම්බ කරත් ලංකාවට ඇවිත් මාස 3 න් 4 න් ඉවර වෙනවා. චින්තනය මරේ මාරු. (ස)
මෙය රටේ ජයග්‍රහණයක් වන්නේ ඇයි? දශක තුනක කුරිරු යුද්ධය අවසන් කල පසු, විශාල ජාත්‍යන්තර බලපෑමක් මානව හිමිකම් කඩවීම සම්බන්දව, විශේෂයෙන්ම රජයට එල්ලවුනා. මේසඳහා, මිලියන 72 ක අන්තර් ජාතික දමිළ ප්‍රජාවක් නියොජනය කරන, ඊළාම් සිහිනය සැබෑ කර ගැනීමෙ කර්තව්‍යය බාරගෙන සිටින, දමිළ ඩයස්පෝරාව නොයෙකුත් එදිරිවාදීකම් සිදුකලා... කරගෙන යනවා. ඒ බලපෑම සුලුකොට තැකිය නොහැකියි. මුලු ලොවම ශ්‍රී ලංකාවට එරෙහිව පෙල ගැස්වීමට කට යුතු කරගෙන යනවා. කැනඩා සහ ඉන්දීය නායකයින් නතර කිරීමට ද එය බලපෑවා. ඉතා කුඩා රටක ජීවත් වන මිලියන 20 ක පමන අප ජනතාවට, මේ එරෙහි වීම ඉතා ප්‍රබලියි. බඩගිනි අනෙකුත් අපහසුකම් පසෙක ලා එකම ශ්‍රී ලාංකික දරුවන්සේ මේ අභියොගයට මුහුන දෙමු.(නදී)
කොච්චර දියුණු උනත් බඩ ගැනම කතා කරන අයට නම් මේ වගේ දේවල් අල්ල්ලන්නේ නැහැ. අල පරිප්පු වලින් තමා රට මනින්නේ. ඔහොම යං (ස)
ස්තුති ඔබතුමාට (ස)
ශාන් ඔහොම හිතන අය නිසා තමයි මෙච්චරකල් ඔලුව උස්සන්න බැරි උනේ (නදී).....
බැලූ බැල්මට නම් එහෙම තමයි.(නදී)
චැනල් 4 එකට කනේ පහරක්.(නදී)
ටිකක් ගම්වල කැරකිලා බලල මිනිසුන් ගැන අහලා බැලුවා නම් තේරුම් ගනීවි ලබල තියෙන දියුනුව කොච්චරද කියලා.(නදී)
2005 පස්සේ අද තමා දියුණුව දැක්කේ ලුණු කිලෝ එකක් 260?-පොල් ගෙඩියක් 70 අනිවාර්යෙන්ම තව මදි බඩු මිල වැඩි වෙන්න ඕනා. 100/ ?1000/ කින් අපේ බුද්දිමත් ජනයාගේ තේරීම චෝගම්
ඔබ තුමාට සුබ උපන් දිනයක් වේවා. වැඩ සටහන ඉතා ශ්‍රේෂ්ඨයි, අලංකාරයි. විශාල අභියෝග රැසකට මුහුන දෙමින් වැඩසටහන සාර්ථක කර ගැනීමට නන් අයුරින් සහයෝගය දුන් ලොකු කුඩා සැමට අපගේ ප්‍රණාමය. මෙය සුළුවෙන් තැකිය නොහැකියි. මෙය දේශපාලන කෝණයකින් නොබලා, ශ්‍රී ලාංකිකයන් ලෙස අගය කලයුතුයි. (නදී)
එතුමා හදවතින්ම කල ප්‍රකාශයක්. (ස)
ආයුබෝවන් ඔබ තුමාට.... (ස)
දැන් ඔහොම කිවුවට එංගලන්තෙට ගිහින් මොනවා කියයිද? (ස)
පොදුරද මඩුළු ප්‍රඥප්තිය සුරැකීමට බැඳී සිටිනවා කියන්නේ එංගලන්ත කිරීටයේ යටත් වැසියන් ලෙස දිවි හිමියෙන් කටයුතු කරන බවයි. ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් කිව්වේ පොදුරද මඩුළු රටවල සිය කෝටියක් ජනයා කුසගින්නේ සිටින බවයි. ඉන්පසු ඔහුත් අවධාරණය කළා ප්‍රඥප්තිය දිවුරා ආරක්ෂා කළ යුතු බව. මෙය භයානක තත්වයකට අපේ මව්බිම ඇද දැමීමක්. ලාංකිකයන්ටත් අනාගතයේ උරුම වන්නේ කුසගින්නේ හෝ බිල්ලට කැපවී සුද්දන් වෙනුවෙන් මැරෙන්නයි. රට, ජාතිය ගැන සැබෑ කැක්කුමක් තිබෙන කුළියට නොකහින සියල්ලෝම පක්ෂ, වර්ග භේදයෙන් තොරව සමගිවිය යුතුයි. (ස)
