IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


2017 Film Calendar

2016-12-29-ent-67

2017 වසරේදී සිංහල චිත්‍රපට රැසක් ප්‍රදර්ශනය සඳහා සූදානම් කර තිබෙන අතර ඒවා සී.ඊ.එල්, ඊ.ඒ.පී, රිත්මා, එල්.එෆ්.ඩී., එම්.පී.අයි. ප්‍රදර්ශක මණ්ඩලවලට අයත් සිනමා ශාලාවල තිරගත වීමට නියමිතය. සී.ඊ.එල් මණ්ඩලයේ සිනමා ශාලාවන්හි මුලින්ම තිරගතවීමට නියමිතව ඇත්තේ උදයකාන්ත වර්ණසූරියගේ ‘බන්ධනය’ චිත්‍රපටයයි. හේමාල් රණසිංහ ප්‍රධාන චරිතය රඟපාන මෙම චිත්‍රපටය 3D තාක්ෂණයෙන් ඇතැම් සිනමා ශාලාවල ප්‍රදර්ශනයවේ.

 

කැපිටල් මහාරාජා සමාගම නිෂ්පාදනය කළ චෙයාර් රවී අධ්‍යක්ෂණය කළ ‘ධර්මයුද්ධ’ චිත්‍රපටය බන්ධනයෙන් පසුව තිරගතවීමට නියමිතය. ජැක්සන් ඇන්තනී, දිල්හානි ඒකනායක, කුසුම් රේණු, අවන්ති අපෝන්සු, ඩග්ලස් රණසිංහ, තිසුරි යුවනිකා ඇතුළු නළු නිළියන් රුසක් මීට රංගනයෙන් දායකවේ.

 

2016-12-29-ent-68

කල්පන හා වින්දන ආරියවංශ සොයුරන් නිර්මාණය කළ ‘ප්‍රේමය නම්’ චිත්‍රපටයද 2017 මුල් භාගයේදී තිරගත වීමට නියමිතය. ජාත්‍යන්තර සිනමා උළෙලවල් රුසකදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ‘ප්‍රේමය නම්’ චිත්‍රපටයේ ප්‍රධාන නළුනිළියන්ගේ භූමිකාවන් නිරෑපණය කරන්නේ ශ්‍යාම් ප්‍රනාන්දු හා සමනලී ෆොන්සේකාය.

 

2016-12-29-ent-69

තවත් බලාපොරොත්තු සහගත චිත්‍රපටයක් වන ජාත්‍යන්තර කීර්තියට පත් චන්ද්‍ර රත්නම්ගේ ‘එකෝ ඩිං ටූ මැතිව්’ චිත්‍රපටයද තිරගත වේ. ඉංග්‍රීසි හා සිංහල මාධ්‍යය දෙකේම ප්‍රදර්ශනය වීමට නියමිත මෙම සිනමාපටය සත්‍ය සිද්ධීන් අළලා නිර්මාණය වූ අතර ජාත්‍යන්තර කීර්තියට පත් ජැකලීන් ෆර්නැන්ඩස් හා ඇල්ස්ටන් කොක් මෙහි ප්‍රධාන චරිත රඟපායි. බෙනට් රත්නායක අධ්‍යක්ෂණය කළ අලුත්ම චිත්‍රපටය ‘නෙලා’ මෙම වසර තුළ තිරගත වීමට නියමිතය.

 

2016-12-29-ent-70

2016-12-29-ent-71

මලිත් හෑගොඩගේ ‘දැකලා පුරැදු කෙනෙක්’, සුනිල් ආරියරත්නගේ ‘අලි කතාව’, උදයකාන්ත වර්ණසූරියගේ ‘වස්සානේ සඳ’, ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු නිෂ්පාදනය කළ ලකී ඩයස් අධ්‍යක්ෂණය කළ විජය නන්දසිරි රඟන ‘බ්‍රේකිං නිව්ස්’ චිත්‍රපටයද මේ වසර තුළට සී.ඊ.එල්. මණ්ඩල සිනමාහල්වලදී තිරගත වනු ඇත. ඊ.ඒ.පී. මණ්ඩල සිනමා ශාලාවන්හි මේ වසරේ තිරගතවන මුල්ම චිත්‍රපටය චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ ‘ආලෝකෝ උදපාදී’ චිත්‍රපටයයි. එය ජනවාරි 20 වැනි දින සිට ප්‍රදර්ශනය වේ. සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනයක් වන ‘හීන හොයන සමනල්ලු’, ප්‍රියන්ත කොළඹගේ අලුත්ම චිත්‍රපටය හා අර්ජුන් කමලනාත්ගේ ‘කුසල්’ චිත්‍රපටයද ඊ.ඒ.පී. මණ්ඩලයේදී මේ වසර තුළ තිරගත වීමට නියමිතය. සේමිණී ඉද්දමල්ගොඩ, මහේන්ද්‍ර පෙරේරා ඇතුළු රංගන ශිල්පීන් රුසක් දායක වන ප්‍රසන්න ජයකොඩිගේ ‘28’ චිත්‍රපටය 2017 වසරේදී ජාතික චිත්‍රපට සංස්ථා රිත්මා මණ්ඩයේ සිනමා ශාලාවල තිරගතවනු ඇත.

 

සරත් ධර්මසිරිගේ ‘සුසිරි විවරණ’ චිත්‍රපටය හා නීටා ප්‍රනාන්දුගේ ‘ස්වර’ චිත්‍රපටද රිත්මා මණ්ඩල ශාලාවල මේ වසර තුළ තිරගතවීමට නියමිතය.

 

ආචාර්ය ආරෝෂ ප්‍රනාන්දු නිෂ්පාදනය කළ ‘නිලංජනා’ චිත්‍රපටය මෙන්ම වසන්ත කුමාරවිලගේ ‘රන් සයුර’ හා ලලිත් පන්නිපිටිය අධ්‍යක්ෂණය කළ සනත් ගුණතිලක හා දුලානි අනුරාධා රඟන ‘සංගිලි’ චිත්‍රපටයද එල්.එෆ්.ඩී., එම්.පී.අයි. මණ්ඩල සිනමා ශාලාවල තිරගත වනු ඇත.

 

2016-12-29-ent-72

සුනිල් අරැණ වීරසිරි අධ්‍යක්ෂණය කළ ‘හිතුවක්කාරී’ චිත්‍රපටයද 2017 වසරේ තිරගත වීමට නියමිත තවත් සුවිශේෂී චිත්‍රපටයකි. ජගත් චමිල, ෂේශාද්‍රි ඇතුළු පිරිස රඟන ‘හිතුවක්කාරී’ නිෂ්පාදනය කළේද සුනිල් අරැණ වීරසිරිය.

 

එරංග සේනාරත්න අධ්‍යක්ෂණය කළ ‘නෝනා හරිම වසයි’ චිත්‍රපටයද මේ වසරේදී ප්‍රදර්ශනය වනු ඇත. රෝයිද සිල්වා අධ්‍යක්ෂණය කළ ‘සිහින ලොවක් සොයා’ චිත්‍රපටයද මේ වසරේදී තිරගත වීමට නියමිතය.

 



අදහස් (0)

2017 Film Calendar

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 21 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 164 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 213 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 423 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 153 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 113 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26088 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site