IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


75ට සතිස්ගෙන් හොඳ වැඩක්

2016-12-11-ent-102

ප්‍රවීණ රංගන ශිල්පී, චිත්‍රපට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක හා තිරකතා රචක, සතිස්චන්ද්‍ර එදිරිසිංහ නම් වූ කෘතහස්ත කලා ශිල්පියාගේ කලා දිවියට වසර 55ක් පිරීම හා ඔහුගේ දිවියට වසර 75ක් පිරීමත් නිමිත්තෙන් අද දින (දෙසැම්බර් 11 වැනි දින) ප.ව. 3ට කොළඹ 10 ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී විශේෂ උත්සවයක් පැවැත්වේ.

2016-12-11-ent-103සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ සභාපතිත්වයෙන් යුත් මිහිඳු සංස්කෘතික පදනම විසින් පස්වන වරටත් පවත්වනු ලබන සුවඳ පද්ම උපහාර සම්මාන උළෙල හා ඔහු විසින් රචිත ග්‍රන්ථ 4ක් දොරට වැඩුම නිමිතිකොට ගෙන අද පැවැත්වෙන උළෙලේ දී දේශීය කලා ක්ෂේත්‍රයට සුවිශාල මෙහෙවරක් ඉටුකළ කලාකරුවන් 20 දෙනකුට සුවඳ පද්ම උපහාර සම්මාන පිදෙනු ඇත.

එම සම්මානයට පාත්‍රවන සුවිශේෂී කලා ශිල්පීන් වන්නේ හෙන්රි රාජකරුණා, තලංගම ජයසිංහ, ඒ.ඩී. රන්ජිත් කුමාර, නීතිඥ ඩබ්.ඒ. අබේසිංහ, ආචාර්ය රෝහණ වීරසිංහ, සුමින්ද සිරිසේන, මැණිකේ අත්තනායක, ස්වර්ණා මල්ලවාරච්චි, නිශ්ශංක දිද්දෙණිය ,රජිනි සෙල්වනායගම්, මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, නාමෙල් වීරමුණි, සිරිසුමන ගොඩගේ හා ජැක්සන් ඇන්තනීය.

තවත් වයෝවෘද්ධ ප්‍රවීණ කලා ශිල්පීන් පිරිසකට මූල්‍යමය තිළිණ සමඟින් සම්මාන ලබාදෙන බව මෙම පදනම කියා සිටී.

හෙළ කලා කෙත පෝෂණය කළ තම සහෝදර කලා ශිල්පීන්ට උපහාර පිදීමේ සුවිශේෂී වැඩසටහනක් නොකඩවා වසර පහක් මුළුල්ලේ පවත්වාගෙන එන එකම ලාංකික කලාකරුවා ලෙස සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් ඉටුකරනා මහඟු මෙහෙය සුළුපටු එකක් නොවේ.

“මම තරුණ කාලයේ සිටම යහපත් සිතිවිලි වැපිරීමට උත්සාහ කළ කෙනෙක්. නෙළාගත්තේ යහපත් ක්‍රියාවන්. එම ක්‍රියාවන් නැවත වැපුරෑ විට මම ප්‍රතිපත්ති නෙළාගත්තා. ඒවා යළිත් වැපුරුවා. එහි ප්‍රතිඵලයක් වු‍ණේ යහපත් චරිතයක් නෙළාගැනීමට හැකිවීම. ගොඩනඟාගත් චරිතය යළිත් වැපිරීම නිසා යහපත් අධිෂ්ඨානයක් නෙළාගන්නට පුළුවන් වුණා,” සතිස්චන්ද්‍රයන් කීය.

මෙවැනි කෘතවේදී උත්සවයක් සාර්ථකව අඛණ්ඩව වසර 5ක් පවත්වන්නට අනුග්‍රහ දැක්වූ සියලු ආයතන හා පුද්ගලයින් හට ඔහුගේ ප්‍රණාමය පුදකරන්නට ද ඔහු අමතක කළේ නැත.

වසරක් පාසා සිසු දරු දැරියන් යහගුණ සපිරි පුරවැසියන් බවට පත්කිරීම සඳහා ඔහු විසින් රචිත පොත්පත් තුළින් සිදුවන මෙහෙය මිල කළ නොහැක්කකි. ඔහුගේ කෘති තුළින් සාරධර්ම, අධ්‍යාපනය, පරිසරය සුරුකීම හා කෘතවේදීත්වය දරුවන් මෙන්ම වැඩිහිටියන් ද එක්තරා ප්‍රමාණයකට දැනුම්වත් කරනු ලැබේ.

