වසර 2020 වනවිට ශ්‍රී ලංකාවේ විදුලි දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
මෙහි සැලසුම් කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත අතර එහි ඉදිකිරීම් ලබන දෙසැම්බරයේ සිට ඇරඹීමට සැලසුම් කර ඇතැයි ද අමාත්‍යාංශය කියයි.
මෙම ව්‍යාපෘතියේ මුල් අදියර යටතේ වේයන්ගොඩ සිට පානදුර, වේයන්ගොඩ සිට පොල්ගහවෙල, රාගම සිට මීගමුව, කැළණිවැලි මාර්ගයේ මරදාන සිට හෝමාගම දක්වාත් විදුලි දුම්රිය සේවාව ආරම්භ කිරීමට නියමිතය.
පැයට කිලෝ මීටර් 100 ක ධාවන වේගයකින් ගමන් කළ හැකිවන පරිදි දුම්රිය මාර්ගය නවීකරණය කිරීම, නවීන විදුලි සංඥා පද්ධතියන් සවිකිරීම, ස්වයංක්‍රිය දුම්රිය ආරක්ෂක තිරිංග පද්ධතියක් හා නව දුම්රිය ස්ථාන 04 ක් ඉදිකිරීම මෙන්ම කොළඹ කොටුව සිට පානදුර දක්වා දුම්රිය මාර්ග3ක් මරදාන සිට රාගම දක්වා දුම්රිය මාර්ග 4 ක් හා මරදාන සිට හෝමාගම දක්වා දුම්රිය මාර්ග 2 ක් ඉදිකිරීම ද සිදුවන බව එම ව්‍යාපෘති අධ්යක්ෂ පාලිත සමරසිංහ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවත් හරියට නොමිලේ වයි-ෆයි , කාර්, මුලික වැටුපට 10,000, රැකියා 10 ලක්ෂයක්, වැට් නැති බඩු, වගේද එහෙමත් නැත්නම් ලොකු අයට දඩ නැති පොඩි මිනිස්සුන්ට දඩ ඇති මාරිග නීති වගේද? (ර)
දුම්රිය මාර්ග දෙකක් තිබුනානම් හොදටම ඇති. (ම)
දුවනවාට වඩා නවත්ත්වලා තියෙය් හැමදා, විදුලිය කපන නිසා. තව නොරෝච්චෝලයක් හැදුවානම්... (ර)
වැඩේ නම් හොදයි. ඔය වගේ අදහස් හා යෝජනා හැමදාම ගේනවා. කීයක් ක්‍රියාත්මක උනාද කියලා අධ්‍යනයක් කලොත් හොදයි නේද. (ර)
පැයට කිලෝමිටෙර් 100 වේගෙන්යන්න විදුලි දුම්රිය මොනවටද? රේල් පාරවල් හරියට වැඩිදියුණු කරන්න. විශේෂයෙන් කැළණි වැලි දුම්රිය මාර්ගය . (ර)
මේ නිව්ස් එකේ නියම අර්ථය වටහා ගෙන තියෙන්නේ සමන්ත මහතා පමණි. (ර)
දැනට පවතින දුමිරිය සේවාව වඩාත් කාර්යක්ෂම කලොත් හොදටම ඇති. මහනුවර - කොළඔ අතර එක් කාර්්‍යාල දුමිරියක් යෙදවීමට මෙතෙක් පත්වූ කිසිදු රජයක් හෝ ප්‍රවාහන ඇමතිවරයෙක් මුල් නොවීම රටෙිම අවාසනාවක් ලෙසයි දකින්නේ. මූලික අවශ්‍යතා ඉටු නොකර සිදුකරන ව්‍යාපෘති රටෙි දියුනුවට කෙතරමි ඵලදායි වෙිද යන්න සැක සහිතය. (ර)
ශ්‍රී ලංකාවේ ප්‍රථම දුම්රිය ධාවනය වුයේ 1864 කොළඹ සිට අඹේපුස්සට.මෙය ඉතා කාලෝචිත ක්‍රියාවක්.ඔය රාජගිරියේ ගුවන් පාලම හදනවට වඩා කැලනිවෙලි මාර්ගය ද්විත්වකරණය වඩා ප්‍රයෝගිකයි (ර)
