IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


7 නොවදින 17 ක්...

අපි හත ගැන කතා කරන්නේ ලකී සෙවන් කියලා. හත ලකී වුණාට දාහත 'ලකී' ද 'අන්ලකී' ද කියලා හරියටම අපිට කියන්න බෑ. සුමනදාස හෝ මංජුල පීරිස් හෝ චන්ද්‍රසිරි බණ්ඩාර හෝ ඉන්දික තොටවත්ත හෝ එහෙමත් නැත්නම් අර රජීව් ගාන්ධිට තුවක්කු බටෙන් ගහපු උන්නැහේ හෝ කියන ජාතියේ සාත්තර කියන්න අපිට බැරි නිසා 2017 අවුරුද්ද මොකෙන් මොකක් වෙයිද කියලා අපිට කලින් කියන්න බෑ.

20161230sara-1මේ නිසා 2017 මේ වගේ වුණොත් හොඳයි කියලා අපිට පුංචි පුංචි ප්‍රාර්ථනා ටිකක් නම් තියෙනවා. ඒක නිසා අද අන්න ඒ අපේ අහිංසක ප්‍රාර්ථනා ටික ගැනයි ලියන්න කල්පනා කළේ.

මේ ප්‍රාර්ථනා දේශපාලනයටද, කලාවටද, ආගමටද, අරකටද මේකටද මෙකී නොකී සියල්ලටම අදාළයි. 2017 හැම පැත්තක් ගැනම අපිට ප්‍රාර්ථනා ටිකක් තියෙනවා. කිසිම පිළිවෙළකට නැතුව ඔළුවට එන අනුපිළිවෙලට ඒ ටික පෙළගස්සන්නම්.

නමෝ විත්තියෙන්ම අපි ප්‍රාර්ථනා කරපු 2016 අවුරුද්දේ හැමදෙනාගේම වගේ ලොකුම හීනය වෙලා තිබුණු කයිවාරු ගහපු තරමට ගේන්න බැරිවුණු යහපාලනය 2017 අවුරුද්දේ ඉතිරී පැතිරේවා කියලා. එහෙම වුණොත් නම් අපි ඉදිරියට ප්‍රාර්ථනා කරන්න යන ගොඩක් ප්‍රාර්ථනා ගෙඩිය පිටින් ඉෂ්ට වෙනවා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රටේ යහපාලනය රජයනවා නම් ඉතිං ආයේ මොනවද බඩුම තමයි එහෙනං.

2017 රටේ මහා බලාපොරොතුවක් වෙන්නේ 2016 සිද්ධ වුණා වගේ මහ බැංකු බැඳුම්කර වංචා සිදු නොවන අවුරුද්දක් වේවා කියලා. අපිත් ඒකට හවුල් වෙන්නේ යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍ය ගැන අනුකම්පා කරලා. ඒ වගේම ඇමතිලගේ වාහන වලට තරුණයෝ හැප්පෙන්නේ නැති තරුණ මන්ත්‍රීවරියන් ඩිෆෙන්ඩර් වලින් ඇවිත් මිනිස්සු පැහර නොගන්නා අවුරුද්දක් වෙන්න කියලත් පතනවා.

ඒ වගේම මිනිස්සු ගැන ඉවක් බවක් නැතුව පාරේ වාහන එලවලා මිනිස්සු මරණ ගායකයෝ කියා ගන්නා කාලකන්නි හමුනොවන, වයසක මිනිස්සුන්ට මූණ පොඩිවෙන්න පහර දෙන ගායකයෝ කියාගන්නා නපුංසකයෝ හමුනොවන අවුරුද්දක් වුණොත් හොඳයි.

දේශප්‍රේමය වෑහෙන දේශපාලනඥයන්ගේ ගෙවල්වලින් තරුණයන්ගේ මළසිරුරු හමුනොවන ඒ තරුණයෝ ව්‍යාග්‍රා පෙති ගත්තා කියලා කට කතා පැතිරෙන්නේ නැති, මහලු දේශපාලනඥයෝ වැඩි මාත්‍රාවෙන් ව්‍යාග්‍රා අරගෙන රටටම නෝන්ඩි වෙන්නේ නැති, හිරේට ගිය මන්ත්‍රීලට වෘෂණ කෝෂ තියන්නත් මෙට්ට හම්බවෙන සයිස් එකේ සැප නොලැබෙන හිරගෙවල් ඇති වෙන අවුරුද්දක් වීමත් වැදගත්.

