(දසුන් රාජපක්ෂ)
2015 ජනාධිපතිවරණයට අදාළව දැන්වීම්වලට මුදල් අය කිරීමේ ක්‍රමවේදයක් සකස් කර නොතිබූ බැවින් රූපවාහිනී සංස්ථාවට රුපියල් කෝටි 20ක පාඩුවක් සිදුවී ඇති බව වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අද (29) දැනුම් දුන්හ.
මෙම පාඩුව පිළිබඳ අනාවරණය වී ඇත්තේ 2015 ජනාධිපතිවරණයේ දැන්වීම්වලට අදාළ විගණන වාර්තාව මගින් බව එම නීතිඥවරු දන්වා සිටියහ.
එම විගණන වාර්තාව 2016 ජුනි 17 වැනි දින සිදු කර ඇති බව ද එම නීතිඥවරු දැනුම් දුන්හ. රූපවාහිනී සංස්ථාවේ අලෙවි අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ සනත් ප්‍රියන්ත දළුවත්ත මහතා මෙම කොමිසමට කර ඇති පැමිණිල්ලක් යළි කැඳවූ අවස්ථාවේදී එම නීතිඥවරු මෙම කරුණු කොමිසම හමුවේ දැනුම් දී සිටියහ.
එම පැමිණිල්ල මගින් රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති රවී ජයවර්ධන මහතා වගඋත්තරකරුවෙකු ලෙස නම් කර තිබෙන අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පැමිණිලිකරුගෙන් අද හරස් ප්‍රශ්න විමසීමට ලක් කළහ.
එහිදී මෙම තොරතුරු අනාවරණය විය. මෙම කොමිසම උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
2015 ජනාධිපතිවරණ දැන්වීම්වලින් කෝටි 20ක් පාඩුයි
Kamal Koyrala Tuesday, 29 September 2020 10:46 AM
සියල්ල අයකරගත යුතුයි. ඒ වගේම ලංගමට අයවිය යුතු බස්රථ ගාස්තුවත්...
Nandalal DE SILVA - France Tuesday, 29 September 2020 11:08 AM
ඔය ඔක්කොම විගණන වාර්තා ආදිය වසර 5කට පස්සෙද එළියට ආවේ..? ඕවා ගැන කතා කරලා, ඒ වියදම් සියල්ල ඒ කාලේදී අයකරගන්න කවුරුවත් හිතුවේ නැද්ද?
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 29 September 2020 11:31 AM
කොහොමද සුදු ඇඳගෙන පොලොන්නරුවේ හිටං පැමිණ කරලා තිබෙන වැඩ. කියලා වැඩක් නෑ ...
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 29 September 2020 11:48 AM
කොහොමද සුදු ඇඳගෙන සිටින කළු හදවත් ඇති අයගේ වැඩවල තිබෙන අපූරුව..?
amila Tuesday, 29 September 2020 11:53 AM
මේ මනුස්සයා අවුරුදු 4ක් තුළ රටට, මිනිස්සුන්ට කරපු විනාසේ පිටු 500ක පොතකින්වත් විස්තර කරන්න අමාරුයි. පොතේ නම වෙන්න ඕනේ ‘‘පොළවෙන් මතුවූ කෙනා රට කෑ හැටි‘‘ ලෙසිනි.
Prabha Tuesday, 29 September 2020 12:48 PM
සත 5ක් වටින්නේ නැති මිනිහෙක්ට වියදම් කරපු සල්ලියක්..
දොලේවත්තTuesday, 29 September 2020 01:43 PM
2015 ජනාධිපතිවරණය පවත්වන කාලයේ දී තිබුණේ රාජපක්ෂ ආණ්ඩුවයි.. එබැවින් මුදල් වියදම් කළේ මෛත්‍රීට නොවනවග වටහා ගන්න.
ROSHANWednesday, 30 September 2020 03:53 AM
2015 හිටියේ රජතුමා කියලා අමතක වෙලා සමහරු අදහස් දක්වලා තියෙන්නේ,.
rana Wednesday, 30 September 2020 03:16 AM
දැන් සිදුවී තිබෙන සෑම දේම දේශපාලන පළිගැනීම්, සොරකම් වෙලා නැහැ. අම්මෝ මේ වගේ අවංක ජාතියක්...