2015 පොදුරාජ්‍ය මන්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන රට නිල වශයෙන් අද සවස ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. මුරිසි රාජ්‍යයට මේ සදහා කලින් අවස්ථාව හිමිව තිබුණ ද එරට රාජ්‍ය නායකයා ශ්‍රී ලංකාවේ පැවති නායක සමුළුවට නොපැමිණීම හේතුවෙන් එරටට සත්කාරකත්වය අහිමිවිය.
පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ශර්මා පවසා ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලය පැවැත්වීමට නියමිත රාජ්‍යයේ රාජ්‍ය නායකයා මෙවර පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට පැමිණ අනෙක් රාජ්‍ය නායකයන්ට තම රටේ පැවැත්වෙන සමුළුව සදහා ආරාධනා කළ යුතු බවයි. මුරිසි රාජ්‍යයට අහිමිවූ අවස්තාව මෝල්ටාව ට හිමිවීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනිල් මල්ලි, කොටින්ගේ ලණු කෑවෙ මුරිසිය විතරක් නෙමෙයි. ඉන්දියාවටත් වුණෙත් ඒ ටිකමයි. උතුරට මුලින්ම කැමරන්ට යන්න අවස්ථාව ලැබුනේ ඉන්දියාවේ අගමැති ලංකාවට අා නිසයි. දැන් එංගලන්තය උතුරේ දුක්ගන්නා රාල වෙලා ඉවරයි. ඒක ඉන්දියාවට ලැබෙන්න තිබු තත්වයක්. අවුරුදු ගනක් තිබුණු යුද්ධය අවසන් කරද්දී ඉන්දියාව බලපොරෝත්තු වූ තත්වය විහින් නැතිකරගත්තා. අන්තිමට ඉන්දියාවට සිංහල මිනිස්සුත් නැහැ. ලංකාවේ දෙමල මිනිස්සුත් නැහැ. මහා බ්‍රිතාන්‍යය තමන්ගේ ආධිපත්‍යය තහවුරු කරගත්තා. (නි)
කුමාර, ඒ බස් එක මෝල්ටාව නෙමෙයි මෝල්කාව (නි)
අපේ ජනාධිපති තුමාට ජය වේවා !!!! ලංකාව තරම් හොඳ රටක් තවත් නෑ. (ස)
කුමාර, ඔයාට පිස්සුද ? ලංකාවේද ඉන්නේ? බස් එක මෝල්ටාව නෙමෙයි, මෝල්කාව. මතුගම පැත්තේ තියෙන්නේ. (නි)
පාලිත, ඔයා සමාජ අධ්‍යයනය අසමත්ද? (නි)
පාලිත, ඔයා නොදන්නා දේ තව ලෝකයේ ගොඩක් තියෙනවා. ඒ නිසා කට පරිස්සම් කරගෙන ඉන්න (නි)
අපේ ඇහැලේපොල නිලමේ මිය ගියේ මුරිසියේ නේද? සුද්දෝ ඔහුව මුරිසියට පිටමං කළා. (මම වැරදි නම් කවුරු හරි මාව නිවැරදි කරන්න) (නි)
කොටියන්ට මේක හොඳ පාඩමක්. මුරුසියටත් හොඳම පාඩමක්. (නි)
මෝල්ටාව කියලා බස් එකක් ගාලු පාරේ යනවා මම දැකලා තියෙනවා (නි)
මුරුසි රටට නියම පාඩමක් (නි)
මොල්ටාවේ මිනිස්සුන්ටත් අපිට වගේම දෙවියන්ගේම පිහිටයි (නි)
යමක් විශ්වාස කරනවා නම් ඒක තමන් දකින්න ඕනා, තමන්ට ඇසෙන්න ඕන එහෙමත් නැත්නම් තමන් අතින් අල්ලගන්න ඕනා. මේ තුනම නැතුව අනුන් කියපු දෙයක් කෙරෙහි විශ්වාසයක් තැබුවාට හොඳ පාඩම්.(නදී)
අපේ ලංකාව තරම් හොදට කරන්න බැහැ කාටවත් (දී)
හොඳ වැඩක් (දිල්)
මුරුසිය කොටින්ගේ ලනු කෑවා. එම නිසා මෝල්ටාවට දීපු එක හොදයි (දිල්)
පොඩි රටක් වූ මුරිසි රාජ්‍යයට එවැනි තීරණයක් ගන්න පුළුවන් උනානම් පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ශර්මා මුරිසි රාජ්‍යයට හොඳ පාඩමක් උගන්වා තියෙන්නේ.(දිල්)
ඒ රට ඇහුවෙත් දැනුයි (දී)
ලාංකිකයෙක් හැටියට මම සුභපතනවා (දී)
මුරුසි ලොකු මහත්තයා අදාල අයගෙන් අහලා කියයි. මොකද ඔච්චර හදිස්සි? (නි)