ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය සංවිධානය කළ 43 වැනි ටී. බී. ජයා කුසලාන සමස්ත ලංකා අන්තර් පාසල් බොක්සිං තරගාවලියේදී පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල සම ශූරතාව ලැබීය. මෙම විදුහල් දෙකම ලකුණු 26 බැගින් සම ලකුණු ලබා ගැනීම ඊට හේතුව විය. මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල (ලකුණු 19) තෙවැනි ස්ථානය ලැබීය. කන්තලේ ගන්තලාව මහා විද්‍යාලයේදී පසුගියදා පැවැති මෙම තරගාවලියට දිවයිනේ පාසල් 43 කින් ක‍්‍රීඩකයෝ 205 දෙනෙක් සහභාගිවුහ. තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ පී. දෙල්පචිත‍්‍ර ද, දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩකයා ලෙස කෙන්ගල්ල මහා විද්‍යාලයේ එම්. පේසාල් ද සම්මාන ලැබුහ. අවසන් තරග ප‍්‍රතිඵල: ● කි.ග‍්‍රෑ. 33-35 බර පංතිය පී.පුෂ්පකුමාර (මහනුවර විද්‍යාර්ථ) විසින් එම්.පේසල (කෙන්ගල්ල මහා විද්‍යාලය) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 35-37 බර පංතිය ජී.ඩිල්ෂාන් (නුගේගොඩ ශා.ජෝන්) විසින් ජී.අසංක (කෙන්ගල්ල මහා විද්‍යාලය) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 37-39 බර පංතිය එම්.ද.සිල්වා (පානදුර ශ්‍රී සුමංගල) විසින් එල්. රත්නායක (මහනුවර විද්‍යාර්ථ) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 39-41 බර පංතිය එම්.පී.මධුෂංක (පානදුර ශ්‍රී සුමංගල) විසින් අයි.බණ්ඩාරවත්ත (ගම්පහ බණ්ඩාරනායක) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 41-43 බර පංතිය සී.ලක්පසිඳු (පේරාදෙණිය ම.වි.) විසින් එස්.නසාර් (කේරී) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 43-45 බර පංතිය එස්.ජී.ඩිල්ෂාන් (කන්තලේ වෙන්දාසපුරම්) විසින් ජී.පී.ලියනගමගේ (ඉංගිරිය ගාමිණී ම.වි.) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 44-46 බර පංතිය එස්.රූපසේකර (පේරාදෙණිය ම.වි.) විසින් එච්. සේල්ෆ (කටුගස්තොට ශ්‍රී රාහුල) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 46-48 බර පංතිය පී.සමරනායක (ඇලහැර ක.වි.) විසින් එම්.කරුණාසිංහ (පේරාදෙණිය ම.වි.) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 48-50 බර පංතිය එන්. විජේරත්න (විද්‍යාරතන) විසින් ඞී.සී.සිල්වා (පන්නල ජා.පා.) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 50-52 බර පංතිය එස්.සඳමාල් (විද්‍යාරතන) විසින් එන්. වික‍්‍රමසිංහ (මහනුවර ශා.සිල්වෙස්තර) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 52-54 බර පංතිය ඒ.පතිරණආරච්චි (නුගේගොඩ ශා.ජෝන්) විසින් සී.කවිඳු (වේයන්ගොඩ බණ්ඩාරනායක) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 46-49 බර පංතිය පී.දෙල්පචිත‍්‍ර (පානදුර ශ්‍රී සුමංගල) විසින් සී.එම්.මධුරංග (කන්තලේ ගන්තලාව ම.වි.) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 49-52 බර පංතිය පී.පුෂ්පකුමාර (පේරාදෙණිය ම.වි.) විසින් සී.පණ්ඩිතරත්න (කොළඹ රාජකීය) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 52-56 බර පංතිය එච්.හේමසිරි (වේයන්ගොඩ ශා.මේරි) විසින් ආර්.රත්නායක (රත්නපුර සීවලී) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 56-60 බර පංතිය එස්.නාපාගොඩ (වේයන්ගොඩ බණ්ඩාරනායක) විසින් ඩබ්.සිල්වා (පානදුර ශ්‍රී සුමංගල) පරාජය කරන ලදී. ● කි.ග‍්‍රෑ. 60-64 බර පංතිය ඞී.කුමාර (මහනුවර සිල්වෙස්තර) විසින් කේ.ප‍්‍රනාන්දු (වෙන්නප්පුව ජෝශප් වාස්) පරාජය කරන ලදී. ජායාරූපය: පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ සහ පානදුර ශ්‍රී සුමංගල විදුහලේ ක‍්‍රීඩකයෝ සම ශූරතාව ලබාගැනීමෙන් පසුව........
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්
අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්
අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
43 වැනි ටී. බී. ජයා කුසලාන බොක්සිං ශූරතාව සමව බෙදෙයි