IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


'Finding Dory' ඊඒපී මණ්ඩලයේ

ජුනි මස 17 වැනිදා සිට ඇමෙරිකාවේ තිරගත වීම ඇරඹුණු දැනටමත් ඇ.ඩො. මිලියන 200කට ආසන්න ආදායමක් වාර්තා කර තිබෙන සුපිරි සජීවීකරණ චිත්‍රපටයක් ලෙස "Finding Dory" දැක්විය හැකිය.

ළඟදීම සැවෝයි සිනමා ශාලාවේ තිරගත වීමට නියමිත මෙම නවතම චිත්‍රපටයට පිරිවැය වශයෙන් වැයවී ඇති මුදල ඇ.ඩො. මිලියන 200කි. සෙල්ෆි සංස්කෘතිය හඳුන්වා දුන් එලන් ඩෙජෙනරස්, ඇල්බට් බෘක්ස්, හේඩ්න් රෝලන්ස්, එඩ් ඔ‘නීල්, කයිට්ලින් ඕල්සන් ප්‍රධාන චරිත සඳහා හඬ නළු දායකත්වය ලබාදෙන මෙහි කතා පුවත දිව යන්නේ ඩෝරි නම් මාළුවෙකු තම දෙමවුපියන් සොයා යන ත්‍රාසජනක ගමන වටාය. ලින්ඩ්සේ කොලින්ස්ගේ සම නිෂ්පාදනයෙන්ද, ඇන්ඩෘ ස්ටැන්ටන්ගේ අධ්‍යක්ෂණයෙන්ද නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ කතාව අධ්‍යක්ෂ ස්ටැන්ටන්ගෙනි.

තිර රචනයද අධ්‍යක්ෂ ස්ටැන්ටන් සහ වික්ටෝරියා ස්ට්‍රවුස්ගෙනි. හාස්‍යයෙන් පිරි සුපිරි ත්‍රිමාණ සිනමාපටයක් වන මෙම චිත්‍රපටය, ජෙරමි ලැස්කිගේ සිනමා කැමරාකරණයකි. ජනප්‍රිය සිනමා සංගීතඥ තෝමස් නිව්මෑන් මෙහි සිනමා සංගීතය මෙහෙයවා ඇත.කෙසේ වෙතත් චිත්‍රපටය දැනටමත් විචාරකයන්ගේ ප්‍රශංසාවට හේතුවී ඇති මෙය 2003 වසරේදී තිරගත වූ Finding Nemo නම් අධ්‍යක්ෂ ස්ටැන්ටන්ගේම චිත්‍රපටයක දෙවැනි කොටස වේ.

 



අදහස් (0)

'Finding Dory' ඊඒපී මණ්ඩලයේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 130 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 189 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 182 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 212 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1198 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 786 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25492 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site