20160830Sara-1දේශපාලනඥයන්ගෙන් පොලිස්පතිට හදිසි ටෙලිෆෝන් කෝල්ස් නොලැබෙන ලැබුණත් ප්‍රසිද්ධ රැස්වීම් වලදී ඒවාට ආන්සර් කරලා දෙකට නැමෙනවා දකින්න නොලැබෙන 2017 වෙන්නත් ඕන. නාවික හමුදාපතිලාගෙන් මීඩියාවල අයට ගුටිකන්න නොලැබේවා කියලත් ඒ එක්කම ප්‍රාර්ථනා කරනවා.

යහපාලනයට කරගහපු සිවිල් සංවිධානවල අයට යහපාලන ආණ්ඩුවේ ඇමතිලාගෙන් සත්තුන්ගේ නම් කියලා බනින කුණු බැණුම් අහන්න නොලැබෙන යහපාලනයට හදිසියෙන් එකතු වෙලා ආණ්ඩුවෙ ආයතනවලට රිංග ගත්තු මාධ්‍ය‘කාරයෝ, කලාකාරයෝ දකින්න නොලැබෙන වසරක් වීමත් හොඳ දෙයක්. මොකද ඩබල්ගේම් කාරයන්ට තවදුරටත් රටේ ඉහළින් වැජඹෙන්න ඉඩ ලැබුණොත් යහපාලනයක් නම් ඉතුරු වෙන්නේ නෑ.

ගොවි පුතෙක් ජනාධිපති පුටුවේ ඉන්න රටට පිට රටින් හාල් ගේන්නත් නොලැබුණොත් ඒකත් ලොකු දෙයක්. සුපිරි ඇමති කෙනෙක් වෙනුවට රටේ සියලුම මිනිස්සුන්ට සුපිරි මට්ටමට එන්න මග පෑදෙන ක්‍රමයක් හැදෙන්නත් ඕන.

අවුරුදු ගණනාවක් කයිවාරුවකට සීමා වුණු සිනමාව ඩිජිටල්කරණය වීම, ඇතුළු සිනමාවේ සියලු දෝෂ දුරුවීමත් අනෙක් සියලු කලා ක්‍ෂේත්‍රවල මුස්පේන්තුකම හේදිලා ගිහින් හොඳ තැනකට එන්නත් ඕන. නැත්නම් 2016 අත්දැකපු කලා වැඩ කියලා පෙන්නපු බහුභූත වලින්ම සැනසෙන්න වෙන්නේ.

'වොක්ස් වැගන්' කර්මාන්ත ශාලාව අපේ රටේ ඉදිවෙනවා කියලා 2017 දී පුංචි ළමයි නිදිකරවන්න කියන සුරංගනා කතාවක් නොවේවා. පරීක්ෂණවලදී විගණකාධිපතියට දේශපාලනඥයන්නේ බැණුම් අහන්නත් නොලැබේවා. ඉන්දියාවෙන් ලැබිච්ච ගිලන් රථ කතා කරන පමාවෙන් ලෙඩ්ඩු අරගෙන යන්නත් පැමිණේවා.

ලසන්තට, තාජුඩීන්ට තවදුරටත් ගොඩ එන්නයි වැළලෙන්නයි නොලැබුණොත් ඒකත් හොඳයි. ඒ අයට මොකද වුණේ කියලා 2017 දීවත් දැනගන්න ලැබේවා. ප්‍රගීත් එක්නැලිගොඩටත් වෙච්ච දේ ඒ එක්කම අහන්න ලැබෙන්න ඕන. චීන සමාගම් වලට අපේ රටේ දේවල් තොග පිටින් අයිති නොවේවා.

මේ අපි ප්‍රාර්ථනා කළේ පුංචි පුංචි දේවල් ටිකක්. මේවට අමතරව අනිත් අය මේ ලැයිස්තුව තවත් ලොකු කරගන්න. ඒ ඔක්කෝම ප්‍රාර්ථනා සියල්ල ඉටු වෙන්න කියලා මොනව හරි කරමු. කරන්නම දෙයක් නැත්නම් ෆෙංෂුයි කාරයට කියලා දෙවියෙක් යාළුකරගෙන ඒ දෙවියෝලව්වා හරි මේවා ඉටුකර ගමු. එහෙමත් නැත්නම් අර වාලම්පුරිකාරයාගේ වාලම්පුරියකින්වත් වැඩේ ගොඩ දා ගන්න බලමු.

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

7 නොවදින 17 ක්...

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 30 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 182 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 258 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 451 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 157 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 116 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26088 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site