හොද වැඩක් ...හොරකම් නොකර කරපල්ලා ...අාදායම චීනයට ...නොයන පරිදි අපේ ඉංජිනේරු තාක්ෂණයෙන් ...., (ම)
මෙවන් ව්‍යාපෘතියක් කිරීමට නියමිත නම් එම අනාගත ව්‍යාපෘති ගැන අවධානය යොමු කර නොවේද දැනට කරන නවීකරණයන් කල යුතු වන්නේ? (ම)
කවුරුත් කලබල වෙන්න එපා. මේ තියෙන තත්වය උඩ ඔය වගේ සංවර්ධන වැඩක් ජීවිතේට සිද්ධ වෙන්නේ නෑ. සැලසුම් සහා කතා විතරයි. (ර)
අනේ අපිට ලොකු දේවල් එපා. තියෙන දුම්රිය ටික වෙලාවට යන්න හදල දෙන්න (ර)
අප දුම්රිය සේවය මේ තියෙන විදිහටත් දිනකට ලක්ෂ හතරක් ප්‍රවාහනය කරනවා . ඉතින් මෙය මිලියනය දක්වා වැඩිකර පාරේ තදබදය අවමකර පරිසරයටත් හිතකර ලෙස ගමන් යමු. ව්‍යාපෘති කණඩායමට ඔබේ උපරිම සහය වචනයකින් හෝ ලබාදෙන්න. (ර)
හොඳ හොඳ යෝජනාත් අැහෙනව. හැබැයි ඒව ක්‍රියාත්මක වෙනබවක්නම් පේන්න නෑ.කටින් බතල හිටවල 2020 වෙනකොට හොඳ අස්වැන්ක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි. (ර)
අපි මිට අවුරුදු 30 කට ඉස්සර මෙය බලා ගෙන උන්නේ.එත් රටේ තිබුන තත්වය හොද නැති නිසානේ ප්‍රමාද උනේ. එතකොට තව අවුරු තුනකින් ඒකෙ යන්න පුළුවන්නේ. (ර)
මේක ඇත්තටම කරයිද? ඇත්තටම කලොත් කොළඹ ට්‍රැෆික් එක බාගෙට බාගයක් අඩුවේවි. (ර)
මම නම් මේකට සුබ පතන්නේ නැහැ. ඔක්කොටම කලින් තියන ටික ක්‍රමවත් කරන්න.මාතර සිට කතරගම හරහා මඩකලපුවටත් , අවිස්සාවේල්ල-රත්නපුර හරහා ගෙනවිත් එයද මීට යාකර මුළු රටම ආවරණය කර ඉවර වෙලා මේවා පටන් ගන්න. පොල්ගහවෙල සිට පානදුර දක්වා තවත් මාර්ගයක් ඉදි කරන්න. (ර)
ඔව්! විදේශිකයන් 1867 පටන් ගත්ත දුම්රිය නිදහස ලැබුන දා දක්වා දියුණු කර දුන්නත්, ඊට පස්සේ ඕක බාරගත්ත අය ශ්‍රී ලංකා දුම්රිය 1867 ටත් එහා අතීතය ට රැගෙන ගොස් තිබෙනවා. දුම්රිය විදුලියෙන් දිව්වත් ආකල්ප තවමත් බර කරත්ත යුගයේ. (ර)
දැනට තිබෙන දුම්රිය නිතරම වැඩ වර්ජන, නිතරම පීලි පනිනවා. ඔය දෙක පළමුව හදාගන්නේ නැතුව විදුලියෙන් හෝ පරමාණු බලයෙන් නැතිනම් එර්දියෙන් ගමන් කලත්, දුම්රිය පවතින්නේ කොට උඩ. (ර)
කොඉතරම් මුදල් කන්දරාවක් උවමනාද එහි බර දරන්න වෙන්නේ සාමාන්‍ය ජනතාවටය .යෝජනා කරන අය කොමිස් කුට්ටි ගණන් ගසා ගනීවි. (ර)
කටින් බතලකොල හිටවනවා කියන්නේ මේවට තමා. අහසේ මාලිගා හදනවා. කොළඹ පාරක් හරියට නද්දත්තු කරනවද දැන්? (ර)
ඉතා හොඳ යෝජනාවක්. ඉතා හොඳ ව්‍යාපෘතියක්. යහපත් ආරම්භයක ට යහපත්, උණුසුම් සුභපැතුම්! ලංකාවේ මුල්ම දුම්රිය 1867 අප්‍රියෙල් 26 දා කොළොඹ සිට නුවර දක්වා ගමන් කර ඇත. දැනට අවුරුදු 144 කට උඩදී. (ර)