IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


Tomorrowland නියෝජනය කිරීමේ අවස්ථාව ලාංකිකයින් දෙදෙනෙකුට

2016-06-21-ent-67

ලොව විශාලතම ඉලෙක්ට්‍රොනික සංගීත උලෙළ වන "Tomorrowland" ජාත්‍යන්තර සංගීත උලෙළ නියෝජනය කිරීමේ අවස්ථාව ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකික Dj සංගීත ශිල්පීන් දෙදෙනෙකුට හිමිව තිබේ. ඒ "Sun Fm" ගුවන්විදුලියේ "Black Stryder හෙවත් ජෙරාඩ්ට සහ දිල්ෂාන් නම් Dj සංගීත ශිල්පීන් දෙදෙනාටය. ඔවුන් "SELECTRO" නම් නාමය යටතේ මෙම උලෙළ නියෝජනය කිරීමට නියමිතය. "Tomorrowland" ජාත්‍යන්තර සංගීත උලෙළ සඳහා ලෝකයේ Dj ශිල්පීන් 200ක් පමණ සහභාගී වන අතර, එහි ශ්‍රී ලාංකික නියෝජනයක් සිදුවන පළමු අවස්ථාවද මෙයයි. මෙම උලෙළ හෙට (22දා) දින බෙල්ජියමෙහි පැවැත්වීමට නියමිතය. මේ පිළිබඳව කතාබහ කිරීමට "SELECTRO" සමාගමේ නිර්මාතෘ වන ජෙරාඩ් සහ දිල්ෂාන් සමගින් "අද" ඒකාත්මික විය.

 

ජෙරාඩ්

2016-06-21-ent-68මෙම ජාත්‍යන්තර ප්‍රසංගය පිළිබඳ හැඳින්වීමක් කළොත්?

Tomorrowland Music Festival කියන්නේ Annual Event එකක්. ලෝකයේ දැනට තියෙන ලොකුම Electronic music festival එක තමයි මේක. මේක 2005 දී තමයි පටන් ගත්තේ. ඊට පස්සෙ 2005 ඉඳන් හැම අවුරුද්දකම ලොකුවට කරගෙන එනවා. 2015 දී ඒ අය ආසියාවේ එක DJ කෙනෙක්ට අවස්ථාවක් දුන්නා. ඒ ඉන්දියාවේ DJ කෙනෙක්, ශාන් කියලා. එයාගෙන් පස්සෙ අපිට තමයි ආසියාවේ දෙවැනි වතාවටත්, ලංකාවෙන් පළමුවැනි වතාවටත් DJ ලා විදිහට Preformed කරන්න ආරාධනා ලැබුණේ.

 

මේ සඳහා ආරාධනා ලැබුණ විදිහ ගැන පැහැදිලි කළොත්?

මෙහෙමයි. ඇත්තටම කිව්වොත් අපිට ඒකට කෙළින්ම Apply කරන්න බැහැ. අපි කරන වැඩත් එක්ක තමයි අපේ පසුබිම හැදෙන්නේ. අපි දැන් ලංකාවේ හිටියට අපි කරන වැඩ Touch කළේ International Level එකට. Mixcolud කියලා වෙබ් අඩවියක් තියෙනවා. ඒකට අපිට දාන්න පුළුවන් අපේ Radio Show එකක් Host කරලා. ඒක අපිට podcast එකක් විදිහට Upload කරන්න පුළුවන් සතිපතා. ලෝකේ ඉන්න ඔක්කෝම Dj කරන අය එතන තමයි ඇවිල්ල Upload කරන්නේ. එතැනින් මිනිස්සු අහලා, එකේ listenership එක වැඩි වුණාම අපිව එතැනින් උඩට යනවා. Progressive chart එකේ අපේ Radio Show එක දෙපාරක් පළමු තැනට පත්වුණා. එය අහන කට්ටිය 5000කට වැඩි ප්‍රමාණයක් අපේ Show එක එක දවසක් ඇතුළත අහලා තියෙනවා.

