
(සමන් විජය බණ්ඩාර)
සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් පතා මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට වාරියපොළ සුමංගල හිමි පිළිරුව අසලින් ආමරභ කළ පාද යාත්රාවේ තෙවන දිනය වූ අද පාද යාත්රාව කෑගල්ල නගරයෙන් ආරම්භ වී වරකාපොල නගරය දක්වා පැමිණියහ.
මහා සංඝරත්නය පෙරටු කරගනිමින් ආරම්භ වූ මෙම පා ගමන සඳහා අද දිනයේ ද විශාල ජනකායක් එක්ව සිටියහ.
පාද යාත්රාව කෑගල්ල නගරයෙන් ගමන් ආරම්භ කළ අවස්ථාවේදී, නගරයේ පිහිටි ඓතිහාසික ශ්රී කතිර්වේදායුද ස්වාමි කෝවිල වෙත වැඩම කළ මහා සංඝරත්නය ඇතුළු පිරිස එහිදී ආගමික වතාවත්වල නිරත වෙමින් ආශිර්වාද ලබා ගැනීම විශේෂ සිදුවීමක් විය.
පැවති දැඩි හිරු රශ්මිය සහ උෂ්ණත්වය නොතකා මාර්ගය දෙපසට රැස්ව සිටි ප්රදේශවාසීන් පාද යාත්රාවේ නිරත පිරිස වෙනුවෙන් ඉමහත් ආගන්තුක සත්කාරයක් දැක්වූහ.
දෙපස රැඳී සිටි පිරිස් භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ගිලන්පසද, සෙසු පිරිස වෙනුවෙන් සිසිල් පැන්ද ලබාදීමට අවට පිරිස් කටයුතු කළහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd