
(අංජුල මහික වීරරත්න)
නාවින්න ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු වල වත්මන් තත්ත්වය පිළිබඳ නිරීක්ෂණය සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා එහි ගියේය.
මීට පෙර කුණු කන්දක් ලෙස පැවැති මෙම භූමිය, ජනතාවගේ ක්‍රීඩා අවශ්‍යතා වලට ගැලපෙන පරිදි නවීන පහසුකම් සහිත ක්‍රීඩාංගණයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට වේගවත්ව සිදු කෙරෙමින් පවතින බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය කියයි.
නිරීක්ෂණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව අවසන් කර දෙසැම්බර් මාසය වන විට ක්‍රීඩාංගණය ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇති බවයි.
මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම වෙනුවෙන් වෙන් කරගත් භූමිය මින් පෙර කසල දමා විනාශ වෙමින් පැවති භූමියක් වන අතර, කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා තිබූ බව අමාත්‍යවරයා කීය.
ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අවසන් වූ පසු කිසිදු ගෙවීමකින් තොරව ප්‍රදේශවාසීන්ට ක්‍රීඩකයන්ට සහ තරුණ තරුණියන්ට නිදහසේ ක්‍රීඩා කටයුතු වල නිරත වීමට හා විවේකය ගත කිරීමට අවස්ථාව හිමිවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd