IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


අ'පුර ඇසිඩ් නඩුව විභාගෙට

උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් මහතාට ඇසිඩ් ප‍්‍රහාරයක් එල්ල කොට එක් ඇසක් අන්ධ කර බරපතල තුවාල කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ආයුර්වේද වෛද්‍යවරයාට, හිටපු යුද හමුදා සෙබළාට සහ මාළු වෙළෙන්දාට ලබන නොවැම්බර් 11 වැනි දා වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා නියෝග කළේය.

මින්නේරිය  ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයකු වන සුසිරි වික‍්‍රමසිංහ, හිටපු යුද හමුදා සෙබළෙකු වන නුවන් කුමාර සහ මාළු වෙළෙන්දෙකු වන කේෂිත හසාන් මේ නඩුවේ චෝදනා ලැබ සිටිති.

උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් මහතාට අනුරාධපුරයේදී ඇසිඩ් ප‍්‍රාහාරයක් එල්ල  වූයේ  2013 වසරේ පෙබරවාරි 22 වන දිනයි. අපරාධය සිදු කළ සැකකරුවන් සිද්ධියෙන් දින නවයක් ඇතුළත අත් අඩංගුවට ගැනිමට එවකට උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව  සිටි දකුණු පළාත බාර වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාගේ මෙහෙයවීම මත ක‍්‍රියාත්මක වු අනුරාධපුර කොටිඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.එම්.රත්නායක මහතා ඇතුලූ  පොලිස් නිළධාරිහූ කණ්ඩායමට හැකි විය.

ඇසිඩ් ප‍්‍රාහාරයෙන් බරපතල  තුවාල ලැබූ වෛද්‍ය කුමාර අල්විස් මහතාට ප‍්‍රතිකාර කළේ විශේෂඥ අක්ෂි  වෛද්‍ය චරිත් ෆොන්සේකා මහතායි. පසුව අල්විස් මහතා ශල්‍ය කර්මයක් සදහා සිංගප්පුරුවේ පිහිටි රෝහලකටද රැගෙන ගියේය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලාන් රත්නායක මහතා සමඟ රජයේ නීතිඥ කුසිකා කුමාරිසිරි මහත්මිය පෙනි සිටියාය. පළමු වන විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස් මහතා පෙනි සිටි අතර දෙවන සහ තුන්වන විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ ලෙවිකේ බාඩාර මහතා මහතා පෙනි සිටියේය.



අදහස් (0)

අ'පුර ඇසිඩ් නඩුව විභාගෙට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 121 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 296 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 300 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 611 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


පොලිසියේදී පී සී ගේ ගිනි අවිය පත්තුවෙයි
2024 සැප්තැම්බර් මස 20 525 0

වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන


මැකෝ කළුතර මැතිවරණ කටයුතු නිරීක්ෂණ කරයි
2024 සැප්තැම්බර් මස 20 372 0

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 120 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site