IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


Dangal

2016-12-29-ent-01වසර දෙකකට පසුව බොලිවුඩ් සිනමාවට යළි පිවිසෙන අමීර් ඛාන්ගේ අලුත්ම චිත්‍රපටය "දංගල්" එළැඹෙන දෙසැම්බර් 23 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කෙරෙයි. දෙසැම්බර් මාසයේ තිරගත වන සුපිරි චිත්‍රපටයක් වන "දංගල්" වසර පුරා බොලිවුඩ් සිනමාලෝලින් පුලපුලා බලා සිටි බොලිවුඩ් චිත්‍රපටයක්ද වේ.

 

නළුනිළියන්

මෙහි ප්‍රධාන චරිතය වන "මන්වීර් සිං" චරිතයට පණ පොවනු ලබන්නේ අමීර් ඛාන් විසිනි. ඔහුගේ බිරිඳ සෝභා කෞර් ලෙස ජනප්‍රිය ටෙලි නාට්‍යය නිළි සාක්ෂි තන්වීර් රංගනයෙන් දායක වන්නීය. "මන්වීර් සිං" හා "සෝභා කෞර්" යුවළගේ දරුවන් වන "ගීතා" ලෙස ෆාතිමා සානාද, "බාබිතා" ලෙස සාන්යා මල්හෝත්‍රාද රංගනයේ යෙදෙති. ඔවුන්ට අමතරව රාජ්කුමාර් රාඹ්, අෆ්රාශක්ති කුරාණා, සුහානි බතන්ගර්, සයිරා වසීම්, ගිරේෂ් කුල්කර්ණි, විවන් භාටේනා මෙහි එන සෙසු චරිත සඳහා රංගනයෙන් දායකව වෙති.

 

සෙසු සහයකයන්

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ නිතේෂ් තිවාරිය. නිෂ්පාදන දායකත්වයෙන් අමීර් ඛාන්, ඔහුගේ බිරිඳ කිරන් රාඹ්, %යු.ටී.වී^ රූපවාහිනි නාළිකාවේ හිමිකරු සිද්ධාර්ත් රෝයි කපූර් මෙහි සම නිෂ්පාදනයෙන් දායක වෙති. ඇඳුම් නිර්මාණයෙන් මැක්සිමා බාසුද, කැමරාකරණයෙන් සත්‍යජිත් පාණ්ඩේද, සංස්කරණයෙන් බිල්ලු සලුජාද දායක වෙති.

 

කතාව

මන්වීර් සිං ඉන්දියාවෙන් බිහිවූ දක්ෂ මල්ලවපොර ශූරයෙකි. ඔහු සමගින් සෝභා කෞර් විවාහ වී සිටියි. මන්වීර් සිහින දකින්නේ ක්‍රීඩාවේ මෞලී මංගල්‍යය වන ඔලිම්පික් උලෙළට සහභාගි වී රන් පදක්කමක් දිනාගැනීමටය. එහෙත්, අවාසනාවන්ත ලෙස ඔහුට එම සිහිනය සඵල කර ගැනීමට නොහැකි වෙයි. කෙසේ වෙතත්, ඔහු මල්ලවපොර ක්‍රීඩාවට ඇති කැමැත්ත හා ආදරය නිසා මන්වීර් සිංගේ දියණියන් වන ගීතා හා බාබිතා මල්ලවපොර ක්‍රීඩාවට යොමු කරයි. ගීතා හා බාබිතා වරක් පිරිමි ළමයෙකුට පහර දී නිවසට පැමිණෙන විට මන්වීර් මෙම ක්‍රීඩාවේ බරපතළකම තේරුම් ගනියි. වැරදි වැටහීමක සිටින තම දරුවන් දෙදෙනා නිසි පුහුණුවක් නොලැබීම හරහා මෙසේ දරදඬුව සිටින බව පෙනි යයි. පසුව ඔහු විසින් සිය දරුවන්ට පුහුණු කරන්නට පටන් ගනියි. ඔහුගේ පුහුණුව තම ගීතා හා බාබිතා දෙදෙනා ඔලිම්පික් ක්‍රීඩා උලෙළ සඳහා සුදුසුකම් ලබාගනියි.

 

රූපගත කිරීම්

"දංගල්" චිත්‍රපටයේ සියලු රූපගත කිරීම් කටයුතු සිදු කොට ඇත්තේ ඉන්දියාවේය. කවදත් ඉන්දියාවේ සුන්දර පරිසරයට ප්‍රියකරන අමීර් චිත්‍රපටය සැලසුම් කළ කාලසීමාවේදීම මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා ස්ථාන වෙන් කරගෙන තිබුණ බව සඳහන් වෙයි. ඉන්දියාවේ පන්ජාබ් නගරයත්, දිල්ලි, පුනේ හා මහාරෂ්ට් ප්‍රාන්තයේද මෙම චිත්‍රපටයේ සියලු රූපගත කිරීම් කටයුතු සිදුකොට ඇත.