දැනට ලෝකයේ ඉන්න Top Level Djs 100 ඇතුළෙ ඉන්න අය අපේ Radio Show එක Like කරලා තිබුණා. ඉතිං එතන recognition එක වැඩියි. අනිත් එක තමයි International collaboration, International අයට අපි හදපු bootlegs, Remixes International අය Play කරලා තියෙනවා. ඒවා BBC Radio වල පවා ප්‍රචාරය වෙලා තියෙනවා. Electronic Music වලට සම්බන්ධ ලෝකයේ ඇති ලොකු Channel වල අපි කරනු ලැබූ Remixes වගේ ප්‍රචාරය වෙලා තියෙනවා. ඉතිං ඒ හරහා තමයි Tomorrowland Music Festival සඳහා අවස්ථාව එන්නේ.

 

Tomorrowland Music Festival සඳහා දායක වෙන්නේ කුමක් හෝ නාමයක් යටතේද?

අපි දෙන්නාගේ දායකත්වයෙන් යන DJ Duo එකට තමයි කියන්නේ SELECTRO කියලා.

 

SELECTRO පිළිබඳව පැහැදිලි කිරීමක් කළොත්?

අපි මේක පටන් ගත්තේ, මමයි මගේ යාළුවෙක් වන නිරෝ කියල කෙනෙකුයි. 2006 හෝ 2007 වර්ෂයේ වගේ තමයි මේක Product එකක් විදිහට පටන් ගත්තේ. අවුරුද්දක් විතර යනකොට මගේ අනික් Partner නැති වුණා. ඊට පස්සෙ තමයි ඩිලූ එකතු වුණේ. එයා මම එක්ක පොඩි කාලෙ ඉඳන්ම දන්න යාළුවෙක්. එයාව සෙට් වෙන්නෙ නිරෝ නැතිවුණායින් පස්සෙ. ඊට පස්සෙ 2008 ඉඳලා 2016 දක්වා අපි දෙන්නා තමයි මේක දිගටම කරගෙන එන්නේ. අනතුරුව අපිට එකතු වෙනවා ලහිරු කියලා කෙනෙක්. එයා අපිට සෙට් වෙන්නේ, මම වැඩ කරන්නේ Sun Fm එකේ, ඉතිං ලහිරු එන්නේ Official Photographer විදිහට. එයාවයි මාවයි එකට හම්බවෙලා කතාබහ කරලා තමයි මේ Full Management කතන්දරය බාරදෙන්නේ. ඒ කියන්නේ Promote කරන්න සහ International Level එකට යන්න. මොකද මේ වගේ Project එකක් තනි මනුස්සයෙක්ට හසුරුවන්න හරි අමාරුයි. Social Media, Network Site, Web Site එතකොට Accounting වගේ ලොකු ලොකු පැති මේකෙ තියෙනවා. මමයි දිලුයි කරන්නේ මියුසික් පැත්ත Follow කරන එක තමයි. Radio Shows Host කරන එක, Mixes හදන එක, Event Play කරන එක, මේ ඔක්කෝම අපි දෙන්නා කරන්නේ. ඉතිං ලහිරුව අපිට අවශ්‍ය වෙන්නේ අපේ අනිකුත වැඩකටයුතු සඳහායි. කාලයක් ගියහම අපේ Team එකේ General Manager Post එකට දැම්මා.

 

SELECTRO කියන්නේ ආයතනයක්ද?

SELECTRO කියන එකේ Category එක යන්නේ DJ/Producer කියන Category එකේ. ඒකෙ අපි දෙන්නා Play කරන්නේ Back to Back. ඒ කියන්නේ එකම Console එකේ Back to Back විදිහට තමයි යන්නේ. ඒකට කියන්නේ Duo එකක් කියලා. Category හරියටම වැටෙන්නේ Duo එකක් විදිහට. එහෙම නැතිව Band එකක්වත්, තනි Dj කෙනෙක්තවත් නෙමෙයි. Tomorrowland Music Festival හිදිත් අපි Duo එකක් විදිහට තමයි Play කරන්නේ. SELECTRO තමයි වැඩියෙන්ම භාවිත වෙන්නේ. හැබැයි අපේ Own Company එක ඇවිල්ලා, ඒ කියන්නේ අපේ ඔක්කෝම සහ Management යන Company එක තමයි EDM Life කියන එක. ඒක පටන් ගත්තෙත් මමයි, ලහිරුයි, දිලුයි තමයි. ඒක මගේ Management Company එක විදිහටත්, සංගීත කටයුතු යන Duo එක විදිහට SELECTRO යන්නේ.