“යහපත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මානසික ශක්තිය හා බුද්ධි බලය ඇතමුන් හට මගේ ශක්ති ප්‍රමාණයෙන් ලබාදීමට හැකිවීම මම අතිශයින්ම සතුටට පත්වෙනවා.”

පසුගිය වසර කීපය තුළ සුවඳ පද්ම උපහාර සම්මානයට පාත්‍රවූ ඇතැම් ප්‍රවීණ කලා ශිල්පීන් අද ජීවිතයෙන් සමුගෙන තිබෙනවා. ඒ අතරින් සිරිල් ධර්මවර්ධන, බැසිල් ද සේරම්, විමල් කුමාර ද කොස්තා, ප්‍රේමදාස විතානගේ, සුසිලා කූරගම, චන්ද්‍රසිරි කොඩිතුවක්කු සුවිශේෂී වේ. සතිස්චන්ද්‍රයන් කලා ලෝකයට පිවිසෙන්නේ වේදිකාව හරහාය. වෙස්සන්තර, ශ්‍රී වික්‍රම, ලියතඹරා, මනරන්ජන වැඩවර්ජන, සයුරෙන් ආ ළඳ වැනි නාට්‍ය හරහා සිය රංගන ප්‍රතිභාව ප්‍රකට කළ සතිස්චන්ද්‍ර බකතපස්, හොටබරි යුද්දෙ, සොක්කානෝ රජානෝ ඇතුළු නාට්‍ය ගණනාවක් නිෂ්පාදනය කළේය.

‘සම්පත’ චිත්‍රපටයෙන් සිනමා නළුවෙකු ලෙස රංගන ජීවිතය ඇරඹූ ඔහු පසු කළෙක තිරකතා රචකයකු හා අධ්‍යක්ෂකවරයකු ලෙසද ප්‍රතිභාවය පිළිබිඹු කළේය. සම්මාන රුසකට හිමිකම් කී ඔහු හුලවාලි, රජගෙදර පරෙවියෝ, ශ්‍රී මදාරා වැනි චිත්‍රපටවල තිරකතා රචකයා වූයේය. 1973 දී %මාතර ආච්චි^ තුළින් සිනමා අධ්‍යක්ෂකවරයෙකු ලෙස අවතීර්ණ වූ ඔහු ඉන්පසු රජගෙදර පරවියෝ, ශ්‍රී මදාරා, සතර දිගන්තය, අධිෂ්ඨානය වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේද ඔහු රංගන ශිල්පියෙකු හා අධ්‍යක්ෂකවරයකු ලෙස පෙළහර දැක්වූයේය. පළිඟු මැණිකේ, ටිකිරි නිලමේ, කෝකිල ගින්න, මොණරවිල, නාමල් ගොල්ල, බෝපත් සාක්කි, උතුවන් කන්දේ සරදියෙල් ඇතුළු ටෙලි නිර්මාණ රුසක ඔහු රංගනයෙන් දායක වූයේය. සතිස්චන්ද්‍ර එදිරිසූංහ නම්වූ මේ ප්‍රවීණ කලා ශිල්පියා සැබවින්ම අපූර්ව මිනිසෙකි.

සුවඳ පද්ම සම්මාන උළෙලකදී නිකුත් කළ සමරු කළඹක වරක් ප්‍රවීණ තිරකතා රචක සෝමවීර සේනානායක මෙවන් අදහසක් පළ කර තිබුණා. “මිණිකැට යටගොස් තිරුවානා බැබළෙන සමයක, ගොමරිටි වියැළී සුළඟේ පාවෙන විට, ඒ මල්ය, සමනළයන්ය කියන සමයක, සැබෑ කලාවත්, කලාකරුවනුත් වෙත සුවඳ පද්ම පිදීම පිළිබඳව අපගේ ගෞරව ප්‍රණාමය...”

 

රමේෂ් උවයිස්

 



අදහස් (0)

75ට සතිස්ගෙන් හොඳ වැඩක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 6457 3

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 4943 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 919 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1318 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 3174 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 4144 11

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40180 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26008 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 274 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1330 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site