 

විශේෂත්වය

අමීර් ඛාන් මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂක නිතේෂ් තිවාරිද බොලිවුඩ් සිනමාවට "දංගල්" හරහා යළි පැමිණෙන්නේ වසර 2කට පසුවය. අමීර් ඛාන් අවසන් වරට "පීකේ" චිත්‍රපටයට දායකව සිටි අතර, නිතේෂ් අවසන් වරට අධ්‍යක්ෂණය කර තිබුණේ 2014 වසරේ තිරගත වූ "කිල් බිල්" චිත්‍රපටයය. චිත්‍රපටයේ අමීර් ඛාන්ගේ බිරිඳ ලෙස චරිත නිරූපණය කරන සාක්ෂි තන්වීර් බොලිවුඩ් චිත්‍රපටය ප්‍රධාන චරිතයක් නිරූපණය කරන පළමු අවස්ථාව මෙය වේ. අමීර් ඛාන් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන නමවැනි බොලිවුඩ් චිතපටයද මෙය වේ. එමෙන්ම අඩු නිෂ්පාදන පිරිවැයකින් %දංගල්^ චිත්‍රපටය නිම කර තිබීමද විශේෂත්වයකි.

 

නළුනිළියන් තෝරා ගැනීම

මන්වීර් සිංගේ දියණියන් වන බාබිතා හා ගීතා දෙදෙනාට ෆාතිමා හා සන්යාට කලින් අක්ෂාරා හසන් (කමල් හසන්ගේ බාල දියණිය), ටප්සි පන්නු, දික්ෂා සේත් යන යොවුන් නිළියන් තිදෙනාගේ නම් යෝජනා වී තිබුණි. එමෙන්ම මන්වීර් සිංගේ බිරිඳගේ චරිතයට මුලින්ම යේජනා වී තිබුණේ මල්ලිකා ෂෙරාවත්ය. එමෙන්ම මන්වීර් සිංගේ සොහොයුරා ලෙස රාජ්කුමාර් රාඕ රඟන චරිතයට පෙර යෝජනා වී තිබුණේ ජනප්‍රිය යොවුන් බොලිවුඩ් නළු අයේෂ්මන් කුරාණාය.

 

සංගීතය

මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත්තේ "ෆිල්ම් ෆෙයාර්" සම්මානලාභි ප්‍රිතම් චක්‍රබොර්තිය. චිත්‍රපටයේ පසුබිම් ගායනයට සර්වර් ඛාන්, ෂැඩි අහමඩ්, රෆ්තාර්, ජොනිතා ගාන්ධි, කීතා ගාන්ධි සම්බන්ධ වී සිටිති. මෙහි ඇතුළත් "දාකඩ්" ගීතය මේ වනවිට "යු ටියුබ්" වෙබ් අඩවිය හරහා මිලියන 55කට අධික පිරිසක් නරඹා තිබෙන අතර, එය බොලිවුඩ් ගීත දර්ශක කිහිපයකද මුල්ස්ථාන අතරට පැමිණ තිබේ.

 

නිෂ්පාදන දායකත්වය

මෙම චිත්‍රපටයේ වැඩි නිෂ්පාදන මුදලක් වියදම් කොට ඇත්තේ අමීර් හා කිරන් රාඕ දෙදෙනාට අයත් "A" ප්‍රඩක්ෂන් ආයතනය බව සඳහන් වේ. සිද්ධාර්ත් රෝයි කපූර් සිය රූපවාහිනි නාළිකාව හා නිෂ්පාද ආයතන හරහා මෙම චිත්‍රපටයේ සියලු බෙදාහැරීම් කටයුතු සිදු කොට තිබේ.

 

තිරගත කිරීම්

"දංගල්" චිත්‍රපටය දෙසැම්බර් 23 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා සිනමා ශාලා 3427ක් තුළ ප්‍රදර්ශන කිරීමට නියමිතව ඇත. විනාඩි 169ක් පුරා දිවයන මෙම චිත්‍රපටය මේ වසරේ බොලිවුඩයේ තිරගත වන අවසන් චිත්‍රපටය වේ. මෙම චිත්‍රපටය තිරගත වෙන දිනයට කිසිදු බොලිවුඩ් චිත්‍රපටයක් තිරගත නොවීම විශේෂත්වයකි. මෙම චිත්‍රපටයෙන් පසුව නැවතත් බොලිවුඩ් චිත්‍රපටයක් ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ජනවාරි 06 වැනිදාය. ඒ කොමන්ඩෝ 2" චිත්‍රපටයයි.



අදහස් (0)

Dangal

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 17 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 158 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 182 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 406 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 153 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 106 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26088 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site