 

මෙවැනි ජාත්‍යන්තර වැඩකටයුත්තක් සඳහා දායක වීම පිළිබඳව දැනෙන්නේ මොකද්ද?

ඇත්තටම ආඩම්බරයි. අපේ ඉලක්කය තිබ්බේ Management එක පටන් අරගෙන අවුරුදු 03ක් ඇතුළත International Level එකේ ලොකු Festival එකක හරි, ලොකු Event එකක හරි Play කරන්න. ඒක තමයි තිබ්බ සිහිනය සහ අරමුණ. දැනට අපි සාර්ථකයි කියලා පෙන්නලා තියෙනවා.

 

 

දිලූ

 

2016-06-21-ent-69SELECTRO සඳහා ඔබේ දායකත්වය?

මම මුලින්ම තාත්තත් එක්ක තමයි Dj කළේ. තාත්තත් එක්ක Private Parties, Weddings, Birthday Party Play කළා. ඊට පස්සෙ ටික කාලයක් ගිහිල්ලා ජෙරාඩ්ව හම්බ වුණා. එයා තාත්තගේ යාළුවෙක්ගෙ Crew එකක තමයි Play කර කර හිටියේ. අපි දෙන්නා හම්බවෙනකොට 2006 වගේ කාලයේදියි. ඊට පස්සෙ 2008දී වගේ තමයි SELECTRO පටන් ගත්තේ. එහිදී අපි ලංකාවේ Hits Club වගයක් Play කළා. ඊට පස්සෙ Event වගයක් Play කළා. ඊට අමතරව සිංදු වගයක් හැදුවා.

 

Dj ශිල්පියෙක් විදිහට අවතීර්ණය ගැන මතක් කළොත්?

තාත්තගෙන් තමයි මම Dj කෙනෙක් වෙන්නෙ. තාත්තා ඒ දවස්වල කැසට් වලින් Dj කළේ. ඉතිං මමත් ඉපදුනේ සිංදුත් එක්ක තමයි. මොකද තාත්තට රෙකෝඩ්බාර් එකකුත් තිබුණා. Sounds, Console ඔක්කෝම තිබුණ නිසා ඒවයින් මමත් පටන් ගත්තා. තාත්තාගෙත් තමයි මූලිකත්වය. ඊට පස්සෙ යාළුවොත් උදව් කළා. පාසල් යන කාලේ ඉඳන්ම Dj කරනවා. පාසල් යන ගමන් Beach Party වලටත් ගිහිල්ලා පාසල් යන වෙලාවලුත් තියෙනවා. ඒ වගේ තමයි Dj කෙනෙක් වුණේ.

 

මෙවැනි ජාත්‍යන්තර වැඩක් සඳහා දායක වීමට ලැබීම ගැන මොකද හිතෙන්නේ?

හොඳයි. අපි ගොඩක් කල් ඉඳන් මොකක්හරි Event එකක හරි, Club එකක හරි Play කරන්න ආසාවෙන් හිටියෙ. ලංකාවේ කවුරුත් එහෙම ලොකුවට දෙයක් කරලා නැති නිසා සහ අපිත් අවුරුදු ගාණක් මේ ක්ෂේත්‍රයේ ඉන්න නිසා අපේ දක්ෂතාවන් එක්ක බැලුවේ මොනාහරි දෙයක් කරගන්න. ඊට පස්සෙ මේ අවස්ථාව හම්බුණා. ඉතිං මේ දේත් එක්ක දැනට තියෙන ප්‍රතිචාරත් හොඳයි. යාළුවොත් සුභ පතනවා. වාසනාවකට තමයි මේ වගේ දෙයක් ලැබුණෙ.

 

2016-06-21-ent-66



අදහස් (0)

Tomorrowland නියෝජනය කිරීමේ අවස්ථාව ලාංකිකයින් දෙදෙනෙකුට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 16 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 34 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 938 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1374 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2055 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 509 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site