රසිකා ඔය ලියල තියෙන්නේ මොනවද කියල මට නම් තේරෙන්නේ නැහැ. බඩු මිල සහ සංවර්ධනය අතර තියෙන සම්බන්ධය ගොඩක් අයට තේරෙන්නේ නැහැ. මීට ටික කාලෙකට ඉස්සර රුපියල් පන් දහසකින් මාසයක් පවුලක් නඩත්තු කරන්න පුළුවනි කියල කියපු දේ එහෙනම් හරි. දැන්නේ මටත් තේරුනේ. ඔහොම යන්(නදී)
සුනිල් අබේරත්න ඔබ හරි , සමහර අය බඩ ගැනම හිතල බඩ යන අය .(නදී)
කෝ අපේ පැනපු රතුපාට දේශප්‍රේමිය ,කතා නැහැ මේ දවස්වල මොකද සුද්දට බයේද (නදී)
අනේ මන්දා බඩ ගැන හිතන්නේ නැතුව රට ගැන හිතමුද? ලුණු මිල වැඩි වෙලා තියෙන හේතුව දන්නේ නැති මිනිස්සු ගැන රට ගැන කවර කතාද? (ස)
අමිතගේ අදහස මමත් අගය කරනවා. පක්ෂ බේද වැඩක් නැහැ. ඔය කොයි පක්සේ ආවත් එකම දේ වෙන්නේ. (නදී)
බලන්නකෝ අර කට්ටිය අදහසක් දාල නැති හැටි . අඩුම ගානේ බැනලවත් දාලා නැහැ.(නදී)
අමිතා මහත්මියගේ ප්‍රකාශයට මාත් එකග වෙමි. මෙවැනි අවස්ථාවක පක්ෂ බේද දුරලා එකට වැඩ කල යුතුයි යන්න මගේ හැගීමයි.(නදී)
මේවට වැඩියෙන්ම ඍණාත්මක ප්‍රතිචාර දන්නේ ලංකාවේ නැති අය, ඒගොල්ලොන්ට පෙනෙන්නේ වැරදීම තමයි. මොකද ඒ අයට මේ රට ගැන හරි දැනීමක්වත් හැගීමකවත් නැති නිසා... (ස)
හොඳ ප්‍රවණතාවක්. (ස)
රටක් දියුනුයි කියන්නේ බාහිර දේවල් වලින් නෙමෙයි. සදාචාරය, සෞදන්දර්‍ය, අධ්‍යාපනය, සෞඛ්‍යය යන සියලු දෙයි දියුනු විය යුතුයි.(නදී)
රසිකා....එල එල... ඒත් මම මේ කල්පනා කරේ ඔය දන්නා දේවල්...... :)(නදී)
මොනවා වැඩි උනත් 2005 ඉඳන් ශාන්ගේ මොලේ නම් අඩු වෙලා වගේ! (ස)
ශාන්.. සමහරු ජීවත් වෙන්නේ කන්ඩ. සමහරු කන්නේ ජීවත් වෙන්න. මිනිස්සු උනාම සත්තු වගේ බඩ ගැනම නොහිතා ටිකක් අනිත් දේවල් ගැනත් හිතන්න. (ස)
බොහොම ස්තුතියි ඔබගේ අගය කිරීමට...නිදහස් ලංකාව ගැන ඔබගේ රටටත් කරුණු දක්වන්න.....මහත්මයා අපි කවදත් එකමුතු ශ්‍රී ලාංකික ජාතියක් ....... (ස)
තම රටේ දියුණුව ගැන අප හැම විටම අගය කල යුතුයි. බඩ ගැනම නොසිතිය යුතුයි සමහර අය මෝඩ ප්‍රකාශන දානවා මේ අය ලංකාවේ ඉපදිමත් පාපයක්.(නදී)
"ශාන්" බඩජාරිකම පැත්තකට දාල බලන්න, බී.බී.සී. එකෙන් ලංකාව ගැන කියන දේවල්.... මම උදේ ඉදන් බලන් උන්නේ රටවල් 53න් 49ක් ආවත් උන් ලෝකෙටම උලුප්පල දෙන්නේ ආපු නැති රටවල් ගැනම විතරයි. අපිට ඔලුව උස්සන්න දෙන්නෙම නැහැ. මේවට මේ දැන්ම මේ මොහොතේම පිළිතුරු දෙන්න හැකිනම් හුගක් පලදායී.(නදී)
අපිට හිතන්න ශක්තියක් තියෙන සත්ව කොට්ටාශයක්. පොඩි ළමයෙකුට නාන වෙලාවක සබන් කැල්ලක් අතට දුන්නම මුලින්ම ගාන්නේ බඩේ. නමුත් වැඩිහිටියෙක් උනාට පස්සේ ගාන්නේ ඔලුවේ.(නදී)