"දියමත ලියමි","ගඟ අද්දර", "භාර්යාවෝ" වැනි ටෙලිනාට්‍ය කිහිපයක නිෂ්පාදනයෙන් දායක වූ ඇය star events ආයතනයේ ප්‍රධානියාද වන්නේය. සුධර්මා නෙත්තිකුමාර නම් වූ ඇයගේ මීළඟ වැඩකටයුත්ත වන්නේ මේ මස 15 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සවස 7.00ට පැවැත්වෙන Next Gen සංගීත ප්‍රසංගයයි. මේ කතාබහ ඒ පිළිබඳවයි
ප්‍රසංගය ගැන මුලින්ම කතා කළොත්?
කිර්ති පැස්කුවල් මහතා මේ ප්‍රසංගය කරද්දි තමයි මුලින්ම මම බලන්න ගියේ. ඉතිං මම එහිදී අලුත් පරපුරේ අයගේ දක්ෂතා දැක්කා. ඇත්තටම ඒ දෙමව්පියන්ටත් වඩා සමහර දරුවන් දක්ෂයි. මට ඒ ගැන සතුටු හිතුණා. මේ අපේ අනාගතය. ඒ අයට අපි ඉඩක් ලබාදිය යුතුයි. මම ඒ ප්‍රසංගය පවත්වනවා. මෙහිදී කීර්ති පැස්කුවල් සහ ඔහුගේ පුතා කසුන්, සංගීත් වික්‍රමසිංහගේ පුතා සනුක, සමිතා මුදුන්කොටුව හා ඇගේ දියණිය කාවින්ද්‍යා, නුවන් ගුණවර්ධන හා ඔහුගේ පුතා ගයාන්, රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා ඔවුන්ගේ දියණියන් වන රයිනි හා වින්ඩි, චාන්දනී හෙට්ටිආරච්චි හා ඇගේ දියණිය ජැක්ලීන්, අමල් පෙරේරා හා ඔහුගේ පුතා නදීමාල්, මායා දමයන්ති හා ඇගේ දියණිය කුෂානි සදරේඛා, රනිල් මල්ලවආරච්චි හා ඔහුගේ පුතා පවන් මල්ලවආරච්චි එකම වේදිකාවක ගීත ගායනා කරනවා. ඒක වෙනස් අත්දැකීමක් වෙයි. මේක මව්පියන්ටයි ඔවුන්ගේ ප්‍රතිභාසම්පන්න දරුවන්ගෙයි දක්ෂතා දක්වන්න හොඳ අවස්ථාවක් වෙයි. ඒ වගේම මේ ප්‍රසංගයෙන් ලැබෙන ආදායමෙන් කොටසක් කඩුවෙල කොතලාවල මධ්‍ය මහා විද්‍යාලයට අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම වෙනුවෙන් යොදවන්න මම කටයුතු කරනවා.
පසුගිය කාලයේ ඔබේ ආයතනයෙන් ප්‍රසංග රැසක් සංවිධානය කළා නේද?
ඔව්. රූකාන්ත චන්ද්‍රලේඛා ප්‍රසංගය සංවිධානය කළා. නිරෝෂා විරාජනීගේ ප්‍රසංගයක් සංවිධානය කළා. සෝනු නිගම්ගේ ප්‍රසංගය සංවිධානය කළා. එය ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසංගයක්. ඒ නිසා එයට ජාත්‍යන්තර ප්‍රමිතියේ ශබ්ද විකාශන යන්ත්‍ර හා ආලෝකයන් භාවිත කළා. ඉන්පසු අමරදේවයන්ගේ 86 වන ජන්ම දිනය වෙනුවෙන් ප්‍රසංගයක් සංවිධානය කළා. එය මට අමතක නොවන අත්දැකීමක්. මුදල්වලින් ගන්න බැරි ආත්මතෘප්තියක් එයින් මම ලැබුවා.
මේ වන විට ටෙලිනාට්‍ය නිෂ්පාදනයෙන් ඈත්වෙලාද ඉන්නේ?
නැහැ. අපි කොතරම් හොඳ නිර්මාණ කළත් එය ජනතාව අතරට ගෙන ඒමට කලක් ගත වෙනවා. ටෙලිනාට්‍ය සඳහා විශාල පෝලිමක් තියෙනවා. මම නිෂ්පාදනය කළ තවත් ටෙලිනාට්‍ය විකාශය වීමට නියමිතවත් තිබෙනවා. ඉන්පසු මාගේ නිෂ්පාදන දායකත්වයෙන් තවත් ටෙලි නිර්මාණ සිදුවේවි.
ඉදිරි කටයුතු ගැන කතා කළොත්?
මේ වසරේම තවත් ජාත්‍යන්තර සංගීත ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලංකාවේ කලාකාරිනියන්ගේ ප්‍රසංගයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.
නිදුක් මදුෂික
දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
Next Gen සංගීත ප්‍රසංගය