කෞෂල්‍ය පතිරණගෙ නිර්මාණයක්. එය කෙටි චිත්‍රපටයක්. ලංකාවෙ මිනිස්සුන්ට කෙටි චිත්‍රපට දුරස් වුනත් කෙටි චිත්‍රපටයත් ලංකාවත් අතර කිට්ටුවන්ත සම්බන්ධතාවයක් තියෙනවා. ඒ දිනෙන් දින නව නිර්මාණ සමග එන කෙටි චිත්‍රපට කරුවන් නිසායි.
මෙය එක් පසුතලයක් සහ එක් නිළියක් යොදාගෙන සිදුකළ නිර්මාණයක්. එහි නම Have a nice day. සමනලී ෆොන්සේකාගෙ රංගනය ඔස්සේ 2013දී නිමැවුනු මෙම නිර්මාණය කතා කරන්නෙ අනාගතේ දවසක් ගැන. අනාගතේ දවසක ගබ්සාව නීතිගත වුනොත් ලංකාවට මොනව වෙයිද?
ඔබේ හිතේ ඒ සම්බ්න්ධ අදහසක් තිබෙනවාද? එසේනම් ඔබ මෙම නිර්මාණය නැරඹිය යුතුමයි. එවිට ඔබට ඔබේ සිතැඟි ගලපා ගැනීම පහසු වේවි.
ඔබේ සිතේ ඒ සම්බන්ධ අදහසක් නැතිද? එසේනම් Have a nice day ඔබ නැරඹිය යුතු වන්නේ එම අදහස් ගොඩනැගාගැනීමට උත්පාදක මුල් එහි ඇති නිසායි.
Have a nice day නම් වූ සුබපැතුම මෙම නිර්මාණය පුරාම ඇතුළත් වුනත් ඇත්තටම අනාගතයේ දවසක අපගේ ජීවිතවලට nice කියන්න පුළුවන් කමක් තියෙයිද?
නිර්මාණයක කාලය, එය ආලෝකවත් කළ ලයිට් ප්‍රමාණය, එහි කැමරාව මොබයිල් ෆෝන් කැමරාවක්ද? සුපිරි රෙඩ් කැමරාවක්ද?, නළු නිළියන් ගණන හෝ ලොකේෂන් පිළිබඳ නොසිතා සිනමාත්මකව සිතිය යුතු මෙම මිනිත්තු දොළහක කාලය වඩා මානුෂීය හෙටකට දොර හරිනු ඇත.
රචින්ත ජයවර්ධන
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
Have a nice day - Short Film