IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


World Miss University සඳහා ලංකාව නියෝජනය කළේ මම

2016-03-31-ent-85

නිරූපණ ක්ෂේත්‍රයේ නවකයෙකු වුවත් ඇය මේ වන විට තම රටට ආඩම්බරයක් ගෙන දී තිබේ. 2016 World Miss University තරගයෙන් 06 වැනි ස්ථානයට පත් ඇය ප්‍රමෝදි කෞශල්‍යායි. ඇය මෙම තරගය පිළිබඳව සහ අනෙකුත් තොරතුරු පිළිබඳව අප සමග මෙසේ පැවසීය.

 

2016-03-31-ent-99ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

මගේ සම්පූර්ණ නම ප්‍රමෝදි කෞශල්‍යා. මට දැනට අවුරුදු 22යි. දැනට මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. 2016 World Miss University Pageant එක සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මම ඉදිරිපත් වුණා. ඒ තරගයෙන් 06 වැනි ස්ථානය කළේ හම්බ වුණා. ඒවා තමයි ඉතිං විස්තර.

 

එම තරගය පිළිබඳව කතා කළොත්?

මෙය පැවැත්වුණේ චීනයේ. මේ සඳහා රටවල් 70ක් පමණ දායක වුණා. විශ්වවිද්‍යාල ළමයින්ගෙන් තමයි මෙය පවත්වනු ලැබුවේ. මෙහි ප්‍රධාන තේමාව වුණේ සාමය පිළිබඳවයි. හැම රටකින්ම ලෝක සාමය ගෙනයන්න තමයි මේ දේ සංවිධානය කරල තිබුණේ. එම තරගයේදී පළමු ස්ථානය හිමිකර ගත්තේ පේරු රටයි.

 

මේ සඳහා අවස්ථාව ලැබුණේ කොහොමද?

මට මේ සඳහා අවස්ථාව ලැබුණේ Modeling Bank එකෙන්. ඒ අයගේ තේරීම් තිබිලා තමයි මාව තෝරා ගත්තේ.

 

විශ්වවිද්‍යාල මට්ටමෙන් පවත්වනු ලැබූ මෙම තරගයට ඔබට අවස්ථාව ලැබුණේ කොහොමද?

මම OCBT විශ්වවිද්‍යාලය තුළ වෙළෙඳ කළමනාකරණය පිළිබඳව උපාධිය හදාරනවා. ඒක නිසා තමයි මට මේ අවස්ථාව හිමිවුණේ.

 

ඔබ නිරූපණ ශිල්පිනියක් ලෙසත් පෙනී සිටිනවා නේද?

මෙහෙයි, මට නිරූපණ ක්ෂේත්‍රයට යන්න වෙලාවක් තිබුණෙ නැහැ. රැකියාව සහ ඉගෙනීමේ වැඩකටයුතුත් සමග කාර්යය බහුල නිසා. ඒකත් එක්ක අතරින්පතර ලැබෙන වෙලාවල් අනුව තමයි දායක වුණේ. හැබැයි දැන් වැඩියෙන් දේවල් සඳහා දායක වෙන්න වෙලා තියෙනවා. ඉතිං ඉස්සරහට බලමු.

 

නිරූපණයද, ව්‍යාපාර කළමණාකරණයද වෘත්තිය වෙන්නේ?

ඇත්තම කිව්වොත් මගේ ඉගෙනීමේ කටයුතු වලින් තමයි ඉදිරියට යන්න හිතන් ඉන්නේ. මොකද අනිවාර්යෙන්ම අවශ්‍ය දෙයක් තමයි ඒක. විනෝදාංශයක් විදිහට තමයි මම නිරූපණයට ඇතුළු වුණේ.

 

නවකයෙක් විදිහට ක්ෂේත්‍රය පිළිබඳ දකින්නේ කොහොමද?

මෙහෙමයි, මේ ක්ෂේත්‍රය හොඳයි. හැබැයි ඒ ගැන එක එක මට්ටමෙන්, එක එක විදිහට හිතන කට්ටිය ඉන්නවා. තමුන්ට හරියට ඉන්න පුළුවන් නම්, තමාගේ ගෞරවය ආරක්ෂා කරගන්න පුළුවන්නම් නිරූපණ ක්ෂේත්‍රයේ විතරක් නෙමේ ඕනෑම තැනක ඉන්නත් පුළුවන්.

 

"තමුන්ට හරියට ඉන්න පුළුවන් නම්" කියන එකේ අර්ථය මොකක්ද?

