IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


2020 අර්ථික 3.6 හැකිලෙයි

(චමින්ද මුණසිංහ)

කොරෝනා වසංගතයේ බලපෑම හමුවේ 2020 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගය 2019 වසරේ වාර්තා වූ  සියයට 2.3ක වර්ධනය හා සසඳන විට සියයට 3.6ක සංකෝචනයක් පෙන්නුම් කරන බව 2020 වසර සඳහා වන ජාතික ගිණුම් ප්‍රකාශයට පත් කරමින්  ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2020 වසරේ තුන්වැනි කාර්තුවේදී සියයට 1.3ක ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරන බව ද සංඛ්‍යා ලෝඛන දෙපාර්තමේන්තුව පෙන්නා දෙයි.

ස්ථාවර මිල ගණන් යටතේ රුපියල් මිලියන  9,883,350ක් ලෙස 2019 වසරේ වාර්තා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය 2020 වසරේදී රුපියල් මිලියන 9,530,606ක් ලෙස පහත වැටී ඇති බව පෙන්නා දෙන සංඛ්‍යා දෙපාර්තමේන්තුව පවත්නා මිල ගණන් යටතේ 2019 වසරේ රුපියල් මිලියන 15,012,953ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදනය 2020 වසරේදී  රුපියල් මිලියන 14,972,995 දක්වා පහත වැටී ඇති බවත් එය 2019 වසර හා සැසඳීමේදී සියයට සෘණ 0.3ක වෙනසක් බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ආර්ථිකයේ ප්‍රධාන සංරචක හතර වන කෘෂිකර්මය, කර්මාන්ත, සේවා සහ භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර, සේවා සහ භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩුකළ යුතු බදු පවත්නා මිල යටතේ 2020 වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදනයට දැක් වූ දායකත්වය පිළිවෙළින්  සියයට 8.4ක්, සියයට 26.2ක්,සියයට 59.7ක් සහ සියයට 5.7ක් බවද සංඛ්‍ය ලේඛන දෙපාර්තමේන්තුව පෙන්නා දෙයි.

2020 වසරේදී කෘෂිකාර්මික,කර්මාන්ත සහ සේවා යන අංශ තුනම පෙර වසරට සාපෙක්ෂව පිළිවෙළින් සියයට 2.4ක් සියයට 6.9ක් සහ සියයට 1.5ක සෘණ වර්ධන වේගයක් වර්තා කර ඇත.



අදහස් (1)

2020 අර්ථික 3.6 හැකිලෙයි

Aziz Wednesday, 17 March 2021 11:03 AM

බන්දුල හිටියොත් තව අවුරුදු 3කින් රට ඉවරයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාෂ්ට්‍රපති භවන්හීදී ජනපති ඉහලින් පිළිගනී
2024 දෙසැම්බර් මස 16 102 0

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (16) පෙරව


’’ ගෝල් මාවල්ස්’’ හිමිකරු යළි රිමාන්ඩ්
2024 දෙසැම්බර් මස 16 89 0

මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ’’ලංකා T 10 සුපර් ලීග්’’ ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකු


යතුරුපැදිය බසයේ ගැටී සිසුවිය මරුට
2024 දෙසැම්බර් මස 16 261 0

පියා සහ දියණිය ගමන් ගත් යතුරු පැදියක් අද(16) මහනුවර විලියම් ගොපල්ලව මාවතේදී පුද්ගලික බස් රියක ගැටීමෙන් යතුරු පැදියේ පිටුපස අසුනේ ගමන් ගත් 17 හැවිරිදි


පොලීසියේ තිදෙනා කැපූ සිද්ධියට තවත් තිදෙනකු අල්ලයි
2024 දෙසැම්බර් මස 16 378 0

පොලිස් නිලධාරීන් තිදෙනෙකු තියුණු ආයුධ වලින් කපා බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් තවත්පා සල් සංවර්ධන නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොල


වාලම්පුරියක්-බෙල්ලන් විකිණිමට ගිය දෙන්නෙක් මාට්ටු
2024 දෙසැම්බර් මස 16 131 0

ගුවන් හමුදා බුද්ධි තොරතුරක් මත අනුරාධපුරාධපුර රඹෑව ප්‍රදේශයෙදී ටයිටැන් වර්ගයෙ වාලම්පුරියක් හා විශේෂිත බෙල්ලන් දෙදෙනෙකු ලක්ෂ දහයකට අලෙවි කිරිමට සු


ජනපති ඉන්දීය රාජතාන්ත්‍රික සාකච්ඡා අරඹයි
2024 දෙසැම්බර් මස 16 392 0

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවතී සිටින නවදිල්ලි නුවර ITC MAURYA හෝටලය වෙත පැමිණි ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළ


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 179 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 189 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 95 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site