සාමාන්‍යයෙන් නිරූපිකාවක් කිව්වොත් හැමෝගෙම මතයක් තියෙන්නේ වැරදි පැත්තට. ඒ වගේ මතයක් ගොඩනගා ගන්නෙ නැතුව ඉන්න පුළුවන්කමක් තියෙන්න ඕන. හැමෝම හොඳත් නැහැ, හැමෝම නරකත් නැහැ.

 

හැමෝම නිරූපණ ක්ෂේත්‍රය තෝරගන්නේ ඇයි? ලේසි නිසාද?

ඇත්තටම ඉස්සරට වැඩිය දැන් ගොඩක් තරුණ අයගේ කැමැත්ත තියෙන්නේ නිරූපණයට. ඒක හොඳ දෙයක්. මොකද අලුත් මුහුණු වගේම අලුත් අත්දැකීම් ලැබෙන නිසා. මම හිතන්නේ තමන්ට දක්ෂතාවය තියෙනවානම්, ඕනෑම කෙනෙක්ට එන්න පුළුවන්. හැබැයි ක්ෂේත්‍රයට එනවානම් දෙයක් ඉගෙනගෙන එන්න ඕන. එහෙම නැතුව එකපාරටම ඇවිල්ලා දෙයක් කරන්න ගිහින් අපහසුතාවට පත්වෙනවාට වැඩිය හොඳයි තමන් දෙයක් ඉගෙන ගෙන ක්ෂේත්‍රයට එන එක.

 

නිරූපණයට දැනීමත් සමග එන්න ලංකාව තුළ පහසුකම් තියෙනවාද?

ඇත්තම කිව්වොත් නැහැ. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. සාමාන්‍යයෙන් අපිට Pageant එකට යන්න මෙහෙදි පුහුණුවීමක් ලැබෙනවා. නමුත් ඒ රටවල්වල පොඩි වයසේ ඉඳන්ම නිරූපණ පුහුණුවීම පිළිබඳව හදාරන්න පුළුවන්. අවාසනාවකට ලංකාවේ ඒ වගේ දෙයක් දකින්න නැහැ. හැබැයි ඉදිරියේදී ගොඩක්දුරට ඒ පහසුකම ලැබෙයි කියලා හිතනවා.

 

සහභාගී වූ Pageant එකේදි ලැබුණු අත්දැකීම් පිළිබඳව කතා කළොත්?

කවදාකවත් ලබාගන්න බැරි අත්දැකීමක් තමයි හම්බ වුණේ. එතැනදී රටවල් 70ක යාළුවෝ හම්බ වුණා. අපි සති තුනක් එකට හිටියා. ඉතිං කණ්ඩායම් ක්‍රියාකාරකම් වැනි දේවල් තුළින් ඔවුන් තවත් හිතවත් වුණා. ආයෙත් get-together එකක් තියන්න ඉන්නවා. ඒ වගේ අත්දැකීමක් ලබාගන්න පුළුවන් වුණ එක වාසනාවක්.

 

මෙවැනි විශ්වවිද්‍යාල මට්ටමේ Pageant එකක් ලංකාව තුළ සංවිධානය කරන්න බැරිද?

ඒ වගේ Pageant එකක් ලංකාවේ තවම හරියට තිබ්බෙ නැහැ. හැබැයි දැනට සැලසුම් කරගෙන යනවා ඉදිරියේදී ලංකාවේ ඔක්කෝම විශ්වවිද්‍යාල වලින් සිසුන් එක්කෙනෙක්වත් තෝරගෙන එකක් තියන්න. 2017 University Pageant එකට යවන්න කෙනෙක් එයින් තෝරන්න පුළුවන්.

 

සහයෝගය සඳහා හිටපු අය ගැන සඳහන් කළොත්?

මගේ අම්මා තාත්තා, මගේ යාළුවෝ. ඒ වගේම මට නම්වලින් කියන්න බැහැ. හැමෝම සහයෝගය දැක්වූවා. මට උදව් කරපු හැමෝටම මේ අවස්ථාවේදී ස්තූති කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - ඉසුරු පෙරේරා 


ada

2016-03-31-ent-84
2016-03-31-ent-86
2016-03-31-ent-87  
2016-03-31-ent-89
2016-03-31-ent-90
2016-03-31-ent-91
2016-03-31-ent-92
2016-03-31-ent-93
2016-03-31-ent-94
2016-03-31-ent-95
2016-03-31-ent-96
2016-03-31-ent-97
2016-03-31-ent-98

 

 



අදහස් (0)

World Miss University සඳහා ලංකාව නියෝජනය කළේ මම

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 140 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 841 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1767 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1127 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 467 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 285 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38043 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25054 